අද මගෙ ජීවිතේට මහ එපා කරපු දවසක්. මං දන්නෙ නෑ මට එහෙම හිතෙන්නෙ ඇයි කියලා. සමහර විට මේ සිද්දීය ඒ හැටි ලොකු දෙයක් නෙමෙයි කියලා කාටහරි හිතෙන්න පුලුවන්. නැත්තං ඕක ඔය හැටි ගනන් ගන්න දෙයක් නෙමෙයි කියලත්සමහරැ හිතයි. නමුත් මට දුක මං නිසා මේකට අහක හිටපු කෙනෙකුට වෙච්ච හිත රිදවීම ගැනයි. අපි කෙලින්ම කතාවට එමුකො. මෙන්න මේකයි සිද්ධිය.
මේ ආසන්න දවසකදි අපේ පාසලේ බිග් මැචි එක පැවැත්වෙනවා. පාසල මොකක්ද කියලා කියන්න ඕන නැහැ. බිග්මැචි කාලෙට ඉතින් හැම පාසටක්ම වගේ පූර්ව ප්‍රචාරණ වැඩසටහන් කරනවනෙ. ඉතින් ඒ නිසා ඕකට මේ දවස් වල විවිධ විදියෙ ප්‍රචාරණ වැඩසටහන් කිහිපයක් අපේ පාසලෙනුත් කරගෙන යනවා. මුහුණු පොතේ පවා මේ ගැන දැනුවත් කිරීම් කරන්න අපේ පාසලේ සහෝදර සහෝදරියන් කටයුතු කරනවා. අද දහවල් අපේ පාසලේ සහෝදරයෙක් මට පණිවිඩයක් එවලා තිබුණා මුහුණු පොතේ හදුනාගන්නා රෑපය සදහා මේ දින කීපයට පාසලේ ධජය දාමු කියලා. ඔය නිදහස් දිනේට ගෙවල් වල අපේ ජාතික කොඩිය දානවා වගේ කියලා හිතාගන්නනො. අපිට අකුරු කරන්න සෙවන දීපු පාසල නිසා ඉතින් කොහොම හරි ඔය වැඩේ අපි කලා කියමුකො. පාසලේ වෙබ් සයිට් එක කරගෙන යන්නෙත් මං නිසා මමත් මේ වැඩේට බැහැලම මගෙ සපොර්ට් එක දුන්නා. ඒ මොකද මං මගේ පාසලට ආදරෙයි. දැං ඔයාලා කියන්න එපා ඔය දෙයින් මොකක්ද ඇති පලේ කියලා. ඒක පුංචි අහිංසක වැඩක් විතරයි පාසලේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු.
මං ඉතිං හවස දෙකේ විතර ඉදන් මුනු පොතට වෙලා එන එන යාලුවන්ට චැටි එකෙනුත් පණිවිඩ මගිනුත් ඉල්ලීමක් කරා මේ විදිහට කරන්න කියලා. ඇත්තටම බොහොම සංතෝසයි ගොඩක් දෙනා හරිම ආසාවෙන් ඒ මොහොතෙම ප්‍රතිචාර දක්වන්න ක්‍රියා කලා. සමහර දෙනෙක් විවිධ ප්‍රශ්න කිරීමි වලින් පස්සෙ සහයෝගය දුන්නා. තවත් සමහරැන්ට පොඩි පොඩි උපකාර එහෙමත් දෙන්න උනා. සමහරැන්ට මේක විහිලුවක් වගෙත් පේන්න ඇති. ඒවා ඉතිං මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බැහැනෙ. මං වැරදිලා වෙන පාසල් වල මිතුරන්ට යැවුවම ඔවුන් බොහොම සුහදව කියනවා මං මේ පාසලේ නොවෙයි කියලා. නමුත් එක සහෝදරයෙක් කීවා මෙහෙම. අයියා මේක මගෙ පාසල නොවුනට මගේ අම්මගෙ තාත්තගෙ සහෝදරයගෙ පාසල ඒ නිසා මං ඒ වෙනුවෙන් දාන්නමි කියලා.
නමුත් මට ගොඩක්ම කලකිරිමකට මුහුණ දෙන්න වුන සිද්ධියක් සිදු වුනා. අපේ පාසලේම සහෝදරියකට මං මේ ඉල්ලීම කරලා චැටි මැසේජ් එකක් යැව්වා. මේ කියන කෙනා හැබැයි මං වැඩිය දන්න කියන කෙනෙක් නෙමෙයි. නමුත් මං ඉතාම ලගින් ආශ්‍රය කරන මල්ලි කෙනෙක්ගෙ හිතවත් කෙනෙක් කියලා මං දැනගෙන හිටියා. කොහොම හරි මගේ පලමු පණිවිඩයට ප්‍රතිචාරයක් නැති නිසා මං කලේ නැවත msg එකක් යැවුවා. මට ඒකෙ අමුත්තක් තිබුණෙ නැහැ මොකද කිහිප දෙනෙක්ටම ඔය දේ කල නිසා. නමුත් මේ සහෝදරිය දෙවන වර මගේ පණිවිඩයට පිලිතුරැ ලෙස දැක්වුයේ ප්‍රතික්ෂේප කිරිම. ඔය පිලිතුර අද දවසට කීප දෙනෙක්ගෙන් බොහෝ වාරයක්ම ලැබුණ නිසා මම ආපහු පණිවිඩයක් මොනවද ඉගෙන ගත් පාසලට ගවුරවයක් විදිහට සලකලාවත් මේ වැඩේ කරන්න බැරිද කියලා. නමුත් ඇගේ පිලිතුර වුනේ පාසලට ගවුරව කරන ආකාරය ඈ හොදින් දන්නා අතර මා එක කියා දීම අනවශ්‍ය බවත්ය. තවද ඈ මෙම පාසලේ සිටියේ වසර එකහමාරක් පමණ කාලයක් බවත් එසේනම් තමාගේ පාසල වසර එකොලහක් ඉගෙනගත් පාසල නිසා එයට මීටත් වඩා ගරැ කරනා බවත්ය. ඒබැවින් කෙසේවත් අප මගේ ඉල්ලීම ඉටු නොකරන බවත් කීය. මා දුර දිග නොසිතා කල දේට කිහිප විටක් සමාව ඉල්ලුවද ඇ ඒ සදහා ප්‍රතිචාර දැක්වීමෙන්ද වැලකී සිටියාය. සමහර විට ඇය, මා මානසික රෝගියෙකු ලෙස දකින්නට ඇත.
සොයුරිය, වැරදුනේ මටය. මෙයින් මා ලැබූ කිසිදු වාසියක් නොමැත. අඩුම ගානේ මට මේ වෙනුවෙන් අබ ඇටයක දෙයක් හෝ නොලැබේ. හුදෙක් පාසලේ නම ජනප්‍රිය කිරීමේ වෑයම වෙනුවෙන් අප සොයුරන් කිහිප දෙනෙකුගේ අහිංසක උත්සහයට දායක වීමෙන් මා හට අවසානයේ සිදුවූයේ මගේ සිත රිදවාගන්නටය. ඒ නුඹ මා සමග අමනාප වු නිසානම් නොවේ. මගේ ක්‍රියාව නිසා සිදුවූ දෙයින් අපහසුතාවට පත්වූයේ මට ඔබ හදුන්වා දෙන්නට කටයුතු කල, එකකුස නූපන්නත් මගේම සොයුරා ලෙස සලකන ඔහු නිසාය. මගේ කියු දැයින් නුබේ සිත රිදුනානම් මට සමාව දෙන ලෙස ඉල්ලමි. මගේ උත්සාහයේ ප්‍රතිඵල මා ඇස් පනාපිටම අත්දකින නිසා සිත පතුලේ ඇති සතුටට මෙය බාධාවක් නොවන බව පමණක් මම අදහමි.
මෙම ලිපිය මුල සිට අගටම කියවූයේනම් ඇතැම් විට මෙහි කිසිවක් නොමැති බැව් ඔබට වැටහෙනු ඇත. නමුත් ඒ තුල බොහෝ දේ තිබේ.
වැරදි ඇයද, මම ද? මම ඔබෙන් අසමි. තීරණය ඔබට බාර කරමි.