ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

සත්‍යය....

තුෂාරයේ තුහින පටල ඉරාගෙන
හිරුමඩල නැගෙන සද
හැමදාම හමුවුණු ඔය නිල් දෙනෙතට
සත්තයි මං ආදරේ කලා....

මුවගින් නොකීවත්
දෙනෙතින් හොරෙන් කිවු රහසට
මටත් නොදැනීම වාගේ
සත්තයි මං ආදරේ කලා.....



සුවද මල් පිපුණු මාවතේ 
දෑත් පටලා ඇවිද නොගියාට
රහසින් හමුවී නොදෙඩුවාට
සත්තයි මං ආදරේ කලා.....

මගේ ආදරේ හැර දමා
ඔහුගෙ සෙවනට ගියත්
සදාකාලික මගේ ලෝකය වූ නුඹට
සත්තයි මං ආදරේ කලා.....

11 ඔබගේ අදහස..:

මට අඬන්න මේ තරම් කඳුලු මගෙ ළග තියෙනවද..අනේ සත්තමයි මං හුගක් විඳවනවා..මගෙන් ඔයා ඈත් වෙලා..ඒත් මං විඳින දුක මං ඔයාට කියනවා..ඒ මාව තේරුම් ගත්ත එකම කෙනා ඔයා නිසා.
මට ඉගිල්ලෙන්න කියා දීලා,,හැමදාම ඈත ඉදන් බලා ඉන්න ඔය ඇස් වල තියෙන ආදරේ මට දැනෙන්නේ මහ මෙරක් වගේ,,අනේ ඒත් මගේ අවාසනාවට දෛවය අපිව ඈත් කලා..
මං කඳුලු හෙලාවි හැමදාම..

 

වචන නැ කොල්ලෝ....

 

මල්ලියෝ........

ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්නේ නෑ. ඒත් මට එක දෙයක් ඔයාගෙන් අහන්න තියෙනවා.....මේ ආදරේ ඔයාගෙ කරගන්න ඔයා සටන් කලාද ? මම අහන්නේ අන්තීම මොහොත වෙනකම්ම ?

 

lassanai machan.......... Athtamai

 

මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නෑ ..චන්දික.
ආදරය අපිට සතුට දෙනවා වගේම..මොන තරම්..දුකකුත් දෙනවද....

 

අපිට ලැබුනු දෙයට වැඩිය නොලැබුණු දෙය වැඩියි වගේ අහිමිවීම.... කොච්චර නම් දුකද්ද?

 

ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. රවා අයියා, දිල් අක්කා, චමි අයියා වගේම නිල් අහසයි සොබාදහමයි මේ හැමෝම මට ලොකු ශක්තියක්...ගොඩක් ස්තුතියි..Anonymous යාලුවටත්....

ඒත් ඔයාට මං මොකක්ද කියන්නේ........

 

යොවුන් වියේදී ආදරය සුන්දරයි වගේම විරහව වේදනාවක්. වේදනාව ගොඩක් වෙලාවට කෙනෙක්ට ගොඩබිමක් පෙන්වට ප්‍රදීපාගාරයක්‍ වගේ.

 

මතකය සුන්දරයි සැමදාමත් මචං......නෙ?

 

ආදරය සුන්දර වරදකි ...
කිසිදා සමාවක් නම් නැති …

එහෙනම් ඇයි අපි හැමෝම,
ආදරය කරන්නේ ..?
ආදරය හොයන්නේ …?

ඒ අපි හැමෝම ආදරයට හරිම කෑදර හින්ද කියලයි මං නම් හිතන්නේ...
මචං මට උඹේ වේදනාව තේරුම් ගන්න...
උඹව ලඟින් ආශ්‍රය කරන්න ඕන නෑ …
උඹේ මේ පද ටික ඒ හැම දෙයක් ම මට කියනව....

ඒත් තව මොනව කියන්න ද කියල මට තේරෙන්නේ නෑ..
මගේ දිව ගොළු වෙල මොහොතකට …

 

Post a Comment