ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

වැලපීම......

නුඔ නැතිවා තමයි
කුමක් කරනුද මා....
වැලපෙනු බැහැ මට
ලොවට හොරෙන් මිස.....
යලියලිත් නෙතු ගැටෙනා කල
ඉස්සර මෙන් අප
යනෙනා මග තොට
නුඹ නෙතු මා අභිමුව.....
දුක සගවා ගමි
ආයාසෙන් වුව.....

13 ඔබගේ අදහස..:

සිනහව අතරින්, කදුලක් .....උපන්දා....

 

මල්ලි ලස්සනයි...

දුක සගවා ගමි
ආයාසෙන් වුව.....
නැවත කෙදිනක හො...
නුඹව දැකගන්නට
පෙරුම් පුරනා නෙතට..
අඳුනකි ඔබෙ රුව..

මල්ලි සිතුවිලි අතර අතරමං වෙන්න එපා..
විභාගෙ කොහොමද කො ඔයා ඉතින් කිව්වෙ නැහැනෙ.. ඔයා මොකද්ද කරන විභගෙ කියලා.

 

@රවා
අය්යා...ඔන්න දැන් හරි...විභාගෙ ඉවරයි...I'm uni student. Now my first year exam is over. දැං ඉතින් මං ටිකක් නිදහසේ මගේ සිතුවිලි එක්ක අතරමං වෙන්නම්....

 

හොදට විභාගේ ලිව්වද? දැන් එහෙනම් දිගටම ලියන්න

 

ලස්ස්නයි...දුක තියෙන, දැනෙන හින්දා තමා අපි සතුට දකින්නෙ... වැඩිය හිතන්න යන්න එපා..

 

චන්දික මල්ලියො......ඔයයි මමයි එකම බෝට්ටුවෙ නිසා ඔයාගේ දුක මට දැනෙනවා...හැමදාමත් කියනවා වගෙ මල්ලිට කාලය තියෙනවා.....දරාගෙන ඉන්න...

exams ඉවර නිසා කොල්ලා නිදහස් නේද ? ඔය කට්ට මාත් කෑවනෙ....

 

@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
මොනවා කරන්නද? පුලුවන් විදියට ලියලා ආවා....

@කරුමක්කාරයා
ඇත්ත. අපිට දුක දැනෙන නිසා තමයි සතුටට මේ තරමි අපි ලෝභ.

@දිල්
අනේ මන්දා අක්කා. මං ඔන්න ඔහේ පුලුවන් විදියට ලියලා ආවා. මමත් ඉතින් හැමදාම ඔයා කියන්නා වගේ කාලය විසදුම් දෙනකම් බලාගෙන ඉන්නවා... වෙන මොනා කරන්නද?

 

අපේ ආදරය මොන විදියට ප්‍රතික්ෂේප වී ගියත්, අපි ‍‍කොහොමද.. හිත පුරාවටම ඇතිවුනු ආදරය, මරලා දාන්නෙ. ඒකයි අපි.. හිමි නැති බව දැන දැනත්, තව තවත්.. ආද‍රය කරන්නේ.

 

ඔබ හරියටම හරි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට කවුරැ හරි ආදරය ප්‍රකාශ කරාම බොහෝවෙලාවට වෙන්නෙ ආදරය ප්‍රකාශ කරපු කෙනාව විහිලුවට ලක්කරන එක දෙවන කෙනා විසින්...අඩුගානේ ඒ ඉල්ලීම කරපු කෙනාගෙ හිත නොරිදෙන විදිහට ප්‍රතික්ෂේප කරන්නවත් සමහරු දන්නෙ නෑ. ඒ වගේ දේවල් ඉතින් ගොඩක් වෙලාවට කෙලවර වෙන්නෙ කදුලු කතාවකින් තමයි.

 

චන්දික මල්ලී,
දිල් කියපු ඔය බෝට්ටුවේ අපි කවුරුත් ජීවිතයේ කවරදාක හරි ඉඳල තියෙනව...මාස ගාණකට කළින් මාත් එහෙමයි..
එහෙම නොඉඳපු අය ඇත්තේ හරිම අතළොස්සක්. ඒ අය වාසනාවන්තයොද නැද්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි එක දෙයක් නම් මං පැහැදිලිවම කියන්නම්. ඔය කියන බෝට්ටුවේ හිටපු කෙනෙක්ගෙ හරි ඉන්න කෙනෙක්ගෙ හරි ආදරය ලබන කෙනා හරිම වාසනාවන්තයි. මොක ද ඒ අය විරහ වේදනාව හොඳින් ම අත් විඳපු අය නිසා... එහෙම කෙනෙක් ආයේ තව කෙනෙකුට දුකක් දෙන්න කැමති නොවන නිසා...

මට ඔයාගේ හිත තේරුම් ගන්න පුළුවන්..මොකද මමත් ඔය විදිහේ අත් දැකීමකට මුහුණ දීපු කෙනෙක් නිසා ...
ජීවිතයට ගලාගෙන යන්න ඉඩ දෙන්න මල්ලී...
කාලයා විසින් අපටත් නොදැනීම ඔය තුවාල, ලප කැළැල් සනීප කරන බව විතරක් මතක තියා ගන්න.
උඹේ කලින් නිසදැසටත් මං අදහසක් අකුරු කරල ඇති ඒකත් බලන්න අමතක කරන්න එපා. ඔබට ජය !

 

@ sansarasidu
"කාලයා විසින් අපටත් නොදැනීම ඔය තුවාල, ලප කැළැල් සනීප කරන බව විතරක් මතක තියා ගන්න"
ඇත්ත. ඒත් මට මේ ඇත්තට මුහුණ දෙන්න තවම හිත හදාගන්න බැහැ.. ඒත් මම කොහොම හරි ඒ දේ කරනවා..ගොඩක් ස්තුතියි සහෝ. ඇත්තටම විරහවෙත් පුංචි සුන්දරත්වයක් තියෙනවා. එහෙම නේද?

 

හැමෝම හුගක් දේවල් කියලා..මං ටිකක් පරකකුයි..මේ කියලා තියෙන හැමදේම ඇත්ත..හ්ම්..

 

ගොඩක් අය හැමදාමත් පරක්කුයි වරුණි

 

Post a Comment