ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

මගේ තනිකම.....

තනි මකන්නට කවුරු නැතිව
තනිකමම විතරක් තනියට
ලග හිදින මේ නිශාවේ......
සිතේ තෙරපෙන සුසුම් පොදියම
හැර දමාලු කවුලු දොරින්
ඈත අනන්තයට පාවී ගිය සද.......
සුපිපි කුමුදු කුසුම් සුවදින් නැලවුන
සුමුදු සද මඩල පවා 
ඉකිබිදින බව
දැනුනේද නුඹට.......
සත්තකින්ම කියන් මට
මගේම දයාබර වූ නුඹම
තව එකම එක බලාපොරොත්තුවක්
සිරකල මගේ බොලද හදවත
මේ රිදුම් හමුවේ අසරණව
තව කොතෙක් නම්
බලා ඉන්නද?........

8 ඔබගේ අදහස..:

බලා ඉන්න හිතට සැනසීමක් ලැබෙන කල්..හැමදාම දුක් විඳින්න වෙන්නේ නෑ.දුකින් පිරුනු හිත් වලට සතුට ලැබෙනවා හැබැයි ටිකක් පරක්කු වෙලා,ඒත් ඒ සතුට ආයෙ අහිමි වෙන්නේ නෑ කවදාවත්..

 

ආයෙ අහිමි වෙන්නේ නෑ කවදාවත්..
එහෙමම කියන්න අමාරුයි අපි පෙරුම් පුරාගෙන ඉදලා අපිට ලැබෙන සතුට අපිට නොකියාම අපෙන් ඈත් වෙනවා, දුක උරුම වෙනවා..

දුක සතුට තුළ ජිවිතය ගලාගියත්.....
හිනැහී ඉමු අපි හැමදාමත්.....

 

බලා ඉන්න...සැනසීමක් ලැබෙනකම් බලා ඉන්න...
බලා ඉන්න සිද්ධ වෙන නිසා බලා ඉන්න......

 

@ All
දැන් මේ බලා ඉන්න එකත් මගේ ජීවිතේම කොටසක් වෙලා....

 

දිල් කියලා තියන ටිකම තමයි මටත් කියන්න තියෙන්නෙ.
බලාගෙන ඉඳීමෙන් උනත් වරදක් වෙලා නැහැනෙ දැන් මේ අගේට කවි ලියැවෙන්නෙ. ලැබෙනකම් හැම මොහොතක්ම විඳින්න. ඒවා ඉස්සරහට සුන්දර මතක සටහන් වේවි.

 

@ Raven
අනිවාර්යයෙන්ම ලියනවා...මං ලියන දේවල් කවුරැහරි රස විදිනවා නම් එක් මට කොයිතරම් සතුටක්ද? බොහොම ස්තුතියි රවෙන්....

 

දුක දරන හිත ශක්තිමත්. ඒ වගේම ආදරණීයයි. ඔයාටත් ලස්සන ජීවිතයක් තියෙනවා මල්ලී...හැමදාම දුක උරුම නෑ.එතකන් පුලුවන් විදියට අපිත් ශක්තියක් වෙන්නම්.

 

@ - නිල් අහස -
එතකන්? එතකන් නෙමෙයි. හැමදාටම. මේ ඇතිවෙච්ච සහෝදර බැදීම් කවමදාවත් නැතිවෙන්නෙ නෑ. ඔයාලා කවුරැ කවුරැද කියන්න මං තාම දන්නෙ නෑ. මං ආසයි ඔයාලව හදුනාගන්නටත්. වැරදුනා හදුනාගෙන ඉවරයි. මුණ ගැහෙන්න. අපට ඒකට දවසක් ඒවි. අන්න එදාට අපි අනිවාර්යයෙන් කතාකරමු. දුකේදි තනි නොකරන යාලුවොන්ගෙ බැදීමි මැරෙන තුරාවට අමතක වෙන්නෙ නෑ. හිත පතුලෙම තියෙන බැදීම් තමයි ශක්තිමත්ම..ස්තුතියි නිල් අහස...

 

Post a Comment