ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

මේකට මාතෘකාවක් ඕනමද?


අද මගෙ ජීවිතේට මහ එපා කරපු දවසක්. මං දන්නෙ නෑ මට එහෙම හිතෙන්නෙ ඇයි කියලා. සමහර විට මේ සිද්දීය ඒ හැටි ලොකු දෙයක් නෙමෙයි කියලා කාටහරි හිතෙන්න පුලුවන්. නැත්තං ඕක ඔය හැටි ගනන් ගන්න දෙයක් නෙමෙයි කියලත්සමහරැ හිතයි. නමුත් මට දුක මං නිසා මේකට අහක හිටපු කෙනෙකුට වෙච්ච හිත රිදවීම ගැනයි. අපි කෙලින්ම කතාවට එමුකො. මෙන්න මේකයි සිද්ධිය.
මේ ආසන්න දවසකදි අපේ පාසලේ බිග් මැචි එක පැවැත්වෙනවා. පාසල මොකක්ද කියලා කියන්න ඕන නැහැ. බිග්මැචි කාලෙට ඉතින් හැම පාසටක්ම වගේ පූර්ව ප්‍රචාරණ වැඩසටහන් කරනවනෙ.  ඉතින් ඒ නිසා ඕකට මේ දවස් වල විවිධ විදියෙ ප්‍රචාරණ වැඩසටහන් කිහිපයක් අපේ පාසලෙනුත් කරගෙන යනවා. මුහුණු පොතේ පවා මේ ගැන දැනුවත් කිරීම් කරන්න අපේ පාසලේ සහෝදර සහෝදරියන් කටයුතු කරනවා. අද දහවල් අපේ පාසලේ සහෝදරයෙක් මට පණිවිඩයක් එවලා තිබුණා මුහුණු පොතේ හදුනාගන්නා රෑපය සදහා මේ දින කීපයට පාසලේ ධජය දාමු කියලා. ඔය නිදහස් දිනේට ගෙවල් වල අපේ ජාතික කොඩිය දානවා වගේ කියලා හිතාගන්නනො. අපිට අකුරු කරන්න සෙවන දීපු පාසල නිසා ඉතින් කොහොම හරි ඔය වැඩේ අපි කලා කියමුකො. පාසලේ වෙබ් සයිට් එක කරගෙන යන්නෙත් මං නිසා මමත් මේ වැඩේට බැහැලම මගෙ සපොර්ට් එක දුන්නා. ඒ මොකද මං මගේ පාසලට ආදරෙයි. දැං ඔයාලා කියන්න එපා ඔය දෙයින් මොකක්ද ඇති පලේ කියලා. ඒක පුංචි අහිංසක වැඩක් විතරයි පාසලේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු.
 මං ඉතිං හවස දෙකේ විතර ඉදන් මුනු පොතට වෙලා එන එන යාලුවන්ට චැටි එකෙනුත් පණිවිඩ මගිනුත් ඉල්ලීමක් කරා මේ විදිහට කරන්න කියලා. ඇත්තටම බොහොම සංතෝසයි ගොඩක් දෙනා හරිම ආසාවෙන් ඒ මොහොතෙම ප්‍රතිචාර දක්වන්න ක්‍රියා කලා. සමහර දෙනෙක් විවිධ ප්‍රශ්න කිරීමි වලින් පස්සෙ සහ‍යෝගය දුන්නා. තවත් සමහරැන්ට පොඩි පොඩි උපකාර එහෙමත් දෙන්න උනා. සමහරැන්ට මේක විහිලුවක් වගෙත් පේන්න ඇති. ඒවා ඉතිං මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බැහැනෙ. මං වැරදිලා වෙන පාසල් වල මිතුරන්ට යැවුවම ඔවුන් බොහොම සුහදව කියනවා මං මේ පාසලේ නොවෙයි කියලා. නමුත් එක සහෝදරයෙක් කීවා මෙහෙම. අයියා මේක මගෙ පාසල නොවුනට මගේ අම්මගෙ තාත්තගෙ සහෝදරයගෙ පාසල ඒ නිසා මං ‍ඒ වෙනුවෙන් දාන්නමි කියලා.
නමුත් මට ගොඩක්ම කලකිරිමකට මුහුණ දෙන්න වුන සිද්ධියක් සිදු වුනා. අපේ පාසලේම සහෝදරියකට මං මේ ඉල්ලීම කරලා චැටි මැසේජ් එකක් යැව්වා. මේ කියන කෙනා හැබැයි මං වැඩිය දන්න කියන කෙනෙක් නෙමෙයි. නමුත් මං ඉතාම ලගින් ආශ්‍රය කරන මල්ලි කෙනෙක්ගෙ හිතවත් කෙනෙක් කියලා මං දැනගෙන හිටියා. කොහොම හරි මගේ පලමු පණිවිඩයට ප්‍රතිචාරයක් නැති නිසා මං කලේ නැවත msg එකක් යැවුවා. මට ඒකෙ අමුත්තක් තිබුණෙ නැහැ මොකද කිහිප දෙනෙක්ටම ඔය දේ කල නිසා. නමුත් මේ සහෝදරිය දෙවන වර මගේ පණිවිඩයට පිලිතුරැ ලෙස දැක්වුයේ ප්‍රතික්ෂේප කිරිම. ඔය පිලිතුර අද දවසට කීප දෙනෙක්ගෙන් බොහෝ වාරයක්ම ලැබුණ නිසා මම ආපහු පණිවිඩයක් මොනවද ඉගෙන ගත් පාසලට ගවුරවයක් විදිහට  සලකලාවත් මේ වැඩේ කරන්න බැරිද කියලා. නමුත් ඇගේ පිලිතුර වුනේ පාසලට ‍ගවුරව කරන ආකාරය ඈ හොදින් දන්නා අතර මා එක කියා දීම අනවශ්‍ය බවත්ය. තවද ඈ මෙම පාසලේ සිටියේ වසර එකහමාරක් පමණ කාලයක් බවත් එසේනම් තමාගේ පාසල වසර එකොලහක් ඉගෙනගත් පාසල නිසා එයට මීටත් වඩා ගරැ කරනා බවත්ය. ඒබැවින් කෙසේවත් අප මගේ ඉල්ලීම ඉටු නොකරන බවත් කීය. මා දුර දිග නොසිතා කල දේට කිහිප විටක් සමාව ඉල්ලුවද ඇ ඒ සදහා ප්‍රතිචාර දැක්වීමෙන්ද වැලකී සිටියාය. සමහර විට ඇය, මා මානසික රෝගියෙකු ලෙස දකින්නට ඇත.
සොයුරිය, වැරදුනේ මටය. මෙයින් මා ලැබූ කිසිදු වාසියක් නොමැත. අඩුම ගානේ ම‍ට මේ වෙනුවෙන් අබ ඇටයක දෙයක් හෝ නොලැබේ. හුදෙක් පාසලේ නම ජනප්‍රිය කිරීමේ වෑයම වෙනුවෙන් අප සොයුරන් කිහිප දෙනෙකුගේ අහිංසක උත්සහයට දායක වීමෙන් මා හට අවසානයේ සිදුවූයේ මගේ සිත රිදවාගන්නටය. ඒ නුඹ මා සමග අමනාප වු නිසානම් නොවේ. මගේ ක්‍රියාව නිසා සිදුවූ දෙයින් අපහසුතාවට පත්වූයේ මට ඔබ හදුන්වා දෙන්නට කටයුතු කල, එකකුස නූපන්නත් මගේම සොයුරා ලෙස සලකන ඔහු නිසාය. මගේ කියු දැයින් නුබේ සිත රිදුනානම් මට සමාව දෙන ලෙස ඉල්ලමි. මගේ උත්සාහයේ ප්‍රතිඵල මා ඇස් පනාපිටම අත්දකින නිසා සිත පතුලේ ඇති සතුටට මෙය බාධාවක් නොවන බව පමණක් මම අදහමි.
මෙම ලිපිය මුල සිට අගටම කියවූයේනම් ඇතැම් විට මෙහි කිසිවක් නොමැති බැව් ඔබට වැටහෙනු ඇත. නමුත් ඒ තුල බොහෝ දේ තිබේ.
වැරදි ඇයද, මම ද? මම ඔබෙන් අසමි. තීරණය ඔබට බාර කරමි.

13 ඔබගේ අදහස..:

ඔව් මල්ලි මෙකෙ ඇතුලෙ ගොඩාක් දෙවල් තියනවා. අපි මෙහෙම ගමු මෙක..මිනිස්සුන්ගෙ හිත්වල එක එක මට්ටමෙන් මානය කියන දෙ තියනවා.. ඉතින් අවුරුදු 11 වෙන ඉස්කොලෙක නෙ ඉගෙනගෙන තියන්නෙ..තක්ෂිලාවෙ ඉගෙන ගෙන අපෙ ඉස්කොලෙ උගන්වන මිස් කෙනෙක් ඉන්නවා ඉන්දු මිස් කියලා.. එයා බොහොම නිහතමානී කෙනෙක්.. කෙනෙකුගෙන් ඉල්ලිමක් කරපුවහම එකෙනාගෙ ප්‍රතිචාරය මත අපිට එකෙනාගෙ හිත ගැන වැටහිමක් ගන්න පුළුවන්. අපි කරන්න ඔනා එක අපෙ හිතෙ රෙකොඩ් කරගන්න එක විතරයි. මොකද අපිට බැහැ තවත් කෙනෙක් ගෙ හිතක් හිතන විදිය වෙනස් කරන්න. ඇයි මෙහෙම මිනිස්සු කරන්නෙ කියලා කල්පනා කරලා තෙරුමක් නැහැ. ලොකෙ මිනිස්සු කියන ජාතිය ඇති වුන දවසෙ ඉදලා 100 ක් විතර ඇතුලෙ මෙ වගෙ මිනිස්සු 20 විතර දාලා තියනවා. අනික කවුරු හරි කෙනෙක් ඔයාට වචනයෙන් " උබට පිස්සු " කියලා ගැහැව්වොත් හිනියට හිනාවක් දාලා " ඔව් බන් ටිකක් තියනවා... එ වුනාට මම එක දන්නව. එකයි උබෙ යි මගෙ තියන වෙනස කියලා " කියලා දාන්න. මිනිස්සුන්ගෙ වචන ඉස්සරහා තමුන්ගෙ හිත වෙනස් කරගන්න එපා. සේවයක් නම් කරන්නෙ හදවතින්ම එක කරන්න. අරු අරහෙම කිව්වා, මු මෙහෙම කිව්වා, කියලා වෙනස් කරන්න එපා.

 

අපිට එකිනෙකා හැඟෙනවා කියලා කියන්නෙ කාටවත් උගන්නන්න පුලුවන් දෙයක් නෙවේ... එහෙම අයට එහෙම්මම ඉන්න අරින්න... ඔවුන් මැරිලා යනකම්ම එහෙමමයි.. හුඟක් අය කියනවා මං අහලා තියනවා ඉස්කෝලෙන් අපිට දීපු දෙයක් නැහැ කියලා... හැබැයි ඒ අය ඉස්කෝලෙන් දීපු දේ ගත්තෙ නැති බව නම් ෂුවර්.. මේ වගෙ උන්ට තමඉ කියන්නෙ අපතයෝ කියලා... ඒත් අපිට තාම ඉස්කෝලෙ ඉස්සරහින් යද්දි නැගිටින්න හිතෙනවා.. හරියට පන්සලක් ඉස්සරහින් යද්දි වගේ...

 

නිකං ඉස්කෝලෙ ප්‍රසිද්ධ උනාම මොකක්ද ප්‍රථිපලේ. අනෙක් පාසල් වලට වඩා ඉදිරියට යාම නේ මේ ඇතිකරන්නේ. ඒක තමා මෝඩම වැඩේ. ඒත් ඉතින් මේ රටේ ක්‍රමේ ඒක කියල ඇග බේරගනීවි.

 

විවිධ අය විවිධ දේවල් දිහා බලන කෝණය වෙනස්.මල්ලි හිත රිදවගන්න එපා.ඔයා ඔයාගෙ පාසලට ආදරෙයි කියල ඔයා හොඳින්ම දන්නවනේ.ඒ හින්දා අනික් අය‍ කියන දේවල් ගැන වැඩිය හිතන්න එපා.ඒ අයට අනුකම්පා කරන්න

 

තමන් ඉගෙන ගත්ත පාසලට අපි කවුරුත් ආදරෙයි. බහුතරයක් හිතන්නෙ තමන්ගෙ පාසල තමයි හොඳම පාසල කියල. එහෙම හිතෙන්නෙ පාසලට තියන අවංක ආදරය නිසාම තමයි. තමන්ගෙ පාසල අනිත් පාසල් වලට වඩා ඉහලින් තිබුනම ඇති ඵලය මොකක්ද කියල අහනව නම් ඒකට පිලිතුර වෙන්නෙ පාසලෙන් තමන්ට ලැබුන දේවල් වගෙම තමන්ගෙනුත් පාසලට විය යුතු යුතුකම් කොටසක් තියනව කියන එක. තමන් ඉගෙන ගත්ත පාසලට හිතකර ආකාරයේ කීර්තියක් ලබාදීම අපේ යුතුකමක්..

 

ආදරෙත් සාපේක්ෂයි නෙ ..මල්ලී.
ඔයාට තරම්..පාසල ගැන එයාට දැනෙන්නේ නැතුව ඇති.
හිත රිදවා යන්න එපා..ඕවාට.

 

මම හිතන විදියට චන්දික මල්ලියත් මෙතැනදි ටිකක් හරි වැරදි.
එකක් ඔයා තව කෙනෙක්ගෙ බලෙන් උදව් ගන්න ගියා. මල්ලියො මිනිස්සු වෙනස්. ඒ මිනිස්සු අතරින් හදවතින්ම උදව් කරන අයත් ඉන්නවා..
එයා ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ කියන්නෙ එයා ඒ ගැන තැකීමක් කලේ නෑ කියන එකයි. ඉතින් ඇයි ඔයා එයාට වරින් වර පණිවිඩ යැව්වෙ?

සමහරවිට එයින් එයා තරහා ගන්නත් ඇති...එක එක අවස්ථාවලදි මිනිස්සු විවිධ මානසීක මට්ටම්වල ඉන්නවා. සමහරවිට ඔයාගේ පණිවිඩය ලැබෙද්දි එයා
කේන්තියෙන් ඉන්නත් ඇති...

දෙයක් හදවතින්ම කරන්නෙ නැත්තම්...කරන්න කැමතිනැත්තම් ඒවා ගැන තැකීමක් කරන්න එපා මල්ලි....

 

ඔය වගේ අතිපණ්ඩිත මුලාදෑනිලාත් ඉන්නවා. හොඳම වැඩේ එක සැරයක් බෑ කිව්වනම් නිකම් ඉන්න එක සහෝ. මොකද තවත් සෑහෙන පිරිසක් එකග වුන දේකින් එක්කෙනෙක් විතරක් අඩුවුනා කියලා පාඩුවක් නෑනෙ. අනිත් එක ආදරයත්, විශ්වාසයත් බලෙන් ඇති කරන්න බෑනේ.

 

ලෝකෙ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි....

 

අපිට විතරයි අපේ ඉස්කෝලෙ වටිනකම දැනෙන්නේ,,,

 

@ රවා,පුර සඳ, තීර්ථ යාත්‍රිකයා,ගිහාන්, නිල් අහස, දිල්, මිස්සක, හසිත

ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ ලිපිය කියෙවුවට. හැමදාමත් මේ පැත්තට ඇවිල්ලා යන ඔයාලා මට ලොකු ශක්තියක්. මං ඒ සිදුවුන දේ ගැන ගොඩක් කලකිරැණෙ මං මගේ පාසලට ගොඩක් ආදරේ කරන නිසයි. මේ වගේ අයත් මේ ලොකෙ ඉන්නවා කියලා හරියටම මං දැන ගත්තෙ පේ සිදුවීමෙන් තමයි. මා එක්ක ඉන්න එක ගැන නැවත්ත් ස්තුති කරනවා.

@ Anonymous
ඔය හැංගිලා කියන්නෙ නැතුව කෙලින්ම මූණටම කියන්න හයියක් නැද්ද?

 

@ Waruni
එහෙමම කියන්නත් බෑ නංගියෝ. පාසලේ වටිනාකම දන්න මිනිස්සු තමන්ගෙ පාසලට වගේම අනෙක් පාසල් වලටත් ගරැ කරනවා. එහෙම නැති මිනිස්සු කොහොමටවත් ඒ ගැන හිතන්නෙ නෑ.

 

වෙන පාසල් ගැන කොහොම උනත්, දවසක් හරි තමන් ඉගෙන ගත්ත පාසලට ගරු කරන්න දන්නැති කෙනෙක් ගැන කවර කතාද......

MS

 

Post a Comment