ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නුඹ වෙනුවෙන් ගැලු කදුල.....

වස්සාන නිම්නයේ
සිහිල් පවනැල්ලක
හිම කදු මාවතේ තුරු මත ඉදන් ගැයු
විහග ගීතය ගොලුවෙලා අද....
සරා සදද මිලින වී
සීතලම සීතල එකම කදුලක්
නෙතු අද්දර ඉතිරිව ඇත.....
නුඹේ නමින් ගිලිහෙන්නට
මේ නිසල නිශා යාමයේ
තුන් සිත හඩනා හඩ
ඔබට ඇසේනම්....

14 ඔබගේ අදහස..:

ඉතිරි වුන කදුලු කවදා හරි සතුටු කදුලු වෙලා ඇස් වලින් එලියට ඒවි..ඒ දවස එනකල් බලාඉන්න..සමහරවිට ඔය හිතටත් වඩා ඒ හිත දස දහස් වාරයක් වැලපෙනවා ඇති..

 

මාත් එකගයි උපේකගෙ අදහසට...

ඒ කදුලු දවසක සතුටු කදුළු වෙලා ඇස් දෙකෙන් උතුරාවි....බලාගෙන ඉමු මල්ලියො....අපි ඔක්කොම ඔයා වටේ ඉන්නවා

 

සතුටු කදුලු උනත් දුකට ගලන කදුලු උනත් වැටෙන්නේ මහ පොළවට.... මහපොළව උහලයි ඒ කදුලු...

 

නොඇසේ නම් කුමක් කරම්ද?

 

හරි මල්ලි....ගොඩක් දෙවල් තියනව උඹට කියන්න... මම වෙලාවක mail එකක් දාන්නම්.....

 

@ සියලු දෙනාටම
සමාවෙන්න මට ඔයාලට ප්‍රතිචාරයක් දක්වන්න ප්‍රමාද වුනාට. මේ වෙලාවෙ මං තනිවෙලා නැහැ කියන හැගීම හිතට දැනෙනවා ඔයාලගෙ කමෙන්ට්ස් කියවද්දී. ඇත්තටම ගොඩක් ස්තුති ඔයාල හැමෝටම. දිල් අක්කා කියන දවස එනකම් මං බලාගෙන ඉන්නවා. ඇත්තටම මාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා රඩා අයියත් එක්ක කතා කරන්න. බොහොම ස්තුතියි හැම දෙනාටම අයිමත්.....

 

චන්දිකගේ දුක හැමදාම නිල් අහසට ..පේනවා...ඒවගේම දැනෙනවා.

 

සියපතත් ඔය දුක බෙදාගන්න හැමදාමත් මේ ඉසව්වේ පිපේවි...
මට උඹට කියන්න තියෙන්නෙත් දිල් ට කියපු ටිකම තමා...
මාත් කඳුලු වලට ආසයි...
මොකද හිතේ දුක දියකර හරින්න කඳුලට තියෙන හැකියාව වෙන කිසි ම දේකට නැති නිසා...
ඉතින් මචං ඇති තරම්.. කඳුළු හෙළපන්...
ඔය දුක හේදිල යනකල්ම..

 

@sansarasidu
ස්තුතියි යාලුවා. ඒත් මේ හෙලන කදුලු වලට වටිනාකමක් තියේවිද?

 

@ - නිල් අහස -
ස්තුතියි නිල් අහස...

 

ඔයාගේ කදුළු  දුක නිසා වැටුනානම් කවදා හරි එ කදුළු ඔයාව සතුටු කරාවි

 

mokakda aiyaaa uoset 1

 

හිතට දැනෙන දේ ලියන්න... ඒකෙන් දැනෙන සැනසීම දන්නේ එහෙම ලියපු කෙනයි එහෙම දුකක් විඳලා තියෙන කෙනෙක් විතරයි...

 

Post a Comment