ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

මරණය...

මරණයටවත් බැහැ
නුඹ මගෙන් වෙන් කරන්න
සදාකල් නුඹෙ පසුපස
එන්න මට ඉඩ දෙන්න....
සොහොන් බිමේ පාලුවට
සුලගක්ව හමා විත්
එක්වරක් හෝ ඇවිත්
මගේ හිත සනසන්න....

12 ඔබගේ අදහස..:

මට පැහැදිලි මදි.
මුලින් කියන්නේ ඔයා
එන්න මට ඉඩ දෙන්න....
ඊලඟට කියන්නේ
එක්වරක් හෝ ඇවිත් මගේ හිත සනසන්න...

ම්ම්ම්.... බොන්න ඕනේ වගේ මට දැන්

/බිඟුවා...!

 

@ බිඟු
මේකනෙ..
මැරුණත් වෙන් වෙන්නෙ නෑ කියලයි කිවෙ...
එක්වරක් හෝ ඇවිත් මගේ හිත සනසන්න කීවෙ එක පාරක් හරි සොහොන් බිමට ඇවිල්ලා යන්න කියලයි..
අඩේ බොනවා නම් සෙට් වෙමුකෝ...මාත් එන්නම්...

 

මරණයටවත් වෙන් කරන්න බැරි තරමට තිබුනු බැඳීම් ගිලිහෙනකොට දැනෙන වේදනාව කියල නිම කරන්න බැහැ.

 

@ විහඟිගෙ සිතුවිලි
ඇත්ත තමයි විහගි... මැරෙන්න ඕනෙ වුනත් මැරෙන්න විදිහක් නැහැනෙ... ගිලිහෙන බැදීම් බලෙන් තියාගන්නත් බෑ...

 

ආදරය කියන්නේ මරනයටවත් වෙන් කරන්න බැරි හැගීමක්..හ්ම්ම්..
ලස්සන අදහසක් අයියේ..

 

සැබැ ආදරේ මැරේන්නනේත් නැ මරණ්නත් බැ.

 

අපි මෙතන හිත හදන්න හදනවා. මෙයාලා මෙතන set වෙන්න කතාව. දිල් අක්කව කේන්ති ගස්සන්න එපා කොල්ලො...හොඳද ....

 

@ දිල්
අයියෝ අක්කා මං විහිලුවක් කරේ. ඒ පිස්සු වැඩ කරන්නෙ නැහැ අප්පා මං...

 

ඒක මිසක්. නැත්තම් ඉතින් කන්න වෙන්නේ අක්කගෙන් හොදද මළයො

 

හැමදාම වගේම ලස්සනයි..ඒවගේම දුකයි ...මලයා.

 

මගේ රත්තරන් නැතිවෙලා හෙටට මාස 4, මරනයට තාම මාව එයාගෙන වෙන්කරනඩ බැරිවුනා

 

Post a Comment