ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

අවසන් ලියුම(ද)?

හිනාව අමතක කරපු මං 
හිනා වුනේ ඔයා නිසාමයි.......
ඒ හිනාව ලස්සනයි කියලා
ඔයා කියපු හැටි මට තාම මතකයි......
ඒත් රත්තරනේ....
දැන් ආයෙත් ඒ හිනාව
මට අමතක කරන්න කාලෙ ඇවිත්....
මං යන්නම් රත්තරනේ.....
ඇත්තටම....
මට බෑ ඔයාගේ ජීවිතේ නැති කරන්න....
මට බෑ ඔයාගෙ අම්මයි තාත්තයි
අසරණ කරවන්න....
අපේ ආදරේ වෙනුවෙන්
ඒ මිනිස්සු කදුලු හලන්න ඕනෙ නෑ.....
අපි අඩමු ඇස් රිදෙනකල්.......
අපි දුක් විදිමු
ඒ අයට දුක් නොදී...........
(මං හැමදාමත් කදුලු හලන ඔයාගෙ පුංචි සමනලී)
2010/03/04  07.43PM
මේ ඔබ නොදන්නා ඇය ලියු කථාවයි.......

11 ඔබගේ අදහස..:

නියමයි හැබයි දුකයි

 

දුක තමා නේද? ගනන් ගන්න එපා.

 

@ isaman & hasithahands
ජිවිතේ දුකයි කියලා දැනගෙන හිටියට ‍මේ තරම් අසරණ වෙලා නෑ මං කවදාවත්......

 

හරි හරි ... මම අදයි ආවෙ මෙ පැත්තෙ... කදුල, දුක, සෙනහස, ආදරය... ඔන දෙයක්..., රවාගෙ හදවතෙ ඔන තරම් ඉඩ තියනවා... කදුලු කතාවක් නම්. සින්දු දාන අතරෙදි කථාව කියනවද...කථාව යන මැද්දෙන් සින්දු දානවද....මම හිතන්නෙ මට මල්ලි වෙන්නෙ ඔයා... අපි කථාව පුළුවන් විදියට බෙදාගෙන හිතෙ බර සැහැල්ලු කරගෙන ලස්සනට පුංචි කවියක් දෙකක් කියමු... ඔයා කවුද.... මොනවගෙ කෙනෙක්ද....කොහෙන්ද ආවෙ... කොහටද යන්නෙ.. පුද්ගලික විස්තර නෙමෙ.....

හිතෙ තියන දුක බෙදාගත්තහම අඩුවෙනවා...
හිතෙ තියන සතුට බෙදාගත්තහම වැඩි වෙනවා...

අපිට කථාව කියන්න... බය වෙන්න එප.. අරු එව්වා හිතයි, මෙව්වා හිතයි. කියලා. ඔයා වගෙයි තමයි මමත්.. මම දැක්කා ඔයා දිල්ගෙ තැන දාලා තිබුන දෙ... කියන්න අපිට කථාව පරක්කු කරන්නෙ නැතිව. හිතෙ දුකක් ,කරදරයක් තියනවා නම්...එක දැන් අපි ඉස්සරහා තියන්න වෙලාව.

මට කවියෙන් යමක් තෙරුම් ගන්න පුලුවන්.. එ උනත් එ කථාව කාට හරි කිව්වාහම ඔයාගෙ හිතෙ තියන බර ගොඩක් අඩුවෙයි......

 

ඔන්න මාත් ආවා පළවෙනි පාරට මේ පැත්තෙ..
ආදරය විරහව සහ කදුළ ලග තනිරකින්න. මොකද ඔය 3ම මටත් අයිතියි. මගෙ ජීවිතේටත් අයිතියි...
හිතේ දුක ඉවර වෙනකම් ලියන්න. අපිත් ඇවිත් දුක බෙදාගන්නම්....ඒත් තාමත් පුන්චි කොල්ලෙක් නේද ? මොන දෙ මොන විදියට උනත් වැටෙන්න නම් එපා. ඔය ආදරය විරහව සහ කදුළ ට ජීවිතේ ගිලගන්න දෙන්නත් එපා...

 

@ රවා & දිල්
ගොඩක් ප්ං මගේ හිත හදාගන්න අත දෙනවට. මං මේ මගේ කතාව තමයි කියන්න උත්සහ කරන්නෙ. මට තව ටික දවසක් දෙන්න. තාමත් අග මුල ගලපගන්න මං හොයනවා. මං ඒක හෙමින් කියන්නම්.. මා එක්ක කවුරැ හරි ඉන්නවා කියන එකත් මට ලොකු ශක්තියක්....
කිවුවත් වගෙ මං තාම පුංචි කොල්ලෙක්. ඒත් මේ දෙවල් මගේ හිතට බර වැඩී.....

 

මල්ලි උබ විතරක් නෙමෙයි.. මම අවුරුදු 6 ක් ආදරෙ කරපු කෙල්ල මාව අතහරිද්දි මටත් අවුරුදු 21 යි.එ කෙල්ල වෙනුවෙන් කරපු කැපකිරිම් ගැන වචන නැහැ. ඉට කලින් තව කෙල්ලෙක්ව අවුරුදු 7 හිතෙ තියාගෙන ඉදලා කියන්න බැරි උනා.. කෙල්ලො දෙන්නම ගිහිල්ලා....දැන් තනිවෙලා ඉන්නවා...

ඔන්න ඔක දඩස් ගාලා හුබහෙන් අදිනවා වගෙ, ඇඟ ඇතුලෙ තියන වස විසක් වමනෙ කරනවා වගෙ, අගමුල පටලොලා කියලා දාපන්. හිතෙ හිරකරන් මොහොතක් වත් දුක් විඳින්න එපා...

 

@රවා
මං බලන් ඉන්නවා අයියේ... මාව නැත්තටම නැතිවෙනකල්. එයා මාව දාලා යන්නම යනකන් මං බලන් ඉන්නවා. එයා යන්නම ගිය දාට මං මේ කථාව අනිවාර්යයෙන්ම කියනවා....තව වැඩි දවසක් යන්න කලින් ඒ දවස උදා වේවි. ඒ දවස එනකං මං බලා ඉන්නවා....
මගෙ හිත සනසන්න ගන්න උත්සහයට ගොඩක් පිං.....මං මේක තම ටික දවසක් මෙහෙමම විදවන්නමි. හිත ඇතුලටම කිමිදිලා ඒ හැම අහුමුල්ලක්ම රිද්ද ගන්න එක මට සතුටක්. ඔන්න ඔහේ මං තව ටිකක් විදෝපුවාවෙ.....

 

දුක් වෙන්න එපා. හිත හදා ගන්න බලන්න... ඔයා වගෙම මමත් ලොකු දුකක් දරාගෙන ඉන්න කෙනෙක්.... මම මගෙ හොදම යාලුවට ගොඩක් ආදරෙයි... ඒත් එයා ඒ ගැන මම ගැන එහෙමදන්නෙ නෑ. එයාට මම ඒක කියන්නෙත් නෑ. මොකද එයා මම ගැන එහෙම හිතන්නෙ නෑ කියල මම දන්නව.... මම කෙල්ලෙක් අය්යෙ... මම කොහොමද ඒක එයාට කියල දෙන්නෙ.... හැමදම එයාව දකිනකොට පුදුම දුකක් දැනෙන්නෙ... මේ කතව මෙතනට අදාල නෑ වෙන්න ඇති.... ඒත් මට කියන්න හිතුන... කවද හරි අපි ආදරෙ කරන අය අපිව තෙරුම් ගන්න දවසක් එනවා. ඔයා ආදරෙ කරන කෙනා හැමදාම ඔයා ලන්ග ඉදීවා කියලා ප්‍රර්ථනා කරනවා මම...

 

@ Anonymous
මම නම් කියන්නෙ ඔයා ඒක එයාට දැනෙන්න අරින්න ඕන කියලයි....බලාගෙන ඉන්න එකේ තේරැමක් නැහැ. අපිව අයිති කෙනා එක පාරයි ජීවිතේට ‍එන්නෙ. එදාට එයාව මග ඇරැනොත් ආයෙ නවදාවත් හමු වෙන්නෙ නැතිවෙයි...කෙල්ලොන්ට ආදරයක් ප්‍රකාශ කරන්න තහනමක් නෑනෙ නංගී. ඒක මේ මෝඩ සමාජය හදා ගත්ත දෙයක්. ඔයා හිත හිතා ඉන්නෙ නැතුව කියලා බලන්න....මං පතනවා සුභ පිලිතුරක් ඔයාට ලැබෙන්න කියලා......

 

අපි අඬමු.....දුක ඉවර වෙයි................සමහරවිට...

 

Post a Comment