ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නික්ම යන්නට අවසරයි (ජීවිතෙන්)....

මගේ ජීවිතෙන් මං ඈත් වෙනවා..
ඔය රත්තරන් හිතට මං   
දුක් ‍දෙන්නෙ කොහොමද තවත්....
ඔයා තනිවෙලා,
මගේ මතකය එක්ක....
මං තනිවෙලා,
මේ සල්ලි වලින් වට වෙච්ච ලෝකෙක......
මං අද හෙටම මේ පුංචි රටෙනුත් ඈත් වෙලා
යන්න යාවී......
අනේ ඒත් මට ඊට කලින්
ඔයාගෙ හුස්ම රැදුන
මේ රට ඇතුලෙදි.....
අන්තිම හුස්ම ටික හලන්න
අවසර දෙන්න....
අනේ ඔයාට ගොඩක් පින්...
මට තව දුක් විදින්න බෑ......

(මං හැමදාමත් කදුලු හලන ඔයාගෙ පුංචි සමනලී)
2010/03/05  08.32PM

12 ඔබගේ අදහස..:

මල්ලි මෙවා මගෙ කෙල්ල මට එවන්න ඔනා කවි ටිකනෙ මෙ උබට එවලා තියන්නෙ...මගෙ එකිත් යනවලු අප්‍රියල් වල උන්ගෙ අම්මා ඉන්න රටට.. එකිට හොදක් වෙනවා නම් ඇයි බන් මම එක වලක්වන්නෙ. මම හින්දි කාථාවක දැක්කා ආදරය කියන්නෙ ලබා ගැනිමම නෙමෙ... කියලා.සමහර විට මගෙ ඉවසීම.. මගෙ දෛවය මට ආපහු එකිව ලගට ගෙනත් දෙයි කියන බලාපොරොත්තුවත් තියනවා. අපිත් එක්ක කවුරු හරි සතුටින් හිටියා කියන මතකයයි කෙල්ල මට තැග්ගක් දුන්නු පසුම්බියයි විතරයි මා ගාව ඉතුරු වෙලා තියන්නෙ... කෙල්ලට යහපතක් වෙනව නම් මට ඔනැම දෙයක්... අනික දෙමවුපියන්ගෙ හිත් රිදවලා අපි ඉස්සරහාට ගියාට වැඩක් නැහැ...අපිව එතනම වැටෙනවා....
මෙ උබෙ කෙල්ල උබට එවපු කවි ටිකක් නෙද....?

 

මට ආදරේ ලැබුණෙ පරක්කු වෙලා.. ඹව් හුගක් පරක්කු වෙලා.....ලියන එක නවත්තලා හිටිය මට ආයෙ ලියන්න පටන් ගන්න කීවට ඔයාට ගොඩක් ස්තුතියි. ඒත් මං මෙච්චර දවස් කොල කෑලි වල කුරැටු ගෑව විතරයි.මේක මට නුහුරු දෙයක්...හ්ම්ම්...ආදරේ නිසා මං ගොඩක් දුක් විදිනවා..ඒත් ඒ දුක හරිම සුන්දරයි....ඒ දුකෙන් ඈත් වෙන්න හිතෙන්නෙ නෑ මට....මෙච්චර දවසක් කවුරැවත් මං කියන දේ තේරැම් ගත්තෙ නෑ.....මගේ හිතේ තියෙන දුක ඇහුවෙ නෑ....අද ඔයාලා හැමෝම වචනෙකින් හරි මා එක්ක ඉන්නවා...අනේ ඔයාලට ගොඩක් පින්....

 

@ රවා
අයියෙ ඔයා මූන දෙන්න යන අත් දැකීමම තමයි මාත් මූණ දෙන්න යන්නෙ..... දුකයි හුගක්... මාත් ඔයා හිතන විදියටම තමයි හිත හදාගන්න යන්නෙ...වෙලාවකට හිතෙනවා මේක හීනයක් නම් ‍කොතරම් හොදද කියලා....ඒත්... ඒත්... අවාසනාවට මේක ඇත්තම ඇත්ත සිදුවීමක්.....අයියා කීවා වගේම අම්මා තාත්තා වෙනුවෙන් දෙන්නටම මේ තීරනේ ගන්න වෙනවා...ඔයා හරි... මේ එයා එවපුවා තමයි....

 

යාපි පණටත් වඩා ආදරය කරන කෙනෙක් ගෙන් වෙන්වෙනවා කියන්නේ මොනවගේ දෙයක්ද ? හරියටම කිව්වොත් ලොකු ගල් ඉන්නකින් සැරෙන් සැරේට හිතට අනිනවා වගෙ....මේ වේදනාව කොයි වගේද කියන්න ඕන නෑ..මම ඒක විදලා තියෙන හින්දා...

හිතට දැනුනා..හොදට දැනුනා

 

@ දිල්,
ඇත්තම ඇත්ත දිල් අක්කී... එක පාර නොමැරී මෙහෙම මැරි මැරි ඉන්න එක හරිම අමාරුයි. මොනවා කරන්නද? ජීවත් වෙන්න වෙලා තියෙනවා...ජීවත්් කරවන අය වෙනුවෙන්.....

 

හොද හැකියාවක් තියෙනව.දිගටම ලියන්න

 

මල්ලි බය වෙන්න එපා ඔය කෙල්ල ආපහු උබ ලඟට එනවා... උබ ඔය කෙල්ලට යන්න දියන්.. හැබැයි... කෙල්ලගෙ හිත හදපන්.. යකො යනවා කියලා අඟහරු ලොකෙට නෙමෙයිනෙ යන්නෙ. ආදරය කරන මිනිස්සු වෙන් වෙන්නෙ නැහැ. පපුව කෙලින් තියන් හිටපන්. අඬන්න ඔනා නම් තනියම අඬපන්.. මම කියන එක කෙල්ලත් දකිනවද... නැහැනෙ... දැක්කත් කමක් නැහැ...මැරෙන්න දෙයක් නැහැ බන්... ඔය කෙල්ල ගිහිල්ලා ආපහු ලංකාවට එන්නෙ.. එතකම් උබ උන්ගෙ දෙමව්පියන්ට උබ එකිට සුදුසුයි කියලා පෙන්නන් හොදට ඉගෙන ගනින්...රස්සවක් හොයාගනින්....

 

@ රවා
ඔවු අයියේ,මං එයාට යන්න දෙනවා. නොදුන්නත් එයාට යන්න වෙනවා. මං ඒකට හිත හදාගෙන ඉවරයි. මොකද එයා වෙන කෙනෙකුගේ වෙන්නයි යන්නෙ. ඉතිං තාමත් හිතනවද එයා මට ආපහු ලැබෙයි කියලා..? ඔව් මේ සේරම එයා කියවනවා....(පොඩ්ඩක් උත්සහ කලොත් මේ ලගපාතින්ම එයාව හොයාගන්න පුලුවන්........)

 

මල්ලි සමහර ගැහැනු ලමයි ඉන්නවා. මෙ ගොල්ලා තමුන්ගෙ ප්‍රමුඛතාවය දෙන්නෙ වෙනයම් කරුනු වලට එවැනි කෙනෙකුට තවත් කෙනෙකුගෙ හිත කට දුකක් දෙන එක මහ ලොකු දෙයක් නෙමෙ... කෙල්ල කැමැත්තෙන් වගෙ ඉන්නෙ. මට තෙරෙන විදියට. කොහොමත් ගැහැණු ලමයි කියන්නෙ අමුතු සත්තු ජාතියක්. උබ බය වෙන්න එපා. එයාට තෙරුනොත් එයා වැරැද්දක් කරන්න යන්නෙ කියලා එයා කොහෙ ගියත් ආපහු එනවා....හැබැයි එයා වෙනකෙනෙක් ව බැදලා නම් රට යන්න හදන්නෙ ඔයා තව දුරටත් බලාපොරොත්තු තියාගන්න. මොකද අපිට ලැබුනත් නැතත් දෙයක් අපෙ බලාපොරොත්තුව තමයි අපිව ජිවත් කරන්න.. මම හිතන් ඉන්නෙ මට මම ආදරෙ කරන කෙනාව හම්බඋනොත් හොදයි... නැත්නම් වාඩාත් හොදයි කියලා... හිතෙ තියන දුක පොඩ්ඩක් හරි තුනි වෙන්න හිතෙන්ම දාගත්තු ජිල්මාට් එකක්....

 

@ රවා...
"අපෙ බලාපොරොත්තුව තමයි අපිව ජිවත් කරන්න.." මේකනම් ඇත්තම ඇත්ත. මමත් දැන් ඉතින් බලාපොරොත්තු උඩ තමයි ජීවත් වෙන්නේ...වැඩිය නෙමෙයි... දෙක තුනක්...ඒ හොදටම ඇති.....

 

හුගක් දුක හිතෙනවා අයියේ.........මොනව උනත් තමන් ගැන විශ්වාසය තියාගන්න...

 

meka mage adaretai man liyanne...,heta indan aye oya ethata yawiii,,,aye mata sihineka gilila inna wenawa,,,eththatama api kochchara ethada???parissamen inna.... api e widihatama imu,,, hariyata ahasai polawai wage...

 

Post a Comment