ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇරඹුම කදුලක්......

මේ ගීතය අපි හැමෝම අහල තියෙන එකක්. බොහොම සංවේදී පදපෙලක් වගේම එයටම ගැලපෙන තනුවකුත් තියෙනවා... කසුන්ගෙ හඩත් හොදින්ම ගැලපෙනවා.....
මම කැමතිම සින්දුව මේක තමයි....

ඇරඹුමම කදුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා......//

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා......//

ශෝකාන්තය එනතුරා
එහි රැදෙන්නට සිත් නැති නිසා...
අනන්නය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා....//

16 ඔබගේ අදහස..:

මගෙත් ප්‍රියතම ගීයක්.

 

මම අහල තියන විදිහට මේ ගීතය කසුන්ගෙ අම්මා (මාලනි බුලත්සිංහල) වෙනුවෙන් දීලීප කරුණාරත්න ලියපු එකක්. සංගීතය නාලක අංජන කු‍මාර

 

සමනලීත් මේ සිංදුවට ආසයි.... හරිම ලස්සනයි

 

හම් කසුන්ගේ සින්දු ඇතර මම වඩාත්ම කැමති සින්දුවක්

 

රවා ත් නිතරම අහන සින්දුවක්.. ඔයාගෙ පොස්ට් එකෙ මාතෘකාව දැක්කගමන් මට හිතුනා ඔයාත් මෙ ගැන තමයි කියන්න යන්නෙ කියලා..මම ඔයාට මෙල් එකක් දැම්මා gmail එකෙ ඇති ..

 

ඔයාලා හැමෝටම බොහොම ස්තුති ප්‍රතිචාර වලට...

@ රවා
අයියේ මේල් එක ඇවිල්ලා නැහැ.. gehanchandika@gamil.com වලට එවන්න....

 

මේ සින්දුව ලියල තියෙන්නෙ කසුන්ගෙ අම්ම වෙනුවෙන්. ඒත් මේකෙ විඩියෝ එක හදල තියන ගොබ්බය සම්පූර්ණ තේරුම කනපිටි ගහල.

 

@ Anonymous
සමාවෙන්න යාලුවා... මේ වීඩියෝ එක මේ ‍සින්දුවෙ හරි එකනම් නෙමෙයි....

 

මේ ගීතයෙන් කියවෙන්නෙ අම්මා ගැන තමයි...... නමුත් බොහෝ දෙනෙක් මෙය විරහ ගීතයක් හැටියට අරුත් වරදවා ගන්නවා අම්මා කියන වචනය මෙහි යොදා නැති නිසාම....එකත් හරියට එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කල ' මේ ජීවනයේ මුළු සංසාරේ ' ගීතය වගෙ... අගට යනකම් එ කියන්නෙ අම්මා ගැන කියල එක පාරට හිතා ගන්න බැහැ ..... කොහොම වුනත් ලස්සන ගීතයක්....... ස්තුතියි පල කලාට සහෝ...........

 

මමත් නිතරම අහන සින්දුවක්.

 

මාත් බොහොම ආස සිංදුවක් අයියා....

 

සියලු දෙනාගෙම ප්‍රතිචාර වලට නැවතත් ස්තූතියි...

 

මාත් හරිම ආසාවෙන් අහන ගීතයක්...
ගොඩාක් දැනෙන ගීතයක්...

 

මේක අම්මා ගැන කියපු සින්දුවක් කියල මම දැන් දැන ගත්තේ. බොහොම ස්තුතියි. එත් මේක පුද්ගලයගෙන් පුද්ගලයට ගැලපෙන විදිහ වෙනස් හින්ද මට මේක තාම විරහ ගිතයක්.

 

මේක අම්මා ගෙන ලියවුනු ගීතයක් නෙමේ.මේක විරහා ගීතයක්.ලිව්වේ දිලීප අබේසේකර.

 

Post a Comment