ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

වෙන්ව යාම.....


අත්වැල් පටලගෙන මතකද අපි ගෙවාගෙන ආපු දුර.......
මතකද අපි හිනාවුන හැටි අඩපු හැටි අපේ දුක සතුට බෙදාගත්ත හැටි...
මට මතකයි මගෙ සතුටෙදි ඔයා සතුටින් උඩ පැන්න හැටි... ඒ වගේම මගේ පුංචි දුකක් මහ ලොකුවට හිතට අරගෙන අඩපු ඔය ඇස්වල කදුලුත් මං දැක්කා..... ඒ කදුලු මං වෙනුවෙන් ඔය ඇස් වලින් ගලපු කදුලු .....
අපි ලස්සන ලෝකයක් ගැන හීන මැවුවා.... මතකයිද?
ඒත්.....

අද අපි දෙමංසලකට ඇවිල්ලා. අපි යන්න ආපු ගමන....අතරමග අත ඇරලා අපිට වෙන්වෙලා යන්න සිද්ධ වෙනවා..... ඔයා ඔයගෙ පාරෙ යන්න ඕන.... මට තනියම මගෙ පාරෙ යන්න වෙනවා..... තනියම.....
අනේ.... අපි දෙන්නටම එක පාරක යන්න තිබුණනම්....... ඉස්සර වගේම එකට..... ඉතුරු දුරත් යන්න තිබුනනම්.....
ඒත් අවාසනාවට.... අපි ඒ තරම් පින් කරලා නෑ....
ඉතින් අපි වෙන්වෙමු......
මේ ආපු මග දිගට අපි ගෙවපු අතීතයෙදි විදපු දුක සතුට හැම දෙයකම මතකයන් සිතේ ඉතිරි කරගෙන.....අපි වෙන්වෙලා යමු.......
හැබැයි..... ගොඩක් පරිස්සමින් ඔයාගෙ ඉතිරි දුර ඔයාට යන්න වෙනවා තනියම....
එදා වගේ ඔයාව ලග ඉදගෙන පරිස්සම් කරන්න මම ඔයා ලග නෑ..... ඒත් ඕනම දුකකදි කරදරයකදි මං ඔයත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යන්න....
එතකොට හීන සැබෑ කරගන්න ලේසි වේවි.....
කවදහරි දාක..... සමහර විට..... මේ පාරවල් දෙක ආයෙ හමුවේවි කොතනකදි හරි......
එදාට අපි යලි හමු වේවි..... නොවැරදීම...... එදාට ඔයා ඔයාගෙ සිහින සැබෑ කරගෙන ගොඩාක් ඉහල තරුවක් වෙලා ඉදීවි......එදාට ඒ තරුව එකම එක වාරයක් හරි දකින එක තමයි මගේ බලාපොරොත්තුව වගේම සතුට....
අන්න එදාට ඔය ලස්සන හිනාව තව එකම එක පාරක් හරි ඔය ඇස් වලින් මං දැක්කට පස්සෙ හිතේ සතුටෙන් මට ඇස් දෙක පියා ගන්න පුලුවන් වේවි.....
එහෙනම් මගේ ආදරණිය..........
ඔබට සුභ ගමන්.........
දෑත් පටලා ගෙවා ආවෙමු බොහෝ දුර
දුක මෙන් සතුටෙදිත් සෙවනැල්ල සේ......
මතකයන් සුන්දරයි
සිතින් ගොඩනැගු ලොවේ.........
පසු කරන් ආ මගේ දෙමංසල අබිමුවෙහි.....
වෙන්වෙලා යමු ඉතින්.......
දිනෙක හමු වේවි මේ මං දෙක යලිත්
නොවැරද......
සිනාසෙනු මැන එදින තව එක් වරක්
මියෙන්නට මට නුඹෙ සුවද සමගින්.........

19 ඔබගේ අදහස..:

patta...mona karannada...wiya yutha eyanam ayaga yahapathata oba karana kapawima agaya karamiii....



niyamai.....

 

atha arima dukak...namuth ein obath ayath nidahas wawi...

 

අපේ අයියාට හම්බුනේ සමනළියොයි තරු කැටයි විතරයි...සමනළියො ඉගිල්ලිලා ගියා...තරු කැට ඇත අහසේ ඉඳන් අයියාව පිස්සු වැට්ටුවා...අයියාට පුංචි වැලි කැටයක් ලැබුණා නම්..අපේ අයියා ළඟ එයා හැමදාම ඉඳීවි....නේද?

 

මට මේක කියෙව්වම මතක් උනේ මං කැමතිම සිංදුවක මෙන්න මේ පද පෙල අයියේ.....

අඳුරු ලලා..... සෙංකඩගල වැස්සේ....,
දිය දහරා.... පාටයි දේදුන්නේ...,
තෙමී තෙමී... ආදර මධු වැස්සේ.....,
ගිය දෙදෙනා අද යනවා දෙමන් තලේ......

 

අපි වෙන් උනා නෙවෙයි අපි වෙන් කලා...

 

දුකයි තමයි මල්ලියා.. දුකයි.. හැමදාමත් හදවත එවා මතක් කර කර වැලපෙයි.. නමුත් ඉතින් ජිවිත ගඟ ගලාගෙන පහලට ඇදෙනවා.. දවසක මහා සමුදුරය හා මුහු වෙවී....හම්බ උනාද මගෙ මෙල් එක

 

http://blog.inetlanka.com/#5599

 

කොහොම උනත් ජීවිතේ අපිට කවදාවත්ම තෙරුම් අරන් ඉවර කරගන්න බැ... අයින් වෙනව වෙන් වෙනව කියල හිතින් විදවන හැටි අපි හොදට දන්නව මලය..

http://worstverses.blogspot.com/2010/03/blog-post_13.html

 

අයින් වීමට වෙන් වීමට හුරු වෙන්න අමාරුයි කියලා මම නම් හොඳටම දන්නවා අයියෙ. ඔය විදියට යන කෙනාට ආශිර්වාද කරන්න හිත හදාගන්න අය ගොඩක් අඩුයි. තවත් හොඳ මනුස්සයෙක් අඳුරගත්තා මම...

 

මේ දුක , මේ වේදනාව ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ...මාත් මේ විදියටම වින්දා...තාමත් විඳිනවා...

ජීවිතේ අපිට දෙන්නේ දුකක් නම්....වේදනාවක් නම්මේක අපිට විදින්නම වෙනවා..

හරිම සංවේදි සටහනක්

 

වෙන් වීම දෛවයේ ලියවිලා තියේ නම් හිත තද කරන් මූණ දෙන්න අයියේ..... ඒත් ඔයා ඔය කියන්නේ කාලයක් ඇත්තටම ඔයාටම හිමි වෙලා තිබුන ආදරයක් ගැන කියලා සමනලී විශ්වාස කරනවා.... අනුන්ට අයිති ආදරයක් තමුන්ගේ කියලා අයිතිකරගන්න හදලා ඒක බැරි උන තැන මටත් වෙන් වීම හිමි උනා කියලා හඩාවැටෙන උදවිය ඉන්න නපුරු ලෝකෙක අයියා හොද හිතක් තියෙන මනුස්ස හිතක් තියෙන කෙනෙක්....

 

බලාපොරොත්තු නැති කරගන්න එපා මලේ...
කිව්වත් වගේ මේ දෙමංසලේදි වෙන් වුනත්...
මේ දෙපසට විහිද යන මාවත් නැවත මුණ නොගැසේවී යැයි කාට නම් සහතික විය හැකි ද ?
හරිම සංවේදී සටහනක්...
හැමදාමත් වගේ මේ තුළින් මං උඹේ හිත කියවනව...

 

මං මොනවද දෙවියනේ මේවට කියන්නේ,,කඳුල සගවගෙන මං හිනා වෙන්න හිතුවට හිනා වෙන්නේ කොහොමද??
"..... ඕනම දුකකදි කරදරයකදි මං ඔයත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යන්න...."
මේ වචන ටික හුගක් හිතට වදිනවා...මගේ ජීවිතේට හුගක් ළගයි,, අයියේ හුගක් දුකයි මේක කියෙව්වම,comment කරන්න පරක්කු වුනා මම පාඩම් කරන නිසා..ඔයා ඔයාගෙ හීන හැබෑ කරගෙන ගොඩක් ඉහල තරුවක් වුනොත් එයත් සිනහවේවි,,

 

චන්දික මලයා...
ලැබුවා වූ නව වසර...
සාමය, සතුට සපිරි...
ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

 

@ sansarasidu
ස්තුතියි අයියා... ඔබටත් ‍එසේම වේවා....

 

ඔහොම තමා...මේ ජීවිතේදි අපිට ගොඩක් අය මුණගැහෙනව.ඔවුන්ගෙන් සමහරෙක් අපේ ජීවිතේට ගොඩක් ළං වෙනව..ඵ්ත් අවාසනාවට ජීවිතේ ඵක තැනකදි ඔවුන් අපෙන් වෙන් වෙන් වෙලා යනව...ඔවුන් ආයෙත් හමු නොවුනද ඵ් මතකයන් හැමදාමත් අපේ හිත්වල තියේවි......

 

ඔහොම තමා...මේ ජීවිතේදි අපිට ගොඩක් අය මුණගැහෙනව.ඔවුන්ගෙන් සමහරෙක් අපේ ජීවිතේට ගොඩක් ළං වෙනව..ඵ්ත් අවාසනාවට ජීවිතේ ඵක තැනකදි ඔවුන් අපෙන් වෙන් වෙන් වෙලා යනව...ඔවුන් ආයෙත් හමු නොවුනද ඵ් මතකයන් හැමදාමත් අපේ හිත්වල තියේවි......

 

hope that two paths will meet,in the future....

 

නියමයි මචන්..බ්ලොග් ලිපිය..මගෙන් සුබ පැතුම්..

ආදරය විරහව සහ කදුල....ගැන ඉතින් කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා..ඒත් කෙටියෙන්ම කියනව නම්...බලාපොරොත්තු අත් හරින්න එපා..තව ටික කලෙකින් හැම දෙයක්ම හරි යයි...

 

Post a Comment