ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නිහැඩියාව බිද....


ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න මං කාලෙකට පස්සෙ ආවා බ්ලෙග් එක පැත්තෙ. ඔයාලටනම් දැන් මාව මතකද දන්නෙත් නෑ. මතක තියාගන්නම වැඩේ නේද? :D කොහොමද ඔයාලගෙ සැප සනීප? හැමෝම හොදින් ඇති කියලා හිතනවා. පහුගිය කාලෙ තිබුණු වැඩ කන්දරාවත් එක්ක බ්ලොග් ලියනවා තියා හුස්ම ගන්නවත් නිදහසක් තිබුණෙ නෑ. ගෙදර එනවා ආයෙ යනවා. ගියාම ඉතින් lectures, practicals, presentations, debates ඉවරයක් නෑ. ඉතින් මොන බ්ලොග්ද?
     අනේ මන්ද වෙලාව හොයාගෙන මේ පැත්තට ආවට මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ. හිතේ තියෙන කරදර සේරමත් එක්ක වැඩ කරද්දී එපා වෙනවා. මං හිතන්නෙ දැං මං මේ බ්ලොග් එක පටන් අරන් මාස දෙක තුනක් විතර වෙනවා මගේ හිතේ. හිතේ තියෙන දුක වාවගන්න මං ගත්ත පුංචි වෑයමක් මේ බ්ලොග් එක. හිතේ තිබුණු හැගීම් පිට කරගන්න මට මේ බ්ලොගය හොද පිටිවහලක් වුණා කිවුවොත් හරියටම හරි. මගේ අනිත් බ්ලොග් එකටත් වඩා ආසාවෙන් මං මේ බ්ලොග් එක ලියන්නෙ.
    මේ පුංචි කාලෙ තුල මේ හරහා මං වගේම තවත් සංවේදී හදවත් රාශියක් හදුනගන්න තරම් මං වාසනාවන්ත වුණා. මං බ්ලොග් වලට ආධුනිකයෙක්. මේ පැත්තට ආපු මට මං වගේම ගොඩක් අය අදුන ගන්න ලැබුණනෙ. මේ බ්ලොග් අවකාශෙදි අදුරගන්න ලැබුණ මුල්ම කෙනා වුනේ නෙරංජි නගා. එයා ඇත්තටම ගොඩක් හොද ගතිගුණ තියෙන නංගෙක්. එහෙම අදුනගත්ත අපේ මිතුරැකම කොහොම හරි අන්තිමට එයා මගේ සහෝදරියක් තරමටම ලං කරා. මං හිතින් වැටෙන හැම වාරයක් ගානෙම මොනව හරි කිය කිය මට ශක්තියක් වෙන්න නීනු ලොකු උත්සහයක් දරනවා.
ඊට පස්සෙ මට අදුන ගන්න ලැබෙනවා රවා කියන සංවේදී චරිතය. කවදාවත් දැකලා නැතිවුනත් චන්දික මල්ලි කිය කිය මගේ හැම බ්ලොගයකටම වචනෙකින් හරි දිරිමත් කිරීමක් කරන්න ඔහු අමතක කරන්නෙ නෑ. මගේ විතරක් නෙමෙයි මේ බ්ලොග් අවකාශය තුල ගොඩාක් අයගෙ ඕනම දුකක් කරදරයක් බෙදාගන්න රවා ඉදිරිපත් වෙන අවස්ථා අනන්තවත් මට දකින්න ලැබිලා තියෙනවා. කොහොම උනත් මම රවාට දීපු එක පොරොන්දුවක් තාම ඉටු කරන්න බැරි වුණා. රවා සමාව දෙනවා නේද? ඕන කමක් නෑ නෙමේ. මේ හැම දේකින්ම නිදහස්වෙලාවක මං ඒ පොරොන්දුව ඉටු කරන්නම්.
ඒ වගේම තමයි දිල් අක්කා,හා පැටික්කි,විහගි, සන්සරසිදු, සමනලී, හසිත,විෂ්මි ඇතුලු මගේ බ්ලොග් මිතුරැ මිතුරියන් හැමෝම වගේ මගේ මේ පුංචි බ්ලොග් ඉතිහාසය තුලදි ලොකු ශක්තියක් වුණා. ඒ හැමෝටම ගොඩක් පින්.
ඉතින් දැන් මං මේ බ්ලොගය ආපහු ලියන්න පටන් ගන්නවා දිග නිහැඩියාවකට පස්සේ. ඒ කාලය තුල සිදුවුණ දේවල් බොහොමයි. මං ඒ දේවලුත් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ.
ඉතිං වෙලාවක් තිබුනොත් මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.....

සැමට සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා....




9 ඔබගේ අදහස..:

නියමයි මචෝ.

Welcome Back කියල ඔයාව ආයෙ සාදරයෙන් පිලිගන්නවා. :)

 

මාත් කියවන්න ආවට කමක් නෑනේද?

 

සොයුර ඔබට ප්‍රීති වෙසක්......

 

සතුටුයි මෙහෙමවත් ආ එක ගැන....

 

අම්මෝ මේන් ඇවිල්ල.......
දවස් කීපයක්ම ඇවිත් බැලුව කොහෙද ගියේ කියල......

මාවත් මතක් වෙලා මගේ අයියට....... සතුටේ බැරුවා....... :)

 

ස්තුතියි මල්ලියෝ..කාලෙකට පස්සෙ උනත් ඇවිත් හැමෝවම මතක් කරලා සටහනක් තිබ්බට....ඔයා හොඳින් ඉන්නවා නම් ඒ ඇති..

 

හ්ම්.. මම දැන් ගොඩක් සතුටෙන්.. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා..... හැමෝටම මං ඒ සතුට පතනවා...

 

සමාවෙන්න අයියේ එදා කලබල වෙලා කෑ ගැහුවට.මගෙ යාළුවෙකුට දරුණු අසනීපයක් හැදිලා කියන ආරංචියට මම හුගක් දුකින් හිටියේ.
මට ගොඩ එන්න අත දුන්නේ ඔයා..ඔයා අවවාද දීලා හදපු මේ නංගිට නම් අයියාව අමතක නෑ..අහිමි වුන හුගක් දේවල් මට මේ ටික කාලෙ ඇතුලත මට ලැබුනා අයියේ..ඒ හැම වෙලාවකම තමන්ගෙ දුක සඟවගෙන මට හිනාව කියන දේ ගෙනත් දෙන්න උත්සහ කරපු ගෙහාන් අයියව මතක් වුනා.. ආයෙ ආ එක ගැන සතුටුයි අයියේ..

 

ඒ මෙන්න මේකේ මං ගැනත් ලියලා... අපෝ ඒත් එක ඡේදයයි...ඔන්න ඔහොම තමයි.. අයියලා නංගිලා ගැන හොයලා බලන්නෙ.. ඔය ටික ලියා ගත්තෙත් සෑහෙන විප්ලවයක ප්‍රතිඵලයකින්......බලන්නකො රවා අයියෙ!!

මට අර සින්දුවමයි මතක් වෙන්නෙ!!

කොත්තිලක්කු පහන තිබේ පෙට්ට ගමක් යට
කුප්පි ලාම්පුව හිමි වී ඇත මුලු තැන් ගෙට
අලුත ගෙනා ලාම්පුවේ එළිය දකින විට
අයියණඩිගෙ හිතට සතුට වැඩි වෙයි හරියට...

 

Post a Comment