ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

Instant කොමෙන්ටුව

හායි!!
හායි හායි!!!
ඉතින් කොහොමද?
වරදක් නෑ අනේ. ඔයා?
මමත් හොඳින්. ඒක නෙමේයි. මම අලුත් පෝස්ට් එකක් ලිවුවා.
ආනේ ඇත්තද? කෝ එවන්න ලින්ක් එක :-)
ආ ඉන්න. හරි මෙන්න. www.abcdefghijk.blogspot.com
ම්ම්ම්ම්ම්....... හරි ඔන්න මං කමෙන්ට් කලා.
මොකක් මේ තරම් ඉක්මණට. කෝ බලමු. හපෝයි!!! මේ මොකක්ද? "ෂා මරුනෙ. නියමයි" කියල දාල තියෙන්නෙ" පෝස්ට් එක කියෙවුවද?
වෙලාවක් නෑ අනේ. ඇයි මොකද අවුල?
පොස්ට් එක ලිවුවෙ ඊයෙ ඇක්සිඩන්ට් එකින් මගෙ හොඳම යාලුව මැරුණ කියල......

12 ඔබගේ අදහස..:

හහ් හහ් හහ්...
ෂා මරුනෙ... නියමයි...!

 

ඔය කමෙන්ට් එක දැම්මේ සුවර් එකටම බස් සෙට් එකෙන් එක්කෙනෙක් වෙන්නැති අයියා. (මරණේ අයියා වෙන්න බැරි නෑ... )

මාත් හදිස්සියට නම් කමෙන්ට් දානවා හැබැයි ඒත් කියවලා......

 

මම නම් පෝස්ට් එක කියෙව්වෙ නැතත් දාල තියෙන කමෙන්ට් වලින් හරි ගලපගෙන කමෙන්ට් එක දාන්නේ..
හිරේ යන වැඩක්නේ උඹ කරල තියෙන්නේ..

 

@ තිස්ස දොඩංගොඩ, හා පැටික්කි, සිරකරැවා, Sujeewa Kokawal

හේ හේ ස්තුතියි ප්‍රතිචාරවලට. හාවියෙ මේක මගේ අත්දැකීමක්ම නෙමෙයි. හැබැයි නෑ කියල කියන්නත් බෑ. ගොඩක් පෝස්ට් වල කොමෙන්ට් තියෙන්නෙ ඔය වගේ එකම රටාවෙ ඒව තමයි නේද?

 

maru, ela patta sira fatta maxa

හික් හික්.

මෙහෙම වුනාම ලියපු දේ හරිද වැරදිද කියල සාකච්චාවක් යන්නෙත් නැහැ. ලියපු කෙනාටවත් කමෙන්ට් කරපු කෙනාටවත් කිසිම වැඩක් වෙන්නෙත් නැහැ.

විහිලු කතාවක්, තමන්ට වුන අත්දැකීමක් ලිව්වත් ඒ ගැන "සිරා" කියනවට වැඩිය ටිකක් එකතු කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

 

දාපු කමෙන්ට්ස් මකන්න එපා මැකුවොත් හිරේ!

 

@ පිටස්තරයා.
සහතික ඇත්ත. අනන්තවත් දැකල තියෙනවා සෑහෙන මහන්සිවෙලා ලියන වැදගත් බ්ලොග් වලට ගොඩක් වෙලාවට තියෙන්නෙ කොමෙන්ට්ස් එකයි නැත්තම් දෙකයි. ඒකත් ඔය මං කිවුව වගේ පොඩ් පොඩි දේවල්. මම මේක මේ විදියට ලිවුවෙත් අනික් අයගෙ අදහස් දැනගන්නත් එක්ක. ස්තුතියි ප්‍රතිචාරයට. :)

@Ano,
නෑ නෑ මකන්නෙ නෑ... :D

 

මාර වැඩේ...... :-D

 

පුදුම මනුස්සයෙක්නේ...comment දාන්න කළින් කිවන්න එපැයි.හදිසිනම් පස්සේ හරි comment කරන එක තමා හොද.

 

හික් :D මරු සීන් එක :D

 

හිත හොද කමට ....කලබලය මික්ස් වුණාම වෙන අත් වැරදි බහුලයි.. මටත් ආවා යවප් නැති මැසේජ් එකකට විෂ් යූද සේම් කියලා...නැද්ද අයියෙ

 

Post a Comment