ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

අනේ මෙහෙමත් කාලකණ්නි!!!!


එග්සෑම් එක කට ගාවටම ඇවිල්ල තියෙද්දි වුනත් අද අහන්න ලැබුණු එක දුක හිතෙන කාරණාවක් නිසා මේක ලියන්න හිතුනෙ.කවුරු කොහොම කිවුවත් දැන් එන්න එන්නම අපේ මේ සුන්දර දිවයින විනාස වෙමින් යන බව අපි කවුරු වුනත් පිලිගන්න ඕනෙ දෙයක්. සංවර්ධනය වෙනව කියල භෞතිකව විතරක් සංවර්ධනය වුණාම ඇති කියල සමහරු හිතාගෙන ඉන්නව. ඒත් සමාජීය හෝ පුද්ගල ආකල්පමය සංවර්ධනයක් නැති ජාතියකට පැවැත්මක් නැහැ කියන එක මේ මිනිස්සුන්ට අවබෝධයක් නැති ගාන‍යි.

අද අහන්න ලැබුණ විදිහට අනුරාධපුරේ පැත්තක කැලැවක ගස් බරගානක් දැව හොරුන් කපල විනාස කරලා. තේක්ක  පලු වගේ වටින ගස් 200 ක් විතර කපල දාලලු. හේතුව ඉතින් මොකද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඉක්මන් සල්ලි හොයන්න මේ මෝඩ හරක් කරන වැඩ නිසා අවසානෙදි මේ රට කාන්තාරයක් වෙන එකනම් නුදුරේදීම වෙයි. අනික මේ කපන ගස්වලට යටවෙලා මැරෙන පොඩිගස් සත්තු ප්‍රමාණය කොයිතරම් විශාලද? මහ ගහක් වෙලා හැදෙන්න සෑහෙන්න කාලයක් යන නිසා මේ කපාගෙන යන වේගෙට කොහොමත් අලුතින් කැලෑ හැදෙන්නෙ නෑනෙ.

සංවර්ධන යෝජනා වලට කියල එහෙන් කැලෑ කපනවා. සමහර වෙලාවට ව්‍යාපෘතියට කොහෙත්ම අදාලත්වයක් නැති ප්‍රදේශ පවා විනාශ වෙලා ඒවයෙ තිබුණු වටින කියන ගස් වලට වෙච්ච දේවල් ඉතිං දන්නෝ දනිති. කොහොම කොහොම හරි අන්තිමට රටේ තියන කැලෑ ටික විනාශ වෙලා යනවා. ඒ ප්‍රශ්නෙ එතතින් නවතින්නෙත් නෑ. ඊට පස්සේ කෑ ගහනවා අලි ගමට එනවා. වැව් හිඳෙනවා. දේශගුණේ වෙනස් වෙනවා කිය කියා. අපේ රටේ බොහොමයක් පැතිවල තත්වය මේක තමයි.

බොහෝ වෙලාවට ඉතින් මේ දැව ජාවාරාම් වල පිටිපස්සේ ඉන්නෙ රට කරවන ලොකු ලොකු ඇත්තො හරි එයාලගෙ හයිකාරකම් අතට ගත්තු හෙන්චයියො හරි තමයි. ඒ නිසා ඒ අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑනෙ.වැරදි කරපු මිනිස්සු එක ටෙලිෆෝන් කෝල් එකකින් එලියෙ. අන්තිමට නඩුත් නෑ බඩුත් නෑ. රටට කරන්න මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වෙලා ගිය ඈයොම මිනිස්සුන්ට ඒකටත් එක්ක හරියන්න ගම්වැසියෙක් ලී කෝටු කෑල්ලක් කපාගන්න හරි හරකෙක් හොයන්න හරි කැලේට වැදුනොත් අන්න ඉවරයි. අල්ලල නඩු දානවා. 

පොඩි මිනිහ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නීතියම ලොකු මිනිහටත් ක්‍රියාත්මක කරවන්න පුලුවන් පාලකයෝ බිහිවුන දවසට මේ රට ආයෙ සුන්දර රටක් වෙයි කියල අපි බලාගෙන හිටියත් ඒ දවසනම් ආයෙ කවදාවත් එන එකක් නැහැ.

15 ඔබගේ අදහස..:

හ්ම්ම් ඇත්ත අයියේ.. තියෙන ගස් ටිකත් නැති උනාම කාන්තාරයක්ම වෙලා යයි අපේ රට.. :/

 

පොඩි මිනිහාට බලපාන නීතිය ලොක්කටත් එන දවසක් නම් උදාවෙන එකක් නැහැ මචෝ... ඒත් මේ වගේ පෝස්ට් එකකින් වත් දැනුවත් කරන එක ලොකු දෙයක්.

 

දෑනටමත් අපේ රට භාගෙට කාන්තාරයක් වෙලා තියෙන්නේ මේවා කරන ඈයොනුත් හොඳින් ඉන්නවානේ

 

api manasin parinaame wela na thama agen pariname unata :D

 

හුම්ම් එකන්ම ඈත්ත මේ අපිට බෙදන හෑන්දෙන්ම එයාලත බෙදුවානම්

නේද..?

 

"පොඩි මිනිහ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නීතියම ලොකු මිනිහටත් ක්‍රියාත්මක කරවන්න පුලුවන් පාලකයෝ බිහිවුන දවසට මේ රට ආයෙ සුන්දර රටක් වෙයි කියල අපි බලාගෙන හිටියත් ඒ දවසනම් ආයෙ කවදාවත් එන එකක් නැහැ."

සහතික ඇත්ත... මෙහෙම දෙයක් ආයි කවදාවක් වෙන එකක් නෑ :-(

 

ඕවා කතා කරලා අපේ ලේ පුච්චගන්න තමයි වෙන්නේ.....වැඩක් නෑ බං....

 

තව සෙට් එකක් නෝර්වුඩ් වල කෑලෑ වලටන ගිනි තියලා.

 

මහ විසල කැලේකින් වට වෙච්ච අපේ ගමේ ඉන්න මිනිස්සු නම් කැලේ ගහක්වත් කපන්න මාරම බයයි . ඉතින් ඒක නිසා තවම අපේ කැලෑවනම් පරිස්සම් ...

 

හරිම වටිනා ලිපියක්..මේ කාලෙ ඉන්න තිබුණෙ සියටැල්...එහෙනම් තව පාරක් මැරෙයි...

 

මේ විදිහට හිතන අය ඉන්න එක කොච්චර සතුටක්ද ? ලියන්න තව.. අපිට පුළුවන් දේ අපි කරමු.. සල්ලි වලටය මුල් තැන නොදෙන ඒ කාලය අපේ ජීවිත කාලේ ඇතුලෙදි ලැබේවා කියල පතමු

 

meka sinhalen liyanne kohomada?

 

@නිර්මාල්
මේක කිවුවවෙ මොකක්ද?

 

Emailwala Sinhalen liyanne Kohomada

 

Post a Comment