ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

෴අසරණකම කියන්නේ මේ වගේද කියල බලන්න෴

(2011.03.11 දින අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ගත් ඡායාරූපයක්)

                     මෙයාව දැක්ක වෙලාවෙ මටනම් ඇතිවුනේ ලොකු දුකක්. මේ විදියට ජීවත් වෙන එක මෙයාට මොන තරම් අමාරැ ඇතිද කියල මට ඒ වෙලාවෙ හිතුණා. මෙයාව දකින්න ලැබුණේ අනුරාධපුර ස්ටේෂන් එකේදි. අතේ තිබුන කැමරාවෙන් එවෙලෙම පොටෝ එකක් ගත්ත. ඒකට වුනත් දුකෙන් බලන් ඉන්නෙ. ලඟට අඬ ගැහුවට ආවෙනම් නෑ. සමහර විට මේ ඉරණම අත් වුනේ මනුස්ස සතාගෙම ක්‍රියාවක් නිසා හින්ද මනුස්සයොන්ට මෙයා බය ඇති. හැබැයි එයා කකුල නැති වුනත් ඒක බාධාවක් නොකරගෙන එතන හිටපු අනික් සගයො එක්ක අමාරැවෙන් උනත් හරි හරියට එහෙ මෙහෙ පැන පැන හරි දුව දුව තමන්ගෙ ජීවිතය ගෙවන එකනම් අත පය හොඳට තිබෙද්දිත් කම්මැලියො වගේ ඉන්න මිනිස්සුන්ටත් හොඳ කනේ පාරක් කියල තමයි මටනම් හිතුනෙ. 

          හැබැයි ඉතිං මනුස්සයෙක්ට අතක් පයක් කැඩුනම එයාලට විකල්ප තියෙනවා සලකන්න ඈයො, යන්න ඉස්පිරිතාල එහෙම තියෙනව. ඒත් මේ වගේ දෙයක් සතෙක්ට වුනාම උන්ට කාගෙ පිහිටක්ද? සමහර වෙලාවට ඒ නිසාම ඌට උගේ ජීවිතේ පවා නැතිවෙනවානෙ. අසරණ වුන සත්තුන්ට කීයෙන් කී දෙනාද සලකන්නෙ. එහෙම බැලුවම මනුස්සයෙක් වෙලා ඉපදෙන එක කොයිතරම් වාසනාවක්ද? 

9 ඔබගේ අදහස..:

අනේ පව්... ඇත්තටම සතෙක්ට මෙහෙම උනාම කරන්න දෙයක් ඇත්තෙම නෑනේ.. :(

 

ගොඩක් අසරණයි ඔය වගේ සත්තු, පව්... සමහරු ගල් වලින් දමලා ගහනවා කිසිම දුකක් නැතුව ඒ වගේ දෙයක් නිසා තමා මෙයාටත් මෙහෙම වෙලා ඇත්තේ :(

 

ඇත්තට කාට කියලා කියන්නද ?.

 

paw :( eth api mona karannda?

 

හ්ම්ම්ම්ම්ම්.......... වාහන වලට හැප්පුන අය තමා ගොඩක් විට ඔහොම වෙන්නේ....... අනේ මංද කතා කරන්න පුලුවන් උනා නම් එයාලටත්.........

 

පව් බං බව් බව්....

 

පෙර ආත්ම වල කරපු පව් බං ඔය ගෙවන්නෙ. සමහර මිනිස්සුත් ඉන්නෙ බං කාත් කවුරුවත් නැතුව සත්තුන්ටත් වැඩිය අසරන වෙලා. ඒක ලෝක ස්වභාවය.

 

මෙ එක පැත්තක් විතරයි. එත් අපිට තව නොපෙන මෙ මිනිස් සමජය තුලම තියනවද? තිත්ත උනත් දුක හිතේන ඇත්ත.

 

Post a Comment