ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇයි කෙල්ලොන්ට එහෙම කරන්න බැරිද?

විභාගෙ නිසා පහුගිය ටිකේම පිස්සු හැදෙන විදියට නිදිමැරුවා. දෙයියනේ කියල ඊයෙ තමයි විභගෙ ඉවර වෙලා ගෙදරට ගොඩබැස්සෙ. දැං ඉතිං දවස් දෙක තුනක් නිදහසේ ඉඳල ආයෙ ඊගාව සෙමස්ටර් එකට ලෑස්ති වෙන්න එපැයි. නිදහසේ ඉන්න කිවුවට ඒකත් ෂුවර් නෑ අප්පා... විභාගෙ නිසා මග ඇරුණු අවුරුදු නෑ ගමන් ටික ඔන්න අම්මා ලෑස්ති කරගෙන. දැං ඉතින් මේ වැස්සෙ පලයල්ලකෝ නැ ගමන්..  :@

අද මේ ලියන්න හදන මාතෘකාව ගැන මතක් වුනේ විභාගෙට පාඩම් කරමින් ඉන්න කොට. ඒ දවස්වල අහපු පුංචි සිද්දියක් නිසා. ඒත් පාඩම් වැඩ ටික අස්සෙ වැඩේ එහෙමම කල් ගියානෙ. හරි වැල්වටාරම් ඇති. මෙන්න මේකයි කතන්දරේ. ඊයේ අපේ ගෝල්ඩ් ෆිෂ් මාලු යාලුවත් මේකට අදාල කාරණාවක් ගැන ලියල තිබුණනේ. ඔව් ඔව් ඒ ගැනම තමයි මේ ලියන්න හදන්නේ.

කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වුණාම ඒ මේ අපේ රංග සහෝ කියන්න වගේ  කෙල්ලගෙන් අහන්න පුලුවන් (මං කියන්නෙ ආදර සම්බන්ධතාව ගැන හොඳේ. ඔයාල මේ වෙන එවුව මෙවුව ගැන හිතල  :p  ) . ඒක කිසි ගැටලුවක් නෑ. එක්කෝ කෙල්ල හා කියයි නැත්තං බෑ කියයි. ඒක්කෝ පොඩ්ඩක් ලත වෙවී ඉඳලා හා කියනවා.(වැඩි හරියක් කෙල්ලෝ ඉතිං එහෙමනේ. ඩිමාන්ඩ් :p ) හැබැයි ඕකේ අනික් පැත්ත වුනොත්? ඒ කිවුවෙ කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක්ට කිවුවොත් මං ඔයාට කැමතියි කියලා?

ඇයි කෙල්ලන්ට කොල්ලො ගැන හිත් පහල වෙන්නේ නැද්ද? එහෙම වුනොත් ඒක වැරදිද? (හෝව් පොඩ්ඩක් හෝව්. මම මේ කෙල්ලන්ට කඩේ යනව නේමේ හරිද  :D ) මේ වගේ සිද්දි තුනක් මම දැකල තියෙනවා. එකක් අර මාලු මගය කිවුව වගේම ජාතියේ ෆෝවර්ඩ් කෙල්ලෙක් අපේ යාලුවෙක්ගෙන් යාලුවෙන්න කෙලින්ම ඒකිම අහල තිබුණා. (කොල්ලනං හැන්ඩියා). අනිත් සීන් එකේදී තව කෙල්ලක් අපේ තව යාලුවෙක් ගැන අදහස තියං ඉඳිය සෑහෙන කාලයක්. ඒ ගැන ඌට විවිධ විදියට දැනෙන්න ඉඩ ඇරියා. යාලුවො මාර්ගයෙන් නොකිය කිවුව. හෙන අහිංසක කෙල්ලෙක්. හැබැයි අපේ එකා නෙමේ ඇහැක්වත් ඇරල බැලුවෙ. අන්තිමට වෙන කොල්ලෙක් ඒකි එක්ක යාලු වුණා. මේ සීන් දෙකම මම ඉස්කෝලෙ යන කාලෙ (මීට බොහෝ කාලෙකට පෙර  :D ) වුනේ. තව සීන් එකක් තියෙනව අපේම බැචියක්ගෙ. ඒ ගැන නං වැඩි විස්තර කියන්න බෑ. :D

ඇත්තටම මෙහෙම සීන් එකක් වුනාම අපි පුරුදු වෙලා ඉන්නෙ ඒ කෙල්ලට අපහාස කරන්න. "මහ වල් කෙල්ලෙක්". "පුදුම ඇම්මක්නෙ තියේන්නෙ"... ඔන්න ඔය වගේ එක එක අපහාස කතන්දර කියනව අර කෙල්ලන්ට. ඇත්තටම කෙල්ලන්ට ආදරේ ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද? එහෙම කලොත් ඒකෙන් හැඟෙන්නේ කෙල්ල වල් කියන එකද? (මේ කියන්නේ ඔය බැඳපු ගෑනු ගැන එහෙම නෙමේ. මනුස්සය පැත්තක ඉඳිද්දි තරැණ හැන්ඩි කොල්ලන්ට බැල්ම දාන ලොකු අක්කල ගැන නං නෙමේ)

කොල්ලන්ට පහල වෙන ප්‍රේමනීය හැගීම් කෙල්ලොන්ට ඇතිවෙන්නෙ නෑ කියල කාටවත් කියන්න බෑනෙ. මමනං හිතන්නෙ උන්ටත් චාන්ස් එකක් තියෙන්න ඕන නේද තමන් කැමති කොල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න. තාමනං ඒ වගේ දේකට අවස්ථාවක් මේ වර්තමාන සමාජ රටාව තුල නෑ. මොකද අපේ රටේ සංස්කෘතිය සහ සමාජ රටාව වගේ ඔය බර බර වචන වලින් කියන දේවල් නිසා අපේ කෙල්ලො චාටර් වෙන්න බයයි. ඒ නිසා උන්ට බලං ඉන්න වෙනවා කොල්ලම ඇවිල්ල අහනකං. (හැබැයි ඉතිං මායම් දාල දැලට කොල්ලව අල්ලගන්න කෙල්ලොත් නැතුවම නෙමේ. ;)   නේද?)

ගොඩක් කෙල්ලො තමන් කැමති ජාතියෙ හීන කුමාරයෙක් ඇවිල්ල තමන්ව අස්සය පිටේ (නෑ නෑ සෝරෝ නෙමේ  :D) අරං යයි කියල බලා හිටියත් තමං බලාපොරොත්තු වෙන ජාතියෙ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්නෙ නෑ. සමහරු බලා ඉඳල ඉඳල අන්තිමේදී ඔය කා එක්ක හරි සෙට් වෙනවා. ඒ අතිං කොල්ලො වාසනාවන්තයි. තමං හොයන ආකාරයේ කෙල්ලෙක්ගෙන් කෙලින්ම අහන්න චාන්ස් එක අපිට තියෙනවා. කෙල්ලො පවු.......

22 ඔබගේ අදහස..:

සිරාවටම.. අපි එහෙම හිතන එක වැරදියි.. අපි කැමති කෙල්ලෙක් ගෙන් යාලුවනෙන්න අපි අහනවා නම් ඇයි කෙල්ලෙක්ට‍ තමන් කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්න ට්‍රයි කරන්න බැරි?

 

පව් නේන්නම්... එහෙම කෙල්ලෝ දිහා වැරදියට බලන්න නාකයි.ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවනේ.. කොල්ලෙක් ඇහුවාම කෙල්ලෙක් නෑ බෑ කියනවා වගේ කෙල්ලෙක් ඇහුවාමත් නෑ බෑ කියන්න කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන... හික්ස්

 

කෙල්ලන්ට එහෙම චාන්ස් එකක් ආවොත් උන් ඔක්කොම යයි ඉතින් නලුවො පස්සෙයි මොඩ්ලින් කරන උන් පස්සෙන්... අපෙන් අහන්න කවුරුත් එන්නේ නෑ බන්...

 

අඩේ ඔය විදියට මට ඕක කියාගන්න බැරුව කෙල්ලො කී දෙනෙක්නම් ලත වෙනවා ඇත්ද? :D

 

ලිපියත් හරි..කමෙන්ට් ටිකත් හරි...

කෙල්ලෙකුට අයිතිය තියේ කොල්ලෙකුගෙන් අහන්න..ඒ වාගෙම කොල්ලෙකුටත් අයිතිය තියේ ප්‍රතික්ෂේප කරන්න හෝ...කැමතිනං බාර ගන්න.

හැබැයි මල්ලි හරි උනත් වැරදි උනත් කොල්ලෙක් අඩ අඩ පස්සෙන් යන එකට වඩා කෙල්ලෙක් කොල්ලෙක් පස්සේ අඩ අඩ යන එකනං ඒ හැටිම සැටිස් නැහැ වගේ නේද..? ඒකෙන් ඒ කෙල්ලව හුගක් බාල්දු වෙන්න ඉඩ තියේ..කොල්ලෙකුට වඩා...

මතක තියා ගන්න මම කිව්වේ හරි උනත් වැරදි උනත් මතකනේ...

ආ තව එකක් ඔය අස්සේ කෙල්ලෝ ගොඩාක් පස්සේ එක පාර යන කොල්ලෝ වගේම..අති භයානක කෙල්ලොත් ඉන්නවා එක පාර තෝරු මෝරු කෙළවල්ලෝ අල්ලන්න යන..අන්න ඒ කස්ටියනං අති භයංකරයි...

අර කෑල්ලත් එළ
"ගොඩක් කෙල්ලො තමන් කැමති ජාතියෙ හීන කුමාරයෙක් ඇවිල්ල තමන්ව අස්සය පිටේ (නෑ නෑ සෝරෝ නෙමේ :D)"

 

ඒකත් ඇත්ත මචන්...මගේ කෙල්ල දවසක් කිව්වා"අපි ඇමෙරිකාව වගේ රටක ඉපදුනානම් ඉවරයි නේද"කියලත්.මට එදා හිතුනෙත් ඕකමයි.සමාජේ එක්ක ආදරේට කොච්චර බාධා ද...මතක් වෙනකොටත් බයයි....
හැබැයි එකක් තියෙනවා...
කෙල්ලෙක්ගේ පස්සෙන් යනෝ වගේ ආතල් නැ කෙල්ල පස්සෙන් එනකොට...
හික් හික්

 

මාත් හිතනව කෙල්ලෙක්ට හෝ ගෑණියෙක්ට පුලුවන් වෙන්න ඕන තමන් කැමති කොල්ලට හෝ පිරිමියාට බය නැතුව කැමතියි කියල කියන්න.
නමුත් අවාසනාවකට උන් එහෙම කියන්නෙ නෑනෙ. කියන්නත් ආසයි ... කියන්නෙත් නෑ .. නිකං මේ... ගැරඬි ගිල්ල වගේ ඇඹරෙනව. මම අකමැති අන්න ඒකටයි.

 

ඒකත් ඇත්ත තමා. මාත් මේ බලාගෙන ඉන්නෙ කවද හරි කෙල්ලෙක් ඇවිල්ල අහනකම්. ඒ වැඩේ කවදාවත් වෙන්නෙ නැති ‍වැඩක් වෙයිද මන්දා :P

 

හ්ම්ම් වෙනස් පැත්තක්

 

අනේ පව් අහිංසක කෙල්ලො....

 

ඒ උනාට මේ සමාජයේ ඉන්න ගොඩක් ගෑණු ළමයි එහෙම ආදරේ ප්‍රකාශ කරන්නේ තවත් කෙනෙක් රවටලා ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලෝ මරු කරන අයයි.මේ වගේ වැඩ කරන කෙල්ලෝ නිසා තමා ඇත්තට ආදරේ කරන කෙල්ලෝ බය තමන්ගේ ආදරේ කොල්ලාට කියන්න.

 

ලිපිය නියමය්..........
මමත් කියන්නෙ කෙල්ලනට් එහෙම චාන්ස් තියෙන්න ඔනේ....දැන් දැන් නම් ඒක වෙනවා........
මම ඇතුලු මගේ යාළුවෝ තුන් හතර දෙනෙක්ම එහෙම තමා ගොඩ ගියෙ...

 

හ්ම්...ඒත් හිතන්නකො කෙල්ලෙක් ඔහොම ඇහුව කිව්වොත් කොල්ලෙක්ගෙන් ගොඩක් අය කියයි, ආ...ඒකිට තියන විසේ බලපල්ලකො කියල.

 

aniwa machan . kellantath chance ekak tiyenna one. godak welawata ahinasaka kello thamage adare hangagena duk wenwa. eka me samaje waradda? waradda karagena thiyenneth kelloma thama.

 

ලිපියනම් නියමයි . ඒත් සමහර කෙල්ලෝ නම් මාර ගනං හරියට කවදකවත් කසාද බඳින්නේ නෑ වගේ තමා ඉන්නේ . අමුතුම කෝනෙකින් බලලා ලියාපු ලිපියක් ..

 

අර පණුවා කිව්වා වගේ ... කෙල්ලෝ ටික පව් ...:DDDD

 

ඔව් බන් වැපා මුන් හැම එකාම දාර්ශනික ටෝක් දෙනවා. ඒත් බලපන් එකෙක්වත් ඇත්ත තේරුම් අරගෙන නෑ. පවු බන් ඒ කෙල්ලො. කොච්ච‍ර දුකක් විදිනවා ඇද්ද හිත ඇතුලේ තෙරපගෙන ඒ හැගීම. මන් කියලත් ඉතින් මොනා ක‍රනන්ද බන්. :D::D

 

මම යාළුවෙලා ඉන්න කෙල්ල, එයා තමයි මුලින්ම ආදරයි කිව්වෙ මට.


ප්රෂ්නයක්!( මොනවත් හිතන්න එපා මෙහෙම දැම්මට)
ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
උත්තරේ දැනගන්න මගේ බ්ලොග් එකට යන්න
http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.html

 

මගේ අස්සයා පිටේ එන්නේ මම නැතුව වෙන කවුද බං... :D

උඹට කියන්න මචං ගෙහානයෝ..... මම ඔය කෙල්ලන්ගෙන් බේරිලා ඉන්නේ ලෝක අමාරුවෙන්.. :D

 

ෂා ඔයාගේ ඔය ටික කියවල මගේ ඇස් දෙකට කදුළු ආවා. මොකද අපි කෙල්ලෝ හැමොටම ඔය ප්‍රශ්නේ තියෙන නිසා. ඒ වගේ ම තමා සමහර විට තමන් ආදරය කරන කෙනාම මහා කැත විදිහට කියනව ඔයානේ ඉතින මගේ පස්සෙන් ඇවිත් යාලු උනේ කියල ඒ නිසා කෙල්ලෝ ගොඩක් වෙලාවට හිතේ තියෙන දේවල් නොකිය ඉන්නවා

 

Post a Comment