ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ආච්චිගෙ රෙද්ද


ඉන්නකං ආච්චි ඇන්දා
මැරුණට පස්සේ පෙට්ටගමේ තිබුණා
පස්සෙ ලිපගාව ජනේලේට තිරේ වුනා
බාසුන්හැලට  අත පිහදාන්න දුන්නා.
දැලි වලං අල්ලන්න ගත්තා
කාලෙකින් දරණුවක් වුනා.
ඉතුරු කෑල්ල ටොමියට ලැබුණා.

සමහරුන්ගේ ජීවිතත් ආච්චිගේ රෙද්ද වගේ කියල මට හිතුණා!!

8 ඔබගේ අදහස..:

හ්ම්ම්.. ඔහොම තමා ඉතින්

 

ම්ම්ම්.. උඩින් පොඩියට පෙනුනට ඈතුලෙන් මහ විසාල දෙයක් කියන පද කීපයක්.. ඈතුලෙන් කියන විසාල දේට මම ගොඩක් කෑමතියි ++++++

 

රෙදි වලට මෙහෙම තමයි වෙන්ට ඕනා........... ඇයි අහලා නැද්ද සිවුරු ගැන තියෙන කථාව.......... :D අගේ ඇති කියුම මලේ

 

රෙදි විතරක් නෙමේ කාලයක් යනකොට හැමදේටම ඔය දේ පොදුයි ....

 

ඕනෙ උනාම ලඟම තියෙන එපා උනාම බල්ලටත් යන රෙද්ද

 

පට්ට! පිටින් බලනවනම් එහෙම බැලුවැකි ඇතුලින් බැලුවොත් ලොකු කතාවක් තියෙනවා...

 

අපේ ආච්චිගේ චීත්තයක් ඊයේ මම අපේ චූටි බිලි ට නිදා ගන්න දුන්න
අර්ථයක් තියෙන නිසදැසක් ,,

 

Post a Comment