ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

සමනල වැව් බිමේ ශෝකාන්තය


සමනල වැව ආයෙත් හිඳිලා
ආදර කඳු පහසින් තෙමී
වැව් තෙරට ගලා අවුදින්
සමනලිය සුන්දර කෙරූ
හිරිකටුඔයේ ආදර දියකඳ අද නෑ....

හරියට නුඹේ හිතත් ඒ වාගේ
වැව් තෙර හිඳ එදා
දියරැලි නැගෙනයුරු බලා
මිමිණු සුපෙම් හසරැල්
සෙනේ ගඟ වියලිලා
වැවි බිම සේම මා හද ඉරිතලා
වියලි වැව්තලේ හිඳිමි අද තනිවෙලා....
අනෝරා වැසි වැටී
පුරවාවි සමනලිය හෙට
පෙර සේම රැලි නැගේවි
එහෙත් මම??