ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඔයාටත් ආදරේ කරන්න මෙහෙම කෙනෙක් ඉන්නවද?

ටිකකට ඉස්සෙල්ලා බුකියට ආපු වෙලාවෙ දැක්ක පෝස්ට් එකක් නිසා හිතට ලොකු සංවේදී හැඟිමක් ආවා. අපේ ගෙදරත් දෙන්නෙක් ඉන් හන්දා මේ පෝස්ට් එක කියෙවුවම ඒ දෙන්න ගැන තියෙන ආදරේ තවත් වැඩි වුනා. ඇත්තෙන්ම කිවුවොත් ඇහැට කඳුලක් ආවේ නැහැ කියල කියන්න අමාරුයි. අපේ ලඟම හිතවතුන්ටත් වඩා මෙයාලා අපි එක්ක රැඳෙමින් අපේ දුක සැප බෙදාගන්නවද කියලා මෙයාලා ඉන්න අය හොඳින්ම දන්නවා. ඒ නිසාම එම පෝස්ට් එක දාපු Pathum Madushan සොයුරගේ අවසර ඇතුව එම පෝස්ට් එක මෙහි පලකරනවා. කියවලාම බලන්නකො. කියවීමේ පහසුවට පොඩ්ඩක් එඩිට් කරා :)

****ඔයාලාගෙ ගෙදර ඉන්න සුරතලා ඔයාට නොකියා කියන දේවල් ටිකක් මේ....


  • මගේ ජිවිතය පසුගිය අවුරුදු 10 සිට 15 දක්වා කාලය තුල අපේ කිසියම් වෙන්විමකින් වුවත් මාව වේදනාකාරි බවට පත් වේවි. මතකද ඔබ මාව ලබා ගැනිමට පෙර ඔබ ගත කල කාලය?

  • ඔබට මගෙන් මොනවද ඕන දැයි කියා තේරුම් ගැනිමට  මට කාලය ලබා දෙන්න.

  • ඔබගේ ජීවිතයෙන් මටත් තැනක් ලැබේයැයි මා විශ්වාසය තබමින් සිටින්නම්. එය ඉතා වැදගත් වෙනවා මගේ පැවැත්මට.

  • මා සමග බොහෝ කල් තරහ වි සිටින්න එපා. ඒ වගේම දඩුවම් දිමක් ලෙස මාව හිරකර දමන්නත් එපා.

  • ඔබට ඔබගේ වැඩ ,ඔබගේ විනෝදය සහ ඔබගේ යහලුවන් සිටිනවා. ඒත් මට සිටින්නේ ඔබ පමණමයි.

  • මට දවසේ යම් හෝ වේලාවක කතා කරන්න. මට ඔබගේ වචන තේරුම් ගැනිමට අපහසු වුනත්, මට තේරුම් ගැනිමට පුලුවන් ඔබගේ කට හඩ. 

  • මට ප්‍රතිකාර කරන විටදි මට දැනෙනවා ඔබ මට ඇති සෙනෙහස, මම කවදාවත්ම එය අමතක කරන්නේ නැති වේවි.

  • ඔබ මට පහර දිමට පෙර මදකට හිතන්න. මට තිබෙනවා තියුණු දත්. ඒවායින් ලේසියෙන්ම පුලුවන් ඔබට හිංසා කරන්න. නමුත් මම ඔබව හපන්නේ නෑ. මක්නිසාද මම ඔබට ආදරේ නිසා.

  • ඔබ, මට මගේ කම්මැලිකමට හෝ හිතුවක්කාර කමට සැර කිරිමට පෙර මදක් සිතන්න. ඔබ විසින් තරහෙන් මට කියන යම් කිසි දෙයක් වුණත් මට ලොකු හිරි හැරයක් වෙනවා. සමහරක් විට මම ආහාර ගන්න එකක් නෑ. එක්කෝ  මට අකමැත්තෙන් වුනත් බොහෝ කාලයක් ගෙදරින් පිටවි සිටිමට සිදු වෙනවා . නමුත් එයින් මගේ හදවත වියපත් බවට සහ දුර්වල බවට පත් වෙනවා.

  • මාව හොදින් බලා ගන්න. විශේෂයෙන් මම මහලු බවට පත් වු විටදි. ඔබද මහලු බවට පත් වේවි. මාත් සමග යන්න අමාරු චාරිකා වලදි  "මට ඔබව ගෙනිහින් රැක බලා ගැනිමට බැහැ"යි කියා කවදාවත්ම කියන්න එපා . ඔබ සැමවිටම මගේ ළග සිටින විට සෑම දෙයක්ම පහසු වෙනවා .
මගේ මරණයෙදි පවා මතක තබා ගන්න මම ඔබට ආදරේයි කියලා ♥

27 ඔබගේ අදහස..:

// මදකට හිතන්න ඔබ මට පහර දිමට පෙර,මට තිබෙනවා දත් සහ ඒවායි ලේසියෙන්ම පුලුවන් ඔබට හිංසා කරන්න,නමුත් මම ඔබව හපන්නේ නෑ මක්නිසාද මම ඔබට ආදරේ නිසා.

මේ කතාවනම් ඇත්තමයි නේද...

 

සංපූර්ණ ඇත්ත මචන්........

 

මටත් මං හුඟාක් ආදරේ කරපු මේ වගේ කෙනෙක් හිටියා, ඒත් දැන් මාස ගානකට කලින් මාව දාලා යන්නම ගියා. මේක කියවලා මට එයාව මතක් වුනා. මගේ තනියට හිටපු මගේ ෂැගී.:(

 

මේ දේවල් නම් ගොඩක් මිනිස්සුන්ට දැන්නෙ නෑ තමයි. ගොඩාක් වෙලාවට සත්තු හරියට ආදරේ බලාපොරොත්තු වෙනවා. අපි වගේම එයාලටත් හැගීම් දැනීම් තියෙනවා. වටින පෝස්ට් එකක්. :)

 

අපේ දිහා ඩෝගියෙක් නැහැනේ..

 

හම්ම්ම්... මොක්ක් උනත් එක ඇත්ත... තිරිසන් උනාට උන් සමහර මිනිස්සුන්නට වඩා ගොඩක් හොදයි....

 

හ්ම්ම්ම්ම්.. මට දුකයි උඹ ගැන.. ගෙදර උන් සලකන විදිය නම් අන්තිමයි.. :P

 

@Yohan Kanishka උඹ ඉන්නවානෙ.. තව උන් මොකටද :D :D

 

ඇඩෙනවා....
බල්ලන්ට මිනිස්සුන්ට වඩා තේරෙනවා!!

 

හ්ම්ම්ම්ම්ම්ම්

 

අනේ ඕක බලල ඉවරවුන ගමන් මං ගීන් මගෙ සුදු මැණිකව බදාගෙන හිටිය......:(

 

හිටියා මචන්.. ඒත් එයා අපිව දාලා ගියා.. එයා ඉන්නේ කොහේද කරන්නේ මොනවාද කියල අපට හිතාගන්න බැරිවෙන්න එයා ගියා. අඩුම ගානේ ජීවත් වෙනවද නැද්ද කියලාවත්..
එයා ගිය දවසේ ඉඳන් හිතේ මහා පාළුවක් තියෙනවා..
සහතික ඇත්ත මේ කතාව

 

අපේ ගෙදර ඉන්නෝ බව්වෙක්.මගේ දුකට සෑපට හෑමදේම අහන් ඉන්නෙ ඉතින් එයා තමයි.ඈත්තම කිව්වොත් කෙල්ලට වඩා සෑලකිලි අපේ බල්ලට. ඒ මම ඈනෝ නෙවෙයි හිමා

 

මාත් අවසානයට ලිව්වේ මෙයාලා ගැන පෝස්ට් එකක්මයි! මෙයාලා ගැන මගේ අදහස එතැන් ඇති විස්තරත් එක්කම....

 

අර අටවෙනි එක ගොඩක් හිතට වැදුනා.. ඇත්ත තමයි.. තිරිසන් සතෙක් උනත් උන් අපිට කොච්චර ආදරේද...

 

බන්ටිව මතක් උනා...

 

soo touching ... :-) ''sudu'' Nicky''' Dincky .... love you soo much !!!!

 

good post.money earn karana aya mahata anna.sri lankan site

 

මට සුරතල් සතුන් නැ . එත් ඔයාගේ මේ ලිපිය ඇසට කදුලක් ගෙනාවා. හරිම සන්වේදී ලිපියක් .

 

ඇත්තම ඇත්ත.මොකද සතෙක් වුනත් හදවතක් තියනවනේ....

 

සත්තුන්ට හිංසා කරන එක නම් මම ආසම නැති වැඩක්.. ඒ වගේම නිදහසේ ජීවත් වෙන්න ඕනේ සත්තු හිර කරලා තියාගන්න එකත් පවක්. බල්ලෙක් කියන්නේ මිනිසාගේ හොඳම යාලුවෙක්නේ. මේ කියන දේවල් ඔක්කොම වගේ ඇත්ත කියලා හිතෙනවා ඒ ගොල්ලොන්ගේ පැත්තෙන් බැලුවම. ඒත් මිනිස්සු මේ සරළ දේ තේරුම් ගන්නවද කියන එක ප්‍රශ්නයක්.

 

මම 100% ට 100% ක් එකගයි

 

gehanchandika@gmail.com


වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න
ලිපිය බලන්න ආයෙත් එන්න.
එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

අටම්පහුර

 

Hey very nice blog!
Feel free to visit my blog hosting company

 

Post a Comment