ඊයේ උදේ හසියා මට එවපු SMS එකකින් කියවුනේ කවදාවත්ම අහන්න බලාපොරොත්තු වන දෙයක් නෙමේ. අපේ සහෘද ඉලන්දාරි සහෝ උඹ අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳලා දාල යන්න ගිහින් කියල. ඒ පණිවිඩේ දුටු ගමන් මොහොතකට ගල් ගැහුණෙ කිසි දෙයක් හිතාගන්න බැරුව. අපි හැමෝම පතපු විදියට උඹව ගොඩදාන්න කැපවුනු, මහන්සි වනු හැමෝගෙම ඇස් වලට කඳුලු විතරක් ඉතුරු කරල අන්තිමට උඹ ඔහොම යන්න යාවි කියල අපි කවදාවත් හිතුවෙ නෑ. ඒත් අන්තිමට උඹ නොකියම යන්න ගියා. ආයෙත් දවසක නිවන් දකින්නට කලින් ඇවිත් යන්න වරෙන්!!!
මුවේ රැඳුනු සිනා
කඳුලු ගංගාවක් කොට
කඳුලු ගංගාවක් කොට
නෙතු අගින් ගලා යන දවසේ.....
එදා අප එක්ව ඇවිද ගිය සැමරුම්
මතකයන් ගොන්නක්ව
වැලපේ....
වැලපේ....
අප සේම නුඹ පැතූ ලොව හැර දා
නිවන් යන්නට කලින් ආයේ....
තවත් දවසක එක්ව හිනැහෙමු
තවත් දවසක එක්ව හිනැහෙමු
එතෙක්
සුභ ගමන් මිතුරේ....
සුභ ගමන් මිතුරේ....
1 ඔබගේ අදහස..:
සදාදර සොයුරාණෙනි…
මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත් නොවී හැකි ඉක්මනින් සත්‍යාවබෝධය කොට ලොව්තුරා නිවන් සැප සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි පතමි……
Post a Comment