ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇයි මාමෙ එහෙම කලේ?

පින්තූරෙ:- ලහියා

ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මුලු දවසෙම අප්පච්චිත් එක්ක හේනේ ඔට්ටු වෙලා හරිම මහන්සියෙන් ගෙදෙට්ට ආවෙ. 

අප්පච්චිටත් දැං මේ වැඩ කරන්නත් බෑ. 

අම්මත් ලෙඩ ගානෙ ඉඳගෙන වේලක් හරි බත් තම්බලා අපි හතරදෙනාගෙ බඩ පුරෝනවා.

දෙයියනේ කියලා පොතේ පතේ වැඩ ටික කරගන්න මට ඉතුරු වෙන්නෙ රෑට පත්තු වෙන කුප්පි ලාම්පුව විතරයි. 

අනේ දැං ඉතිං අද ඉඳන් ඒකත් අඩු කරන්න වෙනවා. 

බූමිතෙල් කාලක් ගන්න අප්පච්චිගෙන් කෝමද තව රුපියලක් හරි වැඩිපුර ඉල්ලන්නේ...  

        දැන් කෝමද අම්මේ මම දොස්තර කෙනෙක් වෙන්නෙ?

ආච්චිගෙ රෙද්ද


ඉන්නකං ආච්චි ඇන්දා
මැරුණට පස්සේ පෙට්ටගමේ තිබුණා
පස්සෙ ලිපගාව ජනේලේට තිරේ වුනා
බාසුන්හැලට  අත පිහදාන්න දුන්නා.
දැලි වලං අල්ලන්න ගත්තා
කාලෙකින් දරණුවක් වුනා.
ඉතුරු කෑල්ල ටොමියට ලැබුණා.

සමහරුන්ගේ ජීවිතත් ආච්චිගේ රෙද්ද වගේ කියල මට හිතුණා!!