ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං!!!!

    මීට ටික කාලෙකට ඉස්සෙල්ලා දකුණෙ තරුණයෙක් උතුරට යනවා එක්තරා පුහුණුවකට. මතකයේ හැටියට ගුරු පුහුණු වැඩසටහනක්. මොහු නව යොවුන් වියේ තරුණයෙක්. ඔහු ඇතුලු පිරිසට නවාතැන් දීලා සංග්‍රහ කරන්නෙ ප්‍රදේශයෙ ඉන්න දෙමල පවුලක්. මේ පවුලෙ ඉන්න යොවුන් දියණිය තමයි ශාන්තිනී. කොහොමින් කොහොමින් හරි මේ දමිල තරැණියත් සිංහල තරුණයත් අතරෙ දෙදෙනාටම හොරා ප්‍රේමයක් මෝදු වෙනවා. ඒත් යන එන මගතොටදි හමුවෙලා දෑසින් කතා බහ කරනවා මිසක් දෙන්නටම අනිකාගෙ බාසාව බැහැ. කොහොම වුනත් ආදරයට කිසිදෙයක් බධාවක් නෙමෙයි. 


    අවසානයෙදි හැම පෙම්කතාවකම වගේ මේ තරුණයටත් ආපසු ගම්රටවල් බලා එන්න සිදුවෙනවා. ශාන්තිනීගෙන් සමුගන්න මොහොත හරිම හැඟුම්බරයි. හැකි ඉක්මනින් දෙමාපිය ආශිර්වාදයෙන් ඇයව තමන් සතු කරගන්න බලාපොරොත්තුවෙන් තරුණයා ඇයව හැරදමා එනවා.

ඒත් අවාසනාවකට වගේ තරුණයගේ ආපසු ගමන ප්‍රමාද වෙන අතරේ උතුරේ වාර්ගික අර්බුධය ක්‍රමයෙන් ඇවිලෙනවා. අවසානයේ කෙසේ හෝ තරුණිය සොයා යන තරුණයාට දැනගන්න ලැබෙන්නෙ ශාන්තිනි සිටි නිවස පවා නොමැති බව. තමන්ගෙ හැඟිම අවසානයෙදී ගීතයක් බවට පෙරලපු ඒ තරුණයා වෙන කිසිවෙකු නොව දයාබර රත්න ශ්‍රී විජේසිංහයන්.

මේ ඔවුනගේ කතාවයි....

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
නිවී සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේයපද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ


ගීතය මෙතනින් අහන්න.


මේ ලිංකුවෙන් බාගන්න පුලුවන්

ආයෙමත් ආදරෙන්!


ඔයා මගේ ලඟටම වෙලා ආපහු මගේ හිත අස්සෙ හොල්මන් කරන්න පටන් අරන්. එදා මාව එපා කියල අත් අත්ඇරල ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්නෙ මට ආපහු රිද්දන්නද?

මං ඒ දවස්වල හීනයක් දැක්කත් ඒ හැම හීනෙකම හිටියේ ඔයා. මං හීන මැවුවෙත් ඔයා ගැන විතරමයි. ඒ ගෙවපු අතීතය තමයි මගෙ ජීවිතය. අද වෙනකොට ඒ හැමදෙයක්ම මතකයන් විතරයි. ඒ දවස්වල ඔයාට මතකද? ඔයා දුක්වෙන හැම වෙලාවකම ඔයා මගේ උරහිසේ හිස තියාගෙන කඳුලු හලද්දි මම ඔයාගෙ දුක බෙදාගෙන ඔයාගෙ තනියට ලඟින් උන්නා. ඒත් මම එදාත් හිතුවෙ ඔයා අහසක් වගේ කියලා.  මට කවදාවත්ම ලං වෙන්න බැරි. ඒත් මම කවදාවත් ඔයාව දාලා ගියෙ නැහැ.

ආදරේ ගැන අකුරක්වත් නොදැන හිටපු මට ආදරේ කියල දීලා ඒ හීන ලෝකෙට මාව අරන් ගියේ ඔයා. ඒ හීන ලෝකේ මාව අතරමං කරලා මාව දාලා ගියෙක් ඔයාමයි. දැන් ආපහු පාරක් මගේ ජීවිතේට එන්න හදන්නේ ආයෙත් මගේ ලෝකෙ දුකෙන්ම පුරවන්නද?

මං මවපු හීන හැම එකක්ම මිරිඟුවක් කියල මම තේරුම් ගන්නකොට ඔයාත් මාව දාලා ගොඩක් දුර ගිහින්. ඒ දුක මම තනියම දරාගන්නේ කොහොමද කියල මට තාමත් හිතාගන්න බැහැ. යාලුවො දාහක් අතරෙ හිටියත් ඔයා නැති පාලුව මකන්න ඒ කාටවත් බැහැ.  ඒ වුනත් මං දැන් දන්නවා. ඔයාගෙ ආදරෙත් සල්ලි මත රැඳුන මායාවක් විතරයි. ඔයාට ඕන වුනේ සල්ලි තියෙන යාන වාහන තියෙන කොල්ලෙක්. ආදරේ නියම තේරුම තේරුම් නොගත්ත ඔයා එදා ඒ විදිහට මාව අත් ඇරලා ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්න එපා. මට මේ තනිකම පුරුදුයි.


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...

ගායනය - ආත්මා ලියනගේ