ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

ආයෙමත් ආදරෙන්!


ඔයා මගේ ලඟටම වෙලා ආපහු මගේ හිත අස්සෙ හොල්මන් කරන්න පටන් අරන්. එදා මාව එපා කියල අත් අත්ඇරල ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්නෙ මට ආපහු රිද්දන්නද?

මං ඒ දවස්වල හීනයක් දැක්කත් ඒ හැම හීනෙකම හිටියේ ඔයා. මං හීන මැවුවෙත් ඔයා ගැන විතරමයි. ඒ ගෙවපු අතීතය තමයි මගෙ ජීවිතය. අද වෙනකොට ඒ හැමදෙයක්ම මතකයන් විතරයි. ඒ දවස්වල ඔයාට මතකද? ඔයා දුක්වෙන හැම වෙලාවකම ඔයා මගේ උරහිසේ හිස තියාගෙන කඳුලු හලද්දි මම ඔයාගෙ දුක බෙදාගෙන ඔයාගෙ තනියට ලඟින් උන්නා. ඒත් මම එදාත් හිතුවෙ ඔයා අහසක් වගේ කියලා.  මට කවදාවත්ම ලං වෙන්න බැරි. ඒත් මම කවදාවත් ඔයාව දාලා ගියෙ නැහැ.

ආදරේ ගැන අකුරක්වත් නොදැන හිටපු මට ආදරේ කියල දීලා ඒ හීන ලෝකෙට මාව අරන් ගියේ ඔයා. ඒ හීන ලෝකේ මාව අතරමං කරලා මාව දාලා ගියෙක් ඔයාමයි. දැන් ආපහු පාරක් මගේ ජීවිතේට එන්න හදන්නේ ආයෙත් මගේ ලෝකෙ දුකෙන්ම පුරවන්නද?

මං මවපු හීන හැම එකක්ම මිරිඟුවක් කියල මම තේරුම් ගන්නකොට ඔයාත් මාව දාලා ගොඩක් දුර ගිහින්. ඒ දුක මම තනියම දරාගන්නේ කොහොමද කියල මට තාමත් හිතාගන්න බැහැ. යාලුවො දාහක් අතරෙ හිටියත් ඔයා නැති පාලුව මකන්න ඒ කාටවත් බැහැ.  ඒ වුනත් මං දැන් දන්නවා. ඔයාගෙ ආදරෙත් සල්ලි මත රැඳුන මායාවක් විතරයි. ඔයාට ඕන වුනේ සල්ලි තියෙන යාන වාහන තියෙන කොල්ලෙක්. ආදරේ නියම තේරුම තේරුම් නොගත්ත ඔයා එදා ඒ විදිහට මාව අත් ඇරලා ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්න එපා. මට මේ තනිකම පුරුදුයි.


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...

ගායනය - ආත්මා ලියනගේ


සබරගමු බිමේ (මියැදුනු) සරසවි පෙම....


මිහිදුමෙන් වැසී සැඟවුන ආදර කඳු නිම්නයේ
අතින් අත පටලවා - පෙම් බැන්ද දවසේ
තුරුළුවී අපි සෙනෙහසින්
මැවූ සුන්දර සිහින වැල් - මිමිණූ සහසක් පෙම් වදන්
බෙලිහුල්ඔයට මුසුව වුත්
සමනල දිය පත්ලේ සැඟව ගියයුරු
කෙසේනම් අදහම්ද.....?

 එදාමෙදා තුර සබරගමු  මේ බිමේ
කාලයෙන් වැසීගිය 
සහසකුත් එකක් පෙම් කතාවන් තුරෙහි 
අපදෙදෙන වුව
එක් මතකයක් පමණක්මැ.....

කෑ ගසා කියන් කඳු සිරස
ඔවුනොවුන් යලි මේ බිමේ
 කිසිදාක  හමු නොවන වග.......

෴සරසවි බිමේ සොඳුරු මතක සැමරුම්෴


මේ බිමෙන් සමුගන්න
තව ඇත්තේ දින කීයද?
දමායන්න බැරි දෙවල්
කොතරම් නම් මෙහි තිබේද?
ආදර කන්ද, හාවාගල
හිරිකටුඔය, සමනල වැව
ඉතින් ආයුබෝවන් සැමට
යන්නෙමි මා ඔබ අතහැර.......
(2000/2001  Social Sciences and Languages)
00/SL/175
2004/05/26 දින රීඩිමේ ලියු නිසඳැසකි.