ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

රන් දහඩිය විකුණාලා......

විජය කුමාරතුංගයන් ගයන ලද ගීත අතලොස්ස අතරින් තවත් එක් සුවිශේෂි ගීතයක් තමයි සහරාවේ සිහිනය නැමැති චිත්‍රපටයට ඔහු ඇතුලු පිරිස ගයන "රන් දහඩිය විකුණාලා" නැමැති ගීතය.
මෙම ගීතය සඳහා හොඳම ගායකයාට පිදෙන සම්මානය පවා එම වසරේදී දිනාගන්නා ලද්දේ විජය කුමාරතුංගයන් විසින්. වර්ෂ 1990දී මුල් වරට තිරගත කරන ලද "සහරාවේ සිහිනය" එච් ඩී ප්‍රේමරත්නයන්ගේ අධ්‍යක්ෂණයක්.

මේ ගීයට අමතරව "වලාකුලක් ගෙන" නැමැති ගීතයක් මෙම චිත්‍රපටයේම ගීයක්.
(මේ ගීතය අන්තර්ජාලයේ සොයාගන්න තරමක් අපහසු ගීයක්. අවශ්‍ය කෙනෙකුට ගීතය ලබාදියහැකියි.)


රන් දහඩිය විකුණාලා
රන් කහවනු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා...//

ලසෝ තැවුල් දුක් නිවන්න සහරාවේ දකින සිහින
මවුබිමේදි සැබෑ කෙරේවි....
පිලිසරණක් නැතිව දුකින් මංමුලාවු මිතුරන් වෙත
වාසනාව ලඟාකෙරේවි..../

රන් දහඩිය විකුණාලා......

යලි උපදින හෙට සවසේ දුක දොම්නස උරුම නොවේ
සතුටු සිනා ගඟ උතුරාවී....
සත් මහලින් බැඳි මාලිග ඉදි නොවෙතත් අපේ ලොවේ
අඳුරු සිතට එලිය වැටේවි...../

රන් දහඩිය විකුණාලා......




4 ඔබගේ අදහස..:

මමත් ඒ කලේ ඉදන්ම කැමති මේ අපි වගේ ය ගැන ලිය වෙච්ච පට්ටම සින්දුවක් තමයි මේක

 

බොහොම සුන්දරයි. මේ චිත්‍රපටය නිකුත්වූ අළුතම මීගමුවේදී එය නැරඹුවාත් මතකයි.

 

යලි උපදින හෙට සවසේ නෙවෙයි යලි උපදින හෙට දවසේ නේද?

 

ආයුබෝවන්,

අපි ආදරය කරන අය වෙනුවන් අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කරගන යනවා. මේ අතරේ තමයි දැක්කේ ඔයාගේ ලස්සන අදහස් තියෙන http://love-hurt-tears.blogspot.com/ බ්ලොග් අඩවිය.
ඇඩ්මින්තුමා කැමතිනම් අපේ අලුත් වෙබ් අඩවියේ ඔබගේ නිර්මාණ ඵල කරන්න, අප හට ඉතාමත්ම ඉකමනින් දැනුම් දෙන්න.


මෙම නවතම අන්තර්ජාල පහසුකම හා ඔබටත් සම්බන්ධවීමට අප ඉතාමත් ආදරයෙන් ආරාධනා කර සිටිමු. (www.BMyLove.com)
මෙම අඩවිය ආදරය කරන ඔබ වෙනුවෙන්ම සකසා ඇති බව අප ඉතා සතුටින් මතක්කිරීමට කැමැත්තෙමු.
BMyLove දැනට බීටා සංස්කරණ තත්වයේ (beta version) අති අතර, එහි සාමාජිකත්වය කලින්ම ලබාගැනීමට අප ඔබට ආදරයෙන් ඉල්ලා සිටිමු. (www.BMyLove.com)

මෙහි සාමාජිකත්වය සම්පුර්ණයෙන්ම නොමිලේ වන අතරම, සාමාජික වූ ඔබට
* ඔබගේම සාමාජික BMyLove Profile
* ඇතිතරම් ඔබගේ ජයාරූප එකතුකිරීමට
* පුද්ගලික පණිවිඩ හා Friend Requests දැමීමට
* BMyLove Groups සැදීමට
* සහ තවත් ආදරය කරන ඔබටම අවශ්‍ය බොහෝ පහසුකම් ලබාගත හැකිය.

අප හා සමග සම්බන්ධ වීමට ඔබට නැවතත් ආරාධනා කරන අතරම, BMyLove වල ඔබගේම Groups සැදීමට සහභාගී වීමට කැමති නම් අපගේ Facebook Group (https://www.facebook.com/groups/bmyloveBETA/) වලට සම්බන්ධ වන ලෙස ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමු.

ඔබගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන්,
BMyLove Developer Team (TechYah CodeLab)
ස්තුතියි. (codelab@techyah.com )

 

Post a Comment