ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇයි කෙල්ලොන්ට එහෙම කරන්න බැරිද?

විභාගෙ නිසා පහුගිය ටිකේම පිස්සු හැදෙන විදියට නිදිමැරුවා. දෙයියනේ කියල ඊයෙ තමයි විභගෙ ඉවර වෙලා ගෙදරට ගොඩබැස්සෙ. දැං ඉතිං දවස් දෙක තුනක් නිදහසේ ඉඳල ආයෙ ඊගාව සෙමස්ටර් එකට ලෑස්ති වෙන්න එපැයි. නිදහසේ ඉන්න කිවුවට ඒකත් ෂුවර් නෑ අප්පා... විභාගෙ නිසා මග ඇරුණු අවුරුදු නෑ ගමන් ටික ඔන්න අම්මා ලෑස්ති කරගෙන. දැං ඉතින් මේ වැස්සෙ පලයල්ලකෝ නැ ගමන්..  :@

අද මේ ලියන්න හදන මාතෘකාව ගැන මතක් වුනේ විභාගෙට පාඩම් කරමින් ඉන්න කොට. ඒ දවස්වල අහපු පුංචි සිද්දියක් නිසා. ඒත් පාඩම් වැඩ ටික අස්සෙ වැඩේ එහෙමම කල් ගියානෙ. හරි වැල්වටාරම් ඇති. මෙන්න මේකයි කතන්දරේ. ඊයේ අපේ ගෝල්ඩ් ෆිෂ් මාලු යාලුවත් මේකට අදාල කාරණාවක් ගැන ලියල තිබුණනේ. ඔව් ඔව් ඒ ගැනම තමයි මේ ලියන්න හදන්නේ.

කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වුණාම ඒ මේ අපේ රංග සහෝ කියන්න වගේ  කෙල්ලගෙන් අහන්න පුලුවන් (මං කියන්නෙ ආදර සම්බන්ධතාව ගැන හොඳේ. ඔයාල මේ වෙන එවුව මෙවුව ගැන හිතල  :p  ) . ඒක කිසි ගැටලුවක් නෑ. එක්කෝ කෙල්ල හා කියයි නැත්තං බෑ කියයි. ඒක්කෝ පොඩ්ඩක් ලත වෙවී ඉඳලා හා කියනවා.(වැඩි හරියක් කෙල්ලෝ ඉතිං එහෙමනේ. ඩිමාන්ඩ් :p ) හැබැයි ඕකේ අනික් පැත්ත වුනොත්? ඒ කිවුවෙ කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක්ට කිවුවොත් මං ඔයාට කැමතියි කියලා?

ඇයි කෙල්ලන්ට කොල්ලො ගැන හිත් පහල වෙන්නේ නැද්ද? එහෙම වුනොත් ඒක වැරදිද? (හෝව් පොඩ්ඩක් හෝව්. මම මේ කෙල්ලන්ට කඩේ යනව නේමේ හරිද  :D ) මේ වගේ සිද්දි තුනක් මම දැකල තියෙනවා. එකක් අර මාලු මගය කිවුව වගේම ජාතියේ ෆෝවර්ඩ් කෙල්ලෙක් අපේ යාලුවෙක්ගෙන් යාලුවෙන්න කෙලින්ම ඒකිම අහල තිබුණා. (කොල්ලනං හැන්ඩියා). අනිත් සීන් එකේදී තව කෙල්ලක් අපේ තව යාලුවෙක් ගැන අදහස තියං ඉඳිය සෑහෙන කාලයක්. ඒ ගැන ඌට විවිධ විදියට දැනෙන්න ඉඩ ඇරියා. යාලුවො මාර්ගයෙන් නොකිය කිවුව. හෙන අහිංසක කෙල්ලෙක්. හැබැයි අපේ එකා නෙමේ ඇහැක්වත් ඇරල බැලුවෙ. අන්තිමට වෙන කොල්ලෙක් ඒකි එක්ක යාලු වුණා. මේ සීන් දෙකම මම ඉස්කෝලෙ යන කාලෙ (මීට බොහෝ කාලෙකට පෙර  :D ) වුනේ. තව සීන් එකක් තියෙනව අපේම බැචියක්ගෙ. ඒ ගැන නං වැඩි විස්තර කියන්න බෑ. :D

ඇත්තටම මෙහෙම සීන් එකක් වුනාම අපි පුරුදු වෙලා ඉන්නෙ ඒ කෙල්ලට අපහාස කරන්න. "මහ වල් කෙල්ලෙක්". "පුදුම ඇම්මක්නෙ තියේන්නෙ"... ඔන්න ඔය වගේ එක එක අපහාස කතන්දර කියනව අර කෙල්ලන්ට. ඇත්තටම කෙල්ලන්ට ආදරේ ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද? එහෙම කලොත් ඒකෙන් හැඟෙන්නේ කෙල්ල වල් කියන එකද? (මේ කියන්නේ ඔය බැඳපු ගෑනු ගැන එහෙම නෙමේ. මනුස්සය පැත්තක ඉඳිද්දි තරැණ හැන්ඩි කොල්ලන්ට බැල්ම දාන ලොකු අක්කල ගැන නං නෙමේ)

කොල්ලන්ට පහල වෙන ප්‍රේමනීය හැගීම් කෙල්ලොන්ට ඇතිවෙන්නෙ නෑ කියල කාටවත් කියන්න බෑනෙ. මමනං හිතන්නෙ උන්ටත් චාන්ස් එකක් තියෙන්න ඕන නේද තමන් කැමති කොල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න. තාමනං ඒ වගේ දේකට අවස්ථාවක් මේ වර්තමාන සමාජ රටාව තුල නෑ. මොකද අපේ රටේ සංස්කෘතිය සහ සමාජ රටාව වගේ ඔය බර බර වචන වලින් කියන දේවල් නිසා අපේ කෙල්ලො චාටර් වෙන්න බයයි. ඒ නිසා උන්ට බලං ඉන්න වෙනවා කොල්ලම ඇවිල්ල අහනකං. (හැබැයි ඉතිං මායම් දාල දැලට කොල්ලව අල්ලගන්න කෙල්ලොත් නැතුවම නෙමේ. ;)   නේද?)

ගොඩක් කෙල්ලො තමන් කැමති ජාතියෙ හීන කුමාරයෙක් ඇවිල්ල තමන්ව අස්සය පිටේ (නෑ නෑ සෝරෝ නෙමේ  :D) අරං යයි කියල බලා හිටියත් තමං බලාපොරොත්තු වෙන ජාතියෙ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්නෙ නෑ. සමහරු බලා ඉඳල ඉඳල අන්තිමේදී ඔය කා එක්ක හරි සෙට් වෙනවා. ඒ අතිං කොල්ලො වාසනාවන්තයි. තමං හොයන ආකාරයේ කෙල්ලෙක්ගෙන් කෙලින්ම අහන්න චාන්ස් එක අපිට තියෙනවා. කෙල්ලො පවු.......

රෑ වැටුනු වල

මිතුර මම එදවස
නුඹේ දුක ඇසුවෙමි....
වදනකින් හෝ නුඹට
සැනසුමක් ගෙනාවෙමි....
නුඹට යන්නට වාරු ගන්නට
අත්වැලක් තැනුවෙමි.... 
එහෙත්,
නුඹ එයින් එතෙරව
උන් හා එක්ව,
මටම කෙනෙහිලිකම් කල අපූරුව....!!!!

෴අසරණකම කියන්නේ මේ වගේද කියල බලන්න෴

(2011.03.11 දින අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ගත් ඡායාරූපයක්)

                     මෙයාව දැක්ක වෙලාවෙ මටනම් ඇතිවුනේ ලොකු දුකක්. මේ විදියට ජීවත් වෙන එක මෙයාට මොන තරම් අමාරැ ඇතිද කියල මට ඒ වෙලාවෙ හිතුණා. මෙයාව දකින්න ලැබුණේ අනුරාධපුර ස්ටේෂන් එකේදි. අතේ තිබුන කැමරාවෙන් එවෙලෙම පොටෝ එකක් ගත්ත. ඒකට වුනත් දුකෙන් බලන් ඉන්නෙ. ලඟට අඬ ගැහුවට ආවෙනම් නෑ. සමහර විට මේ ඉරණම අත් වුනේ මනුස්ස සතාගෙම ක්‍රියාවක් නිසා හින්ද මනුස්සයොන්ට මෙයා බය ඇති. හැබැයි එයා කකුල නැති වුනත් ඒක බාධාවක් නොකරගෙන එතන හිටපු අනික් සගයො එක්ක අමාරැවෙන් උනත් හරි හරියට එහෙ මෙහෙ පැන පැන හරි දුව දුව තමන්ගෙ ජීවිතය ගෙවන එකනම් අත පය හොඳට තිබෙද්දිත් කම්මැලියො වගේ ඉන්න මිනිස්සුන්ටත් හොඳ කනේ පාරක් කියල තමයි මටනම් හිතුනෙ. 

          හැබැයි ඉතිං මනුස්සයෙක්ට අතක් පයක් කැඩුනම එයාලට විකල්ප තියෙනවා සලකන්න ඈයො, යන්න ඉස්පිරිතාල එහෙම තියෙනව. ඒත් මේ වගේ දෙයක් සතෙක්ට වුනාම උන්ට කාගෙ පිහිටක්ද? සමහර වෙලාවට ඒ නිසාම ඌට උගේ ජීවිතේ පවා නැතිවෙනවානෙ. අසරණ වුන සත්තුන්ට කීයෙන් කී දෙනාද සලකන්නෙ. එහෙම බැලුවම මනුස්සයෙක් වෙලා ඉපදෙන එක කොයිතරම් වාසනාවක්ද? 

ඒක එහෙම වෙන්නෙ ඇයි?



අතු පතර විහිද ගිය 
මහා විසල් තුරු ගොමුව ලඟ
පුංචි පැළයක්මි මම
කිසිවෙකුත් නොසලකන....
මහ ගසින් සෙවන ලැබ
ඔවුනටම ආ වඩන
පුංචි පැලයට කවදාක
කවුරුනම් සලකයිද....?

ජීවන බර

අනේ බුදු මහත්තයෝ
දෙනවද එක රුපියලක්....
ගන්න පොඩි දරුවට
කිරිපිටිපැකට් එකක්....
හාමතේ වැහැරුණු මගේ
දෙතනේ කිරි නැති නිසා....
 

නොසැලෙමි.....



එදවස,
    නුඹලාට පණ දෙවෙනි කොට සැළකුවෙමි....
    අත් නොහැර එක්ව සිටියෙමි....
ඒත් අද,
   නුඹලා සිතින් මා හැරදමා ඇත....
නමුත් නොසැලෙමි....
   මට මෙය අරුමයක් නොවන නිසාවෙන්....