ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං!!!!

    මීට ටික කාලෙකට ඉස්සෙල්ලා දකුණෙ තරුණයෙක් උතුරට යනවා එක්තරා පුහුණුවකට. මතකයේ හැටියට ගුරු පුහුණු වැඩසටහනක්. මොහු නව යොවුන් වියේ තරුණයෙක්. ඔහු ඇතුලු පිරිසට නවාතැන් දීලා සංග්‍රහ කරන්නෙ ප්‍රදේශයෙ ඉන්න දෙමල පවුලක්. මේ පවුලෙ ඉන්න යොවුන් දියණිය තමයි ශාන්තිනී. කොහොමින් කොහොමින් හරි මේ දමිල තරැණියත් සිංහල තරුණයත් අතරෙ දෙදෙනාටම හොරා ප්‍රේමයක් මෝදු වෙනවා. ඒත් යන එන මගතොටදි හමුවෙලා දෑසින් කතා බහ කරනවා මිසක් දෙන්නටම අනිකාගෙ බාසාව බැහැ. කොහොම වුනත් ආදරයට කිසිදෙයක් බධාවක් නෙමෙයි. 


    අවසානයෙදි හැම පෙම්කතාවකම වගේ මේ තරුණයටත් ආපසු ගම්රටවල් බලා එන්න සිදුවෙනවා. ශාන්තිනීගෙන් සමුගන්න මොහොත හරිම හැඟුම්බරයි. හැකි ඉක්මනින් දෙමාපිය ආශිර්වාදයෙන් ඇයව තමන් සතු කරගන්න බලාපොරොත්තුවෙන් තරුණයා ඇයව හැරදමා එනවා.

ඒත් අවාසනාවකට වගේ තරුණයගේ ආපසු ගමන ප්‍රමාද වෙන අතරේ උතුරේ වාර්ගික අර්බුධය ක්‍රමයෙන් ඇවිලෙනවා. අවසානයේ කෙසේ හෝ තරුණිය සොයා යන තරුණයාට දැනගන්න ලැබෙන්නෙ ශාන්තිනි සිටි නිවස පවා නොමැති බව. තමන්ගෙ හැඟිම අවසානයෙදී ගීතයක් බවට පෙරලපු ඒ තරුණයා වෙන කිසිවෙකු නොව දයාබර රත්න ශ්‍රී විජේසිංහයන්.

මේ ඔවුනගේ කතාවයි....

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
නිවී සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේයපද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ


ගීතය මෙතනින් අහන්න.


මේ ලිංකුවෙන් බාගන්න පුලුවන්

ආයෙමත් ආදරෙන්!


ඔයා මගේ ලඟටම වෙලා ආපහු මගේ හිත අස්සෙ හොල්මන් කරන්න පටන් අරන්. එදා මාව එපා කියල අත් අත්ඇරල ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්නෙ මට ආපහු රිද්දන්නද?

මං ඒ දවස්වල හීනයක් දැක්කත් ඒ හැම හීනෙකම හිටියේ ඔයා. මං හීන මැවුවෙත් ඔයා ගැන විතරමයි. ඒ ගෙවපු අතීතය තමයි මගෙ ජීවිතය. අද වෙනකොට ඒ හැමදෙයක්ම මතකයන් විතරයි. ඒ දවස්වල ඔයාට මතකද? ඔයා දුක්වෙන හැම වෙලාවකම ඔයා මගේ උරහිසේ හිස තියාගෙන කඳුලු හලද්දි මම ඔයාගෙ දුක බෙදාගෙන ඔයාගෙ තනියට ලඟින් උන්නා. ඒත් මම එදාත් හිතුවෙ ඔයා අහසක් වගේ කියලා.  මට කවදාවත්ම ලං වෙන්න බැරි. ඒත් මම කවදාවත් ඔයාව දාලා ගියෙ නැහැ.

ආදරේ ගැන අකුරක්වත් නොදැන හිටපු මට ආදරේ කියල දීලා ඒ හීන ලෝකෙට මාව අරන් ගියේ ඔයා. ඒ හීන ලෝකේ මාව අතරමං කරලා මාව දාලා ගියෙක් ඔයාමයි. දැන් ආපහු පාරක් මගේ ජීවිතේට එන්න හදන්නේ ආයෙත් මගේ ලෝකෙ දුකෙන්ම පුරවන්නද?

මං මවපු හීන හැම එකක්ම මිරිඟුවක් කියල මම තේරුම් ගන්නකොට ඔයාත් මාව දාලා ගොඩක් දුර ගිහින්. ඒ දුක මම තනියම දරාගන්නේ කොහොමද කියල මට තාමත් හිතාගන්න බැහැ. යාලුවො දාහක් අතරෙ හිටියත් ඔයා නැති පාලුව මකන්න ඒ කාටවත් බැහැ.  ඒ වුනත් මං දැන් දන්නවා. ඔයාගෙ ආදරෙත් සල්ලි මත රැඳුන මායාවක් විතරයි. ඔයාට ඕන වුනේ සල්ලි තියෙන යාන වාහන තියෙන කොල්ලෙක්. ආදරේ නියම තේරුම තේරුම් නොගත්ත ඔයා එදා ඒ විදිහට මාව අත් ඇරලා ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්න එපා. මට මේ තනිකම පුරුදුයි.


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...

ගායනය - ආත්මා ලියනගේ


ඔයාටත් ආදරේ කරන්න මෙහෙම කෙනෙක් ඉන්නවද?

ටිකකට ඉස්සෙල්ලා බුකියට ආපු වෙලාවෙ දැක්ක පෝස්ට් එකක් නිසා හිතට ලොකු සංවේදී හැඟිමක් ආවා. අපේ ගෙදරත් දෙන්නෙක් ඉන් හන්දා මේ පෝස්ට් එක කියෙවුවම ඒ දෙන්න ගැන තියෙන ආදරේ තවත් වැඩි වුනා. ඇත්තෙන්ම කිවුවොත් ඇහැට කඳුලක් ආවේ නැහැ කියල කියන්න අමාරුයි. අපේ ලඟම හිතවතුන්ටත් වඩා මෙයාලා අපි එක්ක රැඳෙමින් අපේ දුක සැප බෙදාගන්නවද කියලා මෙයාලා ඉන්න අය හොඳින්ම දන්නවා. ඒ නිසාම එම පෝස්ට් එක දාපු Pathum Madushan සොයුරගේ අවසර ඇතුව එම පෝස්ට් එක මෙහි පලකරනවා. කියවලාම බලන්නකො. කියවීමේ පහසුවට පොඩ්ඩක් එඩිට් කරා :)

****ඔයාලාගෙ ගෙදර ඉන්න සුරතලා ඔයාට නොකියා කියන දේවල් ටිකක් මේ....


  • මගේ ජිවිතය පසුගිය අවුරුදු 10 සිට 15 දක්වා කාලය තුල අපේ කිසියම් වෙන්විමකින් වුවත් මාව වේදනාකාරි බවට පත් වේවි. මතකද ඔබ මාව ලබා ගැනිමට පෙර ඔබ ගත කල කාලය?

  • ඔබට මගෙන් මොනවද ඕන දැයි කියා තේරුම් ගැනිමට  මට කාලය ලබා දෙන්න.

  • ඔබගේ ජීවිතයෙන් මටත් තැනක් ලැබේයැයි මා විශ්වාසය තබමින් සිටින්නම්. එය ඉතා වැදගත් වෙනවා මගේ පැවැත්මට.

  • මා සමග බොහෝ කල් තරහ වි සිටින්න එපා. ඒ වගේම දඩුවම් දිමක් ලෙස මාව හිරකර දමන්නත් එපා.

  • ඔබට ඔබගේ වැඩ ,ඔබගේ විනෝදය සහ ඔබගේ යහලුවන් සිටිනවා. ඒත් මට සිටින්නේ ඔබ පමණමයි.

  • මට දවසේ යම් හෝ වේලාවක කතා කරන්න. මට ඔබගේ වචන තේරුම් ගැනිමට අපහසු වුනත්, මට තේරුම් ගැනිමට පුලුවන් ඔබගේ කට හඩ. 

  • මට ප්‍රතිකාර කරන විටදි මට දැනෙනවා ඔබ මට ඇති සෙනෙහස, මම කවදාවත්ම එය අමතක කරන්නේ නැති වේවි.

  • ඔබ මට පහර දිමට පෙර මදකට හිතන්න. මට තිබෙනවා තියුණු දත්. ඒවායින් ලේසියෙන්ම පුලුවන් ඔබට හිංසා කරන්න. නමුත් මම ඔබව හපන්නේ නෑ. මක්නිසාද මම ඔබට ආදරේ නිසා.

  • ඔබ, මට මගේ කම්මැලිකමට හෝ හිතුවක්කාර කමට සැර කිරිමට පෙර මදක් සිතන්න. ඔබ විසින් තරහෙන් මට කියන යම් කිසි දෙයක් වුණත් මට ලොකු හිරි හැරයක් වෙනවා. සමහරක් විට මම ආහාර ගන්න එකක් නෑ. එක්කෝ  මට අකමැත්තෙන් වුනත් බොහෝ කාලයක් ගෙදරින් පිටවි සිටිමට සිදු වෙනවා . නමුත් එයින් මගේ හදවත වියපත් බවට සහ දුර්වල බවට පත් වෙනවා.

  • මාව හොදින් බලා ගන්න. විශේෂයෙන් මම මහලු බවට පත් වු විටදි. ඔබද මහලු බවට පත් වේවි. මාත් සමග යන්න අමාරු චාරිකා වලදි  "මට ඔබව ගෙනිහින් රැක බලා ගැනිමට බැහැ"යි කියා කවදාවත්ම කියන්න එපා . ඔබ සැමවිටම මගේ ළග සිටින විට සෑම දෙයක්ම පහසු වෙනවා .
මගේ මරණයෙදි පවා මතක තබා ගන්න මම ඔබට ආදරේයි කියලා ♥

සබරගමු බිමේ (මියැදුනු) සරසවි පෙම....


මිහිදුමෙන් වැසී සැඟවුන ආදර කඳු නිම්නයේ
අතින් අත පටලවා - පෙම් බැන්ද දවසේ
තුරුළුවී අපි සෙනෙහසින්
මැවූ සුන්දර සිහින වැල් - මිමිණූ සහසක් පෙම් වදන්
බෙලිහුල්ඔයට මුසුව වුත්
සමනල දිය පත්ලේ සැඟව ගියයුරු
කෙසේනම් අදහම්ද.....?

 එදාමෙදා තුර සබරගමු  මේ බිමේ
කාලයෙන් වැසීගිය 
සහසකුත් එකක් පෙම් කතාවන් තුරෙහි 
අපදෙදෙන වුව
එක් මතකයක් පමණක්මැ.....

කෑ ගසා කියන් කඳු සිරස
ඔවුනොවුන් යලි මේ බිමේ
 කිසිදාක  හමු නොවන වග.......

සුරංගනාවි


සෙනෙහස බිඳුණු සඳ
කෙලෙස සිත සැනසේද
එදවස
සුළඟට දඟකල ඔබ කෙහෙරැලි
සමනල වැවේ ඉවුරු දිගේ
තැබූ පා සටහන්
මායාවක් වී මා සිත අහියස
දඟ කරද්දී
බලා හිඳිමි මම
ඉවුරු කොනක හිඳ....
Published with Blogger-droid v1.5.8

නැද්ද ඉවරයක්

ආපු දා ඉදන්
ලියනවා ලියනවා
නැද්ද මන්දා ඉවරයක්
හැමදාම එග්සෑම්
එග්සෑම් එග්සෑම්...
Published with Blogger-droid v1.5.8

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ

අහපු පළමුවෙනි වතාවෙම හිතට හුඟක්ම වදින සින්දු නිතරම හමුවෙන්නෙ නැහැ. ඒත් මේ "සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ" නැමති සඳගලතැන්න කියන ටෙලිනාට්‍යය තේමා ගීතය සුන්දර වගේම අර්ථාන්විත පද වැලකික් සමන්විත අතර එයටම ගැලපෙන සුන්දර සංගීතයත් මුසුවෙලා විශිෂ්ඨ නිර්මාණයක් බිහිවෙලා තියෙනවා. මම නිතරම අහන ප්‍රියතම ගීතයක්.


ආ මග වැරදී යන මං නොපෙනී
තනිවී දෙවිඳූන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳූවත් නැති මිහිමඬලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ
දං පඳූරේ මංකඩ ළඟ ගොම්මන් අඳූරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬ දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙලුවේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ

- අමරසිරි පීරිස්
- ශශිකා නිසංසලා