ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

සබරගමු බිමේ (මියැදුනු) සරසවි පෙම....


මිහිදුමෙන් වැසී සැඟවුන ආදර කඳු නිම්නයේ
අතින් අත පටලවා - පෙම් බැන්ද දවසේ
තුරුළුවී අපි සෙනෙහසින්
මැවූ සුන්දර සිහින වැල් - මිමිණූ සහසක් පෙම් වදන්
බෙලිහුල්ඔයට මුසුව වුත්
සමනල දිය පත්ලේ සැඟව ගියයුරු
කෙසේනම් අදහම්ද.....?

 එදාමෙදා තුර සබරගමු  මේ බිමේ
කාලයෙන් වැසීගිය 
සහසකුත් එකක් පෙම් කතාවන් තුරෙහි 
අපදෙදෙන වුව
එක් මතකයක් පමණක්මැ.....

කෑ ගසා කියන් කඳු සිරස
ඔවුනොවුන් යලි මේ බිමේ
 කිසිදාක  හමු නොවන වග.......

සුරංගනාවි


සෙනෙහස බිඳුණු සඳ
කෙලෙස සිත සැනසේද
එදවස
සුළඟට දඟකල ඔබ කෙහෙරැලි
සමනල වැවේ ඉවුරු දිගේ
තැබූ පා සටහන්
මායාවක් වී මා සිත අහියස
දඟ කරද්දී
බලා හිඳිමි මම
ඉවුරු කොනක හිඳ....
Published with Blogger-droid v1.5.8

නැද්ද ඉවරයක්

ආපු දා ඉදන්
ලියනවා ලියනවා
නැද්ද මන්දා ඉවරයක්
හැමදාම එග්සෑම්
එග්සෑම් එග්සෑම්...
Published with Blogger-droid v1.5.8

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ

අහපු පළමුවෙනි වතාවෙම හිතට හුඟක්ම වදින සින්දු නිතරම හමුවෙන්නෙ නැහැ. ඒත් මේ "සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ" නැමති සඳගලතැන්න කියන ටෙලිනාට්‍යය තේමා ගීතය සුන්දර වගේම අර්ථාන්විත පද වැලකික් සමන්විත අතර එයටම ගැලපෙන සුන්දර සංගීතයත් මුසුවෙලා විශිෂ්ඨ නිර්මාණයක් බිහිවෙලා තියෙනවා. මම නිතරම අහන ප්‍රියතම ගීතයක්.


ආ මග වැරදී යන මං නොපෙනී
තනිවී දෙවිඳූන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳූවත් නැති මිහිමඬලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ
දං පඳූරේ මංකඩ ළඟ ගොම්මන් අඳූරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬ දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙලුවේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ

- අමරසිරි පීරිස්
- ශශිකා නිසංසලා