සහස් ගව් දුරක් ගෙවා අවුදින්
නවාතැන්පලක් නොපෙනී
විඩාපත් හද රිදුම් දේ.....
අඳුරු මග මම ගෙවා ආවෙමි
අත රැදි පහණ නිවුනද
තනිව මේ ගණ කලුවරේ....
වෙහෙස දැනුනත් යායුතුයි තව
බොහෝ දුර ඇත මේ ජීවිතේ....
පෙවූ කිරි ණය ගෙවාලන්නට
කැවු බත් වල ගුණ දෙවන්නට
තිර අදිටනින් යන මාවතේ.....
පය පැකිල ඇද වැටුනද නොසැලෙමි
දිරිය ඇත තව මා සිතේ.....
පාලු මාවත එලිය දෙන්නට
හදේ තනිකම මකාලන්නට
ඈත අහසේ පායා ඒවිද
පුංචි තරුවක්ව හෝ නුඹ හෙට දිනේ....
තරුව නොව නුඹ එලිය දෙනු මැන
සඳු වෙලා හෙට මගෙ ලොවේ....
10 ඔබගේ අදහස..:
u know i will
අයියගෙ සඳ ආයෙත් පායයි අයියේ........
ඉක්මනින්ම එලිය අරන් ආයෙත් පායන්න කියල ප්‍රාර්තනා කරන්නම්......
බොහොම ස්තුතියි හා පැංචි මේ පැත්තටත් පැන්නට. මං බලා ඉන්නවා මටත් හදක් පායනකල්....
long way to travel...
patta lokka...keep it up...
එල එල.. මලි නියමෙට ලියලා තියනවා... මෙ කියනවා වගෙ බය වෙන්න එපා.. නොලැබීම හො ලැබිම ප්‍රශ්නයක් නැහැ.. දුවපන්.. පාඩම් කරපන්.. විභාග ලියපන් .. සෙල්ලම් කරපන්.. හිදලා හිටලා විරහව ගැන කවියකුත් ලියපා.. එකත් මෙ වගෙ එකක්.. ලොකෙම කඩන් වැටුනා වගෙනෙ පහුගිය දවස් වල හිටියෙ.. බය වෙන්න එපා... ලොක්කා.. දුක් වෙන්නත් එපා.. ලැබෙන්න තියනවා නම් ලැබෙනවා.. හැබැයි උබෙ ඇතුලෙත් එ දෙ ලබාගන්න සුදුසුකම් තියන්න ඔනා, ධෛර්ය, ශක්තිමත් බව, විරත්වය, මෙ දෙවල් හදවත ඇතුලට ඔබ්බව ගනින්... එච්චරයි වෙන මුකුත් නැහැ..
ඒ සඳ මග බලා ඉන්නවා,,මං තව මොනවා කියන්නද අයියේ..මම පරක්කුයි අදත්.හ්ම් ..මම පරක්කු වුනේ මේ ටිකේම පාඩම් කරපු නිසා.දුකයි..ඔව් හුගක් දුකයි..
@ රවා..
ගොඩක් ස්තුතියි අයියා... මොකද පහුගිය ටිකේ සද්ද නැතුව හිටියේ... මට මේල් එක දාලත් නෑ... ආවෙ නෑනෙ.. හ්ම්... දැන්නම් ලෝකෙ කඩන් වැටුනත් මං බය නෑ...
@ waruni
ඔවි ඔව් ඒක හොදයි.... පාඩම් කරන්න පාඩම් කරන්න.. විභාගෙට දැං හොදටම ලගයිනේ....
බලා හිදීම.....
වේදනාව හිතට දැනුනම ඒක පිටකරන්න තියෙන හොදම විදිය කඳුළු කියලා කවුදෝ මට ඉස්සර කියලා තියෙනවා. ඒත් පස්සෙ කාලෙකදි මම දැනගත්ත වේදනාව පිටකරන්න තියෙන හොඳම විදිය ඒ වේදනාව අකුරු කරන එක කියලා.....
ඔයාට හිතෙන දැනෙන හැමදේම ලියන්න මල්ලි...අපි කියවනවා. ඔයාලගම ඉදගෙන.....
@ දිල් අක්කා...
අම්මෝ කාලෙකින් ඇවිල්ලා තියෙන්නෙ.. හොදයි හොදයි අපිව මතක් වුන එක... මං දන්නවා ඔයාලා හැමදාම මා එක්ක ඉන්න බව....
Post a Comment