බලාපොරොත්තු එකින් එක බිද වැටෙද්දී
පැතූ හැමදේම මා හැර දමා දුරස්ව යද්දී
නෙතු අග කදුලු බිදු තනි මැකු බව
තවම අමතක නැත මට....
ඒ කදුලු පිසිනු ඇතැයි මා සිතූ නුඹ
මේ අදුරේ මා තනිකොට දමා
තවතවත් දුරට යන බව දැන දැන
වැලපෙන මගේ හදවතට
පසක් කල මැනව....නොලැබීමේ අරුත.....
එපා මට ලොවම දැන්.....එපා මට සිහිනයන්....
ඉටුනොවන සිහිනයක්
සදාකාලික සමරුවක් සේ.....
මා හදේ නිදන් කොට....
දොරගුලු වසමි අද.......
කිසිදා මා හැරදමා නොගිය
සදාකාලික වේදනාව නම් වූ
සදාදර මා මිතුර
වඩිනු මැන මගෙ ලොවට යලිත්
සදාකාලිකවම රැදී මා වෙත
විදින්නට මා ලැබූ ජීවිතය....විදවන්නට.......
සංසාරය පුරාවටම.....................
8 ඔබගේ අදහස..:
මං මුලින්ම ආ එක ගැන වරුණි නංගා තරහවෙයිද මන්දා...
පුතෝ මාත් එක්තරා කාලෙක මේ වගේම කවියක් ලිව්වා..
විඳින එක ගැන නෙමෙයි..
විඳවන එක ගැන...
උඹේ කවිය දැකල මට ඒක මතක් වුණා..
මල්ලියා අපිට ජීවිතේ ලැබිල තියෙන්නෙ විඳවන්න නෙමෙයි..
උඹ ලොකු ප්‍රශ්නෙක ඉන්න බව පේනවා..
ඒක මෙතැන කතා කරන්න අකමැති නම් මගේ e-mail address එකට මේල් එකක් දාපං..
අපි බලමු මොනාද කරන්න පුළුවන් කියලා...
උඹේ කවිය පුරාම තියෙන්නෙ ඒ දුක..
මේ කවි උඹේ හදවතේ කැටපතක්...වගේ
දුකයි........... හ්ම්
හදවත් සූරන පද පෙලක්.අපූරුවට පද කරවලා...හිතට ශක්තිය ගන්න මල්ලී...
අපූරුවට මේ හැඟීම් පෙළගස්සල තියනව. හිතට දැනුනා මේ නිර්මාණය.
@ හැමෝගෙම ප්‍රතිචාර වලට ස්තුතියි... මං පස්සෙ උත්තර ලියන්නම්. මේ වෙලාවෙ මං ගොඩක් දුකෙන් ඉන්නෙ...
හ්ම්.. ලස්සනයි.ඒත් දුකින් ඉන්න එපා.ජීවිතේ හරි දුරයි
හා පැටික්කිට මුකුත් කියන්න තේරෙන්නෑ අයියේ...
අයියගේ දුක පුලුවන් තරම් තුනී වෙන්න කියල පතන්නම්....
@ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි... මගේ හිත හදන්න ගන්න උත්සහයට...
Post a Comment