සතුටු ඉර මකා
සැහැල්ලු දිවියට නැවතුමේ තිත තබා
දුකඳුර කලු දුම් පිඹින විට
පහන් දල්වමි මසිත් කුටියෙහි
තබනු නොහැකියෙන් ඔබ එහි කලුවරේ......
මසක් නොඉක්මුණි
මසිත් කුටියට ඔබ පැමිණ
එක් වරකුදු නොසිතුවෙමි
බැඳී පැටලී ගැවසෙන්න......
වුවමනාවෙන්ම මගහැරියෙමි
පිපෙන සිතුවිලි පිට නොකලෙමි
අහිංසක අසරණ ඔබට
සුවඳ කර පිදුවෙමි.....
එහෙත් හිමි නැති බව හිත
ඉඳුරාම දනිමි....
තනිව විඳගන්නෙමි
දිවිතරණයට නගින පියගැට ගානේ.....
හීන ඇහිඳින්න වෙයි මට
හීන ඉහිරුණු දාක....
දුර යන්න බැරි මේ බැඳීම
කුමට මා සොයා ආවාද......
ගොලු වුනාදෙන් එය
අමිහිරි අත්දැකීමක් ලෙසට
පෙර සේම......
Subscribe to:
Post Comments (Atom)
1 ඔබගේ අදහස..:
හොදට ලියල තියෙනව..
උබට ඔහොම හැකියාවක් තියෙනව කියල අපි දැනන් හිටියෙ නැහැනෙ
Post a Comment