ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

බිදෙන්නට යන සිහිනය......

දහසක් දේ කැපකොට
සිවුවසක් නිදි වරා
ගොඩ නගාගත් ලෝකය
අහෝ මේතරම් නපුරුද?
මට විතරක් නොව 
මවුපියන්ගේ සතුට සුව සදන්නට
ඔවුන් ඉපයු හැම සතේම
වියදම් කලේ මොකටද......?
ඔවුන්ගේ දෑත් වල නැගුණු කරගැට 
ණය ගෙවන්නට කවදා නම් 
හැකි වෙයිද මට......?
සොදුරු යැයි සිතා සිටි
සරසවි සිහිනය
රුදුරු ලෙස රිදවද්දී
තවතවත් දරාගෙයන
 කොතෙක් නම් ඉවසම්ද......?

9 ඔබගේ අදහස..:

මොකද මලයෝ මේ ?

උඹට මොකක්හරි ප්‍රශ්නයක් ද ? අකමැත්තක් නැත්නම් අපිත් එක්කත් බෙදාගන්න.. පුළුවන් උදව්වක් කරන්න අපිත් ලැහැස්තියි !

 

@ Waruni
ඔයා දන්න ප්‍රශ්නෙම තමයි නංගි. දැන් ඒක ටිකක් දරැණුයි වගේ...

@ sansarasidu
හැම දේම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ අයයියේ.... ඒත් ඒවා මේකෙ ලියන්න බැහැ....

 

මල්ලි මම කැම්පස් එකෙ අන්තිම විභාගෙ තියන දවස් වල මම ගෙදර හිටියෙ.. එ මට එපා වෙලා.. එ කලකිරිම් හෙතු කොටගෙන.. මම පසුතැවෙන්නෙත් නැහැ එකට.. නමුත් උබ එහෙම වෙනවට මම කැමති නැහැ..මොකද්ද ප්‍රශ්නෙ... මමත් එක ජාතියක පිස්සෙක් මගෙ මෙල් එක මම දානවා උඹට මට මෙල් එකක් එවපන්...

 

කොල්ලො...ඔය සිහිනය බිදෙයි කියලා මවාත් වෙව්ලපු කාලයක් තිබ්බා. මම කැම්පස් එකේ ඉගෙන ගත්තේ අනුන්ගෙ සල්ලිවලින්. කලකිරුනොත් අනිත් උන උඹව හලලා යයි මල්ලි. මොන දේ මොන විදියට උනත් විභාගෙ ඇණ ගන්න එපා.....කාපු කට්ටයි, විදපු දුකයි මතක් කරලා හිත් හදාගෙන ශක්තිමත් වෙමු...හොද්ද

 

ස්තුතියි දිල් අක්කා සහ රවා අයියේ.... දැන් ඉතින් හැම දේම ප්‍රශ්ණ.. එක පිටි එක එනවා.... එපා වෙලා ඉන්නෙ... ඒත් ඉතින් දාලා එන්න බැහැනෙ....වෙන මාර්ගයක් නෑනෙ මට.....

 

මොකෝ මේ...වෙලා තියෙන්නේ...පාඩම් කරපිය.....හොඳ හිතින්..

 

සරසව් සිහිනය සිහිනයක්ම තම.එත් එත් එකට ගියාට පස්සෙ දැනෙන්න ගන්නෙ මෙක ඉවර වෙලා අම්ම තාත්ත එක්ක ගෙදර ඉන්නෙ කවද්ද කියල.සහො

 

සමහර වෙලවට අපි අම්ම තතාගේ සල්ලි වලින් කලෙ මොනවද කියල හිතනකොට හිත්ට හුගාක් දුකයි... ඒත් හැමදම පසු තැවි තැවී ඉදල වැඩක් නෑ... කෙසෙ හො අපේ ගමන අපි යා යුතුය

 

Post a Comment