ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

අනුන්ගේ බ්ලොග් ලිපි හොරකම් කිරීම...

මා  හිතවත් බ්ලොග් සහෘදයනි. මේ බලන්න.. ඔයාල මට කියන්න මේ වැඩේ හරිද කියලා.. මම 2010-03-04 වෙනිදා මගේ බ්ලොග් එකේ ලිවුව ඔබ මට හිමිද?  කියන නිසදැස තවත් කෙනෙකු එයාගෙ බ්ලොග් එකේ 2010-03-19 වෙනිදා කොපි කරලා ලියලා සිනහව කියන නමින් එයාගෙ දගකාර යෞවනයේ සිතැගි අදහස් කියන එයාගෙ බ්ලොග් එකේ. ඒකෙ මෙයාගෙ නම ගම විස්තරයක් දාලා තියෙනවා. නම කාංචනා වඩුගේලු. මේ විස්තර ඇත්තද බොරුද මං දන්නෙ නැහැ. මට ඒකෙන් වැඩකුත් නැහැ.
මම දෙයක් ලියලා පල කරන්නෙ කාට හරි කියවලා රසවිදින්න. නමුත් කවුරු හරි ඒක කොපි කරන්නෙ ඇයි..? කරත් කමක් නෑ අඩුගානෙ ගත්තෙ කොහෙන්ද කියලා හරි කියනවනමි..
මගේ නිර්මාණ ලස්සන නැති වෙන්න පුලුවන්. මේක මහ ලොකු දෙයක්ද, ඇයි ඔතරම් කියවන්නෙ කියලත් තව කාට හරි හිතෙයි. නමුත් කාට නැතත් මට මගේ දේවල් වටිනවා. මමත් බ්ලොග් කරණයට ආධුනිකයෙක් තවමත්.
කාටහරි උදව්වක් ඕන නම් මං ලෑස්තියි හරිම සතුටෙන් උදවු කරන්න. නමුත් මේ වගේ බාල වැඩ කරද්දිනම් කලකිරෙනවා. මං මේ බ්ලොගය ලියන්නෙ මගේ හිතේ තියෙන වේදනාව අඩු කරගන්න මිසක් මට ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙන්න කිසිම ආසවක් නැහැ..
දැන් සමහර විට මං මේක ලිවුවට පස්සෙ ඔය කෙනා ලිපිය මකලා දාන්නත් පුලුවන් නිසා මං screen shots අරගත්තා. මගේ පෝස්ට් එකෙයි ඒ පෝස්ට් එකෙයි දෙකේම screen shots මෙතන කියෙනවා. 











මමලියපු එක                                                          කොපිකරපු එක

මගෙ නිර්මාණ අවලස්සන වෙන්න පුලුවන්. නමුත් කරැණාකරලා මීට පස්සෙවත් කවුරුහරි කව කෙනෙකුගේ නිර්මාණයක් වෙන තැනක දානවනම් අඩුගානෙ ගත්ත තැනවත් සටහන් කරන්න. මටනම් මගෙ නිර්මාණ පරිස්සම් කරලා හංගලා තියා ගන්න කිසිම උවමනාවක් නැහැ.  කවුරුහරි රසවිදිනවානම් මගෙ සතුට ඒක තමයි. නමුත් කෙනෙකුගේ නිර්මාණයක අයිතියවත් ඔහුට තිබිය යුතුයි නේද? (අවාසනාවට මේක අපේ රටේ හැටි....)
අවසාන වශයෙන් කාංචනා වඩුගේ (ඇතැම්විට අන්වර්ථ නාමයක් විය හැක) නම් වූ මට නුඹ ගැන කලකිරීමක් මිස කිසිදු තරහක් වෛරයක් මා වෙත නොමැති බව පමණක් සටහන් කරන්නම්. නුඹගේ බ්ලොග් අනාගතයට සුභ පතමි.

26 ඔබගේ අදහස..:

මේවා හරිම නරක වැඩ,,විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්. අපි නිර්මාණ කරන්නේ අපේ හිතේ තියෙන දේ,,ඒක තව කෙනෙක් ට ඒ දේ දැනෙන්නේ වෙනස්ව,,ලංකාවෙ හැම ලේඛකයාම එකම දේ ලිව්වා නම් මේ රටේ ලේඛන කලාව මෙලහටත් නැති වෙලා,,අනුන්ගේ දුක විකුනලා ජීවත් වෙන අයත් ඉන්නවා,,කරුණාකරලා අපේ නිර්මාණ හොරකම් කරන්නෙපා,,අපි හිතෙන් දුක් විඳින අය

 

මං හිතුවා හරි. දැං ඒ පෝස්ට් එක අයින් කරලා.. ඒ මදිවට තීම් එකත් මාරු කරලා... හැබැයි එහෙම එකක් තිබුණ බවට මේ screen shots සාක්ෂි දරනවා...

 

මම මේ ලිපිය දැම්මේ ඇගේ සිත රිදවීමේ හෝ ඇයව අපහසු තාවයට පත් කිරීමේ අදහසින් නම් නොවේ.. සියල්ලෝ මා වෙත කමත්වා....

 

Chandika මල්ලී,
මේක හරිම අවාසනාවන්ත සිදුවීමක්...
කවුරු කළත් මේ වගේ වැඩ නම් අන්තිම වැරදියි..
සිංහලෙන්ම කියනවා නම් අන්තිම කැතයි...
අපි එකිනෙකාගෙ ප්‍රතිරූපණ අයිතියට ගරු කළ යුතුයි...
අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම කියන්නෙ දෙකක් !
නවකයෙකුට වැදගත් දේවල් ඉගෙන ගත හැක්කේ අනුගමනය තුළින් පමණයි.. අනුකරණය තුළින් බිහිවෙන්නෙ Photo Copy විතරයි.. මේක අනුගමනයක් වත් අනුකරණයක් වත් නෙමෙයි තනිකරම කොපි කිරිල්ලක් ! හරිම අසික්කිත කොපි කිරිල්ලක්.. ! එහෙමත් නැත්තම් බුද්ධිමය දේපළ මංකොල්ල කෑමක්..

මේක මං දැඩි ලෙස හෙළා දකිනවා !!!

මේක කරපු අය කවුරු වුනත් එයාලම දැන් කුදලගෙන ගිහින් තියෙනව.. ඒ හොර හිත නිසානේ.. අද උඹට වෙච්චි දේ, හෙට මට වගේම අනිද්දා ඔයාලටත් වෙන්න පුළුවන්.. ඒ හන්දා මෙවැනි දේට විරුද්ධව අපි පෙළගැසිය යුතුයි.. මේ ගැන පුළුල් කතිකාවතක් ගොඩ නැගිය යුතුයි. දැන්මම.. තවත් ප්‍රමාද කළ යුතු නෑ... මමත් බ්ලොග්කරණයට නවකයෙක්.. ඒත් අනුන්ගේ ප්‍රතිරූපණ අයිතිය ගැන මං කොතරම් සැලකිලිමත් වෙනවද කියනව නම් මගේ බ්ලොග් අඩවියෙ පළවන සෑම ඡායරූපයක්ම එසේ නැවත පළකිරිම සඳහා අවසර ලබා දී ඇති අඩවි වලින් ලබා ගන්නා ඒවා... නවකයන් හැමෝම මේ දේවල් ගැන මීට වඩා හිතනවනම් හොඳයි...
උඹට වෙච්චි දේ ගැන මට කණගාටුයි මලයා...

 

Info got from sansarasidu:

This is too bad.

 

Info got from Sansarasidhu.. it is not a fair and nice thing.. ethics should be there in anything in this world

 

මෙහෙම එකකුත් තියෙනවා.
මගේ ලිපියක් කොපි කරනවානම් කවුරු හරි මම හරිම කැමතියි.
ඒ කියන්නේ මගේ ලියමන එක්කෝ රසවත්, නැත්නම් වදගත්...
ඒ ගැන හිතලා මම සතුටු වෙනවා...

/බිඟුවා...!

 

හප්පා හරිම කැත වැඩක්නෙ..... තමන්ගෙම කියල අකුරු දෙකක නිර්මාණයක් කලත් කමක් නෑ අනුන්ගෙ ඒව හොරකම් නොකර........ feel sorry about that girl or boy who ever that is.....

 

බිගුවගේ අන්තිම කමෙන්ටුවට මමත් එකගයි.
මට උඹව නොතේරෙනව නෙමෙයි ඒත් මේවගෙන් තවත් දිරිමත් වෙයන් මල්ලි. උඹට ජය.

 

මේක නම් හරිම ලැජ්ජා නැති වැ‍‍ඩක්.... සමනලී ලියාපු පෝස්ට් එකකුත් වචන එහෙ මෙහෙ කරලා ඒ අදහස්ම (සමහර වාක්‍ය ඒ විදියටම) ලියලා තිබුනා පහුගිය දවසක එක්කෙනෙක්... හැබැයි ප්‍රතිචාර දක්වපු අයගනේ කෙනෙක් "ඔයාටත් කියන්න තියෙන්නේ සමනලීට කියපු දේමයි" කියලා ප්‍රතිචාර දක්වලා තියෙනවා සමනලී දැක්කා....
ඕවා අනුන්ගේ පහනෙන් එළිය බලන තමුන්ගේ හැකියාව නැති අයගේ වැඩ....

 

ඔබේ නිර්මාණය හොඳ නිසානේ ඒක කොපි කලේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න සහෝදරයා. යාළුවෝ ගොඩාක් ඔබ වටේ ඉන්න එක ගැන සතුටු වෙන්න.

 

අඩෙ මමත් ගිහිල්ලා එතනට... මු වඩුගෙලට අපහාසයක් කරන්නෙ.... හිටපන් මම හොයාගෙන යමක් කරන්නම්... මුන් මොකට මෙවා කරනවද මන් දන්නෙ නැහැ....උබ ඔක හිතට ගන්න එපා බන්.. අමිල පැටියව ගඟට දැම්ම අම්මලා ඉන්න රටනෙ මෙක... ඔවා හොරකම් කරන්න බැරි දෙවල්.....

 

ලංකාවනෙ ඉතින්..... විශ්මි අක්ක කිව්ව වගේ තමන්ගෙම අකුරු දෙකක් ලිව්වත් වටිනව.... ජම්මෙට වඩා පුරුද්ද ලොකු කෙනෙක් වෙන්නැති අයියා.... අයියගෙ හැකියාව ගැන ආඩම්බර වෙන්න.තව කෙනෙක්ට තමන්ගෙ කරගන්න හොරකම් කරන්න හිතෙන තරමටම ඒක වටිනවා.....

 

@ sansarasidu,
ඇත්තටම අයියා මං මේවා ලියන්නෙ මගේ හිතේ තියෙන වේදනාව අඩු කරගන්නයි. ‍එහෙවු එකේ මේ වගෙ දේවල් දකිනකොට මට පුදුම කලකිරීමක් ඇතිවෙනවා...
"අද උඹට වෙච්චි දේ, හෙට මට වගේම අනිද්දා ඔයාලටත් වෙන්න පුළුවන්.. ඒ හන්දා මෙවැනි දේට විරුද්ධව අපි පෙළගැසිය යුතුයි.. මේ ගැන පුළුල් කතිකාවතක් ගොඩ නැගිය යුතුයි. දැන්මම.. තවත් ප්‍රමාද කළ යුතු නෑ"
මමත් සම්පූර්ණයෙන්ම එකගයි. මගේ නිර්මාණයක් හොරකම් කලාට මට වෙන ලොකු පාඩුවක් නැහැ. නමුත් මට වඩා සාර්ථක වගේම හරවත් වැදගත් බ්ලොග් වලට මේ වගේ ඉරණමක් අත්විය යුතු නෑ කියන එකයි මං කියන්න උත්සහ කලේ..

 

@ රවා
අයියා දැන් මුකුත් ඕනෙ නෑ. එ කෙනා වැරැද්ද බාරගත්ත නිසානෙ පැනලා ගියේ. පෝස්ට් එකත් අයිං කරගෙනනෙ දැං. එයාට ඔහේ ඉන්න අරිමු. වැරැද්ද තේරැම් ගනීවිනෙ. අඩුගානෙ කවදහරි.

 

@ බිඟු & Raven
මගේ නිර්මාණයක් උපුටා ගන්න එපා කියලා මං කොහෙවත් කියලා නැත්තෙත් එකනෙ බිගු. එත් ගන්න කෙනා දැනගන්න ඕනෙ නේද ඒක ගන්න ඕන පිලිවෙල.
ඔයා කියන මේ දේ සහතික ඇත්ත තමයි සහෝ..

"මගේ ලිපියක් කොපි කරනවානම් කවුරු හරි මම හරිම කැමතියි.
ඒ කියන්නේ මගේ ලියමන එක්කෝ රසවත්, නැත්නම් වදගත්...
ඒ ගැන හිතලා මම සතුටු වෙනවා..."

මමත් සතුටුයි. නමුත් කොපි කරන්න හුරු වුනාම තමන්ගෙ හැකියාව මොට්ට වෙනවා. මං ඒ සහෝදරියට(හෝ සහෝදරයට) අපහාසයත් කරන්නනම් හිතුවෙ නෑ. මට ඔන වුනේ වැරැද්ද පෙන්නන්න.
ස්තුතියි සහෝ අදහස් වලට.

 

@ චේජනා, punchisamanalee, මිස්සක, හාපැටික්කි(MS)

ඔයාලා හැමොගෙම අදහස් වලට ස්තුතියි. මං කලිනුත් කීව වගේ මේවා ගත්තට මට දුක නෑ යාලුවනේ.. ගත්ත විදිහයි අරන් කරපු වැඩේ ගැනයි මට කණගාටු...

"ඔබේ නිර්මාණය හොඳ නිසානේ ඒක කොපි කලේ. ඒ ගැන හිතලා
සතුටු වෙන්න සහෝදරයා. යාළුවෝ ගොඩාක් ඔබ වටේ ඉන්න එක
ගැන සතුටු වෙන්න."

"අයියගෙ හැකියාව ගැන ආඩම්බර වෙන්න.තව කෙනෙක්ට තමන්ගෙ
කරගන්න හොරකම් කරන්න හිතෙන තරමටම ඒක වටිනවා."

මගේ නිර්මාණ අගය කරන ඔයාලගෙ මේ වචන ටික මට ගොඩක් වටිනවා. ඒක මට ලොකු ශක්තියක්...බොහොව ස්තුතියි නැවතත්..

 

මොනවා උනත් ඇය කරලා තියෙන දෙයනම් ඉතාම වැරදි දෙයක්. අමු අනුවට කෙනෙක්ගෙ හදවතක් හොරකම් කලා වගේ. මොකද නිසදැසක් හෝ කවියක් අපි ලියන්නේ අපේ හදවත් දිග හැරලා...

ඉදිරියෙදී මේ වගේ දේවල් නොවේවා කියලා අපි හිතමු. මොකද එහෙම නැති උනොත් ලියන්න ඕන දේත් ලියන දේත් අපිට එපා වෙලා යාවී....

 

මෙහෙම උනොත්, ලස්සන අදහස්, ලිපි...බ්ලොග්ස් වලින්..එලි දකින එක නතර වේවි. හැමෝම මේ දේ කරන්න ගියොත්, නිර්මාණකරුවන්ට දැනෙන වේදනාව...මොන තරම්ද...

අනුන්ගේ දේ අගය කරන්න, එහි ඇති වැදගත් දේ හිතට ගන්න.
ඒ ඇරුනාම, කවදාවත් ඒවා කොපි කරන්න යන්න එපා.
මේ වැරැද්ද සිදු කරපු කෙනාගෙන් මම ඉල්ලන ඉල්ලීම..මේකයි.

 

Copy karanne lassa hindane..so you dont care...go 4rward with ur talent..it is awsome

 

මං පිලිගන්නවා වැඩේ වැරදි කියලා

 

@ K
හරි මේ ඇත්තටම ඔබනම් වැරැද්ද අවංකවම පිලිගත්තනම් අපට ඒ ඇති. නමුත් මේ ඇත්තටම කාංචනා වඩුගේ කියන ඔබමනම් ඇයි ඇනෝ කමෙන්ට් එකක් දැම්මෙ කියලා හිතන්න ඕන....කොහොම උනත් කමක් නෑ ආයෙ මේ වගේ වැඩ එපා.....

@ නිල් අහස & Unmada
අදහස් වලට ස්තුතියි යාලුවනේ... මං හිතන්නෙ අදාල කෙනා සමාව අරගෙන...

 

සම්පූර්ණයෙන්ම වැරදියි..

 

කැත වැඩක් . . ඒත් කොහොම ඕක නතර කරන්නද . . ?සැලෙන්න එපා මලේ . . ඔයා දිගටම ලියන්න . .

 

@ දුකා
දැන්නම් එයාගෙ බ්ලොග් එකත් අයින් කරලා අයියේ.....

 

කවුද අනේ අපේ අයියාට මෙහෙම වැඩක් කළේ....මාර ජරා වැඩක්....හැබැයි මට පේන්නේ එයා අපේ චන්දික අයියාට ලව් වගේ....පිළිතුරු කවියක් වගේ ලියලා තියෙන්නේ...අර හිත ගොළු වෙලා කියලා.....මේක බ්ලොග් සංසදය තුළ සාමාජික බ්ලොග් අඩවියක් නම් අපිට ඒක වී අයි පී සහෝදරවරුන්ට දැනුම් දෙන්න හැකියි නේද? පොඩි අවුලකට තියෙන්නේ.. දැන් ඒ බ්ලොග් අනුකරණිය හෝ අනු කරණයා එතන සොරි කියලා දාලා යන්න ගිහින්....

 

Post a Comment