හිතට වේදනාවක් තනිකමක් දැනුනම කොල කෑල්ලක් අරගෙන මොනවා හරි කුරුටු ගාන එක තමයි මගේ පුරුද්ද වෙලා තිබුණෙ. මගේ සටහන් ලියන පොත් වල අනන්තවත් ඒ වගේ කුරුටු ගාපු තැන් තියෙනවා. සමහරු නම් මට විහිලු කලා. මං හරි බොලදයිලු, ඔය වගේ දාහක් දේවල් කීවා. සමහර විට ඒ නිසාම වෙන්න ඇති මගේ ඒ වැඩේ නැවතුනේ.
ඒ වුනත් මං හිතනවා මං ආයෙත් ඒ දේ පුරුදු වුනොත් හොදයි කියලා. මගේම ජීවිත අත්දැකීම් ගොඩක් එකතු කරලි තාමත් මා ලග පරිස්සමින් තියෙනවා. ඒවා කියවපු කීප දෙනෙකුගේ ඉල්ලීම නිසා මට හිතෙනවා ආපහු ලියන්න පටන් ගන්න ඕන කියලා.
අපි මේ ලොකේ බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපෙන් ඈතට ඇදිලා යනවා. ආයේ කවමදාවත් ලං කරගන්න බැරි වෙන විදියට. ඒ වෙලාවට හිතට දැනෙන වේදනාව දරා ගන්න බැරි වුනත් ඒ වේදනාවන් අස්සසෙන් මතකෙට ගලාගෙන එන අතීත සුන්දර මතකයන් අර වේදනාව අතරින් ගලාගෙන යද්දි පුංචි සහනයක් දැනෙනවා. ජීවිතේ ලබා ගන්න උත්සහ කරපු ගොඩක් දේවල් එකින් එක ගිලිහිලා යද්දි ඒ වෙනුවෙන් ඇස්වලින් ගලන කදුලු නවත්තන්න හුගක් උත්සහ කරන්න වෙනවා නේද? එහෙම දවසටත් අඩන්නනෙ නැත්තම් කදුලු වාවගන්න පුලුවන්නම්.....
ඒත් එහෙම ඉන්න අමාරුයි. අන්න ඒ වගේ වෙලාවට ලෝකෙට හොරෙන් හරි අපි අඩනවා. උඩින් ලෝකෙට පේනන හිනාවෙලා වැඩියෙන්ම සතුටින් ඉන්නවා කියලා පිටට පේන අය තමයි හිතේ ලොකු දුක් ගංගාවල් පුරවගෙන කාටවත්ම නොකියා ඒ දුක තනියම උහුලගෙන ජීවත් වෙන්නෙ. හුගක් වෙලාවට ඒ තමන් වෙනුවෙන් නෙමෙයි. වෙන කාගෙ හරි යහපතක් වෙනුවෙන්. ගොඩක් ආදරය කරපු අය දාලා යන්න උනාම එහෙම දාලා යන්න බැරුව, කෑ ගහලා අඩන්න ඕනෙ වුනත් එහෙම කරන්න බැරි අය අනන්තවත් මේ ලෝකෙ ඉන්නවා. ඒත් එයාලා ලෝකෙට හොරෙන් මහා කදුලු ගංගාවල් හලනවා තමන්ගෙ දුක තුනී කරගන්න.

ඉතින් එන්න. අපි අපේ අත්දැකීම් බෙදාගනිමු.
2 ඔබගේ අදහස..:
ජීවිතේ තමන් ආස කරන හැම දේම ලැබුණ කෙනෙක් තමන් ආස කරන ආදරේ එයාට නොලැබීම ගැන එයා දුක් වෙනවා.... ඒ ආදරෙන් එයා ඈත් වෙන්න තීරණය කලා... ඒ එයාගෙ රත්තරං අම්මයි තාත්තයි වෙනුවෙන්...අනේ ඒත් ඒ ආදරේ හැමදාම එයාගේ හිතේ තියේවි..... මට ඔයාලා කියන්න එයා කලේ වරදක්ද කියලා...?
ජීවිතයේ හැම පුංචි දේටම වටිනාකමක් දෙන්න පුලුවනි නම්... කිසිම දෙයක් නොලැබෙනවට වඩා ලද දෙයින් සතුටු වෙන්න පුලුවනි නම් ඒ තමයි සුන්දර ජීවිතය....
Post a Comment