ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

රන් දහඩිය විකුණාලා......

විජය කුමාරතුංගයන් ගයන ලද ගීත අතලොස්ස අතරින් තවත් එක් සුවිශේෂි ගීතයක් තමයි සහරාවේ සිහිනය නැමැති චිත්‍රපටයට ඔහු ඇතුලු පිරිස ගයන "රන් දහඩිය විකුණාලා" නැමැති ගීතය.
මෙම ගීතය සඳහා හොඳම ගායකයාට පිදෙන සම්මානය පවා එම වසරේදී දිනාගන්නා ලද්දේ විජය කුමාරතුංගයන් විසින්. වර්ෂ 1990දී මුල් වරට තිරගත කරන ලද "සහරාවේ සිහිනය" එච් ඩී ප්‍රේමරත්නයන්ගේ අධ්‍යක්ෂණයක්.

මේ ගීයට අමතරව "වලාකුලක් ගෙන" නැමැති ගීතයක් මෙම චිත්‍රපටයේම ගීයක්.
(මේ ගීතය අන්තර්ජාලයේ සොයාගන්න තරමක් අපහසු ගීයක්. අවශ්‍ය කෙනෙකුට ගීතය ලබාදියහැකියි.)


රන් දහඩිය විකුණාලා
රන් කහවනු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා...//

ලසෝ තැවුල් දුක් නිවන්න සහරාවේ දකින සිහින
මවුබිමේදි සැබෑ කෙරේවි....
පිලිසරණක් නැතිව දුකින් මංමුලාවු මිතුරන් වෙත
වාසනාව ලඟාකෙරේවි..../

රන් දහඩිය විකුණාලා......

යලි උපදින හෙට සවසේ දුක දොම්නස උරුම නොවේ
සතුටු සිනා ගඟ උතුරාවී....
සත් මහලින් බැඳි මාලිග ඉදි නොවෙතත් අපේ ලොවේ
අඳුරු සිතට එලිය වැටේවි...../

රන් දහඩිය විකුණාලා......