ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

(පරා)ජය

පින්තූරය ගත්තේ මෙතනින්
වසන්තයේ පෑල දොරකඩින්
නික්ම යන්නට තතනද්දී
දිටී ඔහු තව නොපිපි කැකුලක්
නේක බඹර තුඩු වැදී
මුකුලිතව ගිය කුසුම් ගොමුවේ....


ලොබ බඳියි සිත දෙගෙඩියාවෙන්
හැරපියා යනු නොහැකි සඳ හෙට
එක්ව යන්නට හඬගසනු බැහැ
කෙලෙස නම් ඇය දුරක් යන්නද
දෙදෙන දෙමගක යොමු වුණාවේ....!!

උපාධිය

පින්තූරෙ මෙතනින්

අවුරුදු වලින්ම හතරක්
සතියකට වියදම දාහක්
වන්දනාවක් වගේ ගමනක්
දෙනවලු අපිටත් උපාධියක්.....

අල්මාරිය පුරෝලා පොත්
කොම්පීටරේ ඩිස්ක් ෆුල්
ලිවුවලු එක්සෑම් හත අටක්
හොයපියව් දැන් ඉතින් ජොබ්!!

සමනල වැව් බිමේ ශෝකාන්තය


සමනල වැව ආයෙත් හිඳිලා
ආදර කඳු පහසින් තෙමී
වැව් තෙරට ගලා අවුදින්
සමනලිය සුන්දර කෙරූ
හිරිකටුඔයේ ආදර දියකඳ අද නෑ....

හරියට නුඹේ හිතත් ඒ වාගේ
වැව් තෙර හිඳ එදා
දියරැලි නැගෙනයුරු බලා
මිමිණු සුපෙම් හසරැල්
සෙනේ ගඟ වියලිලා
වැවි බිම සේම මා හද ඉරිතලා
වියලි වැව්තලේ හිඳිමි අද තනිවෙලා....
අනෝරා වැසි වැටී
පුරවාවි සමනලිය හෙට
පෙර සේම රැලි නැගේවි
එහෙත් මම??

නිවන් දකින්නට කලියෙන් ආයෙ හමුවෙමු!!!!


ඊයේ උදේ හසියා මට එවපු SMS එකකින් කියවුනේ කවදාවත්ම අහන්න බලාපොරොත්තු වන දෙයක් නෙමේ. අපේ සහෘද ඉලන්දාරි සහෝ උඹ අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳලා දාල යන්න ගිහින් කියල. ඒ පණිවිඩේ දුටු ගමන් මොහොතකට ගල් ගැහුණෙ කිසි දෙයක් හිතාගන්න බැරුව. අපි හැමෝම පතපු විදියට උඹව ගොඩදාන්න කැපවුනු, මහන්සි වනු හැමෝගෙම ඇස් වලට කඳුලු විතරක් ඉතුරු කරල අන්තිමට උඹ ඔහොම යන්න යාවි කියල අපි කවදාවත් හිතුවෙ නෑ. ඒත් අන්තිමට උඹ නොකියම යන්න ගියා. ආයෙත් දවසක නිවන් දකින්නට කලින් ඇවිත් යන්න වරෙන්!!!

මුවේ රැඳුනු සිනා
කඳුලු ගංගාවක් කොට
නෙතු අගින් ගලා යන දවසේ.....
එදා අප එක්ව ඇවිද ගිය සැමරුම්
මතකයන් ගොන්නක්ව 
වැලපේ....
අප සේම නුඹ පැතූ ලොව හැර දා
නිවන් යන්නට කලින් ආයේ....
තවත් දවසක එක්ව හිනැහෙමු
එතෙක් 
සුභ ගමන් මිතුරේ....